ක්ෂීරපායී උපකුලය From Wikipedia, the free encyclopedia
ෆෙලිනේ යනුවෙන් හැඳින්වෙන්නේ ෆෙලිඩේ කුලයට අයත් උපකුලයකි. මෙයට ඇතුළත් වන ගණ සහ විශේෂ පහත ලැයිස්තුවෙහි දැක්වේ.[2] මින් බොහෝ සාමාජිකයන් කුඩා සිට මධ්‍යම ප්‍රමාණය දක්වා වන බළලුන් වුවත්, මෙම කාණ්ඩයට කෝගර් සහ චීටා වැනි ඇතැම් විශාල සත්ත්වයින් ද ඇතුළත් වේ.[1] ෆෙලිනේ උපකුලයට අයත් ආදිතම වාර්තාව වර්ෂ මිලියන 9කට පෙර (Mya), පසුකාලීන මියෝසීන යුගයේ බටහිර යුරේසියාවේ විසූ Felis attica හා සම්බන්ධ යැයි විශ්වාස කෙරේ.[3]
ෆෙලිනයෝ[1] කාලීන ව්‍යාප්තිය: මියෝසීන–හොලොසීන, | |
---|---|
ජගුවරන්ඩි (Herpailurus yagouaroundi)[2] | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
Kingdom: | Animal |
වංශය: | Chordate |
ගෝත්‍රය: | Carnivora |
Suborder: | Feliformia |
කුලය: | Felidae |
උපකුලය: | ෆෙලිනේ
|
Type genus | |
Felis ලිනේයස්, 1758 | |
ගණ | |
† = නෂ්ට වූ | |
දේශීය ෆෙලිනේ ව්‍යාප්තිය |
ෆෙලිඩේ බළලුන් ප්‍රධාන පෙළපත් දෙකකට බෙදා වෙන් කෙරේ: එම පෙළපත් දෙක වන්නේ ෆෙලිනේ සහ පැන්තරිනේ උපකුලයන්ට අයත් විද්‍යාමාන බළලුන් අයත් කේතු-දතැති බළලුන් සහ නෂ්ට වූ වකුටු උල්-දතැති බළලුන් (Machairodontinaeහි සාමාජිකයන්) ය. ඇතැම් අධිකාරීන් වෙතින් සියලු කේතු දතැති බළලුන් ෆෙලිනේ උපකුලයට බෙදා දක්වන්නේ මූලික බෙදීම පෙන්වීමටයි. එහිදී පැන්තරිනේ සහ ෆෙලීන බළලුන් සඳහා පිළිවෙලින් පැන්තරීනි සහ ෆෙලීනි යන වරිග භාවිතයට ගැනේ.[4][5] ෆෙලීනි වරිගය විෂයයෙහි දී, එය මෙම ලිපියෙහි භාවිත ෆෙලිනේ හා සමරූපී බැව් සලකන්න.
|
|
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.