From Wikipedia, the free encyclopedia
2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්රහාරය යනු එම වසරේ මැයි 26 දිනදී, කොළඹ සිට පානදුර දක්වා ධාවනය වෙමින් තුබූ මගී දුම්රියක පුපුරා ගිය (දෙහිවලදී), පාර්සල් බෝම්බ ප්රහාරයකි. බෝම්බ ප්රහාරය නිසා දුම්රිය මගීන් 9 දෙනෙකුට සිය ජීවිත අහිමි වූ අතර, තවත් 67 දෙනෙකුට තුවාල සිදු විය. එල්ටීටීඊ (LTTE) සංවිධානය විසින් මෙම ප්රහාරය සිදු කරන ලදී.[1][2]
2008 දෙහිවල දුම්රිය බෝම්බ ප්රහාරය 2008 Dehiwala train bombing | |
---|---|
ස්ථානය | දෙහිවල, කොළඹ, ශ්රී ලංකාව |
දිනය | 2008 මැයි 26 16:55 (UTC+5:30) |
ප්රහාර මාදිලිය | පාර්සල් බෝම්බ ප්රහාරය |
මරණ | 9 |
තුවාලකරුවන් | 67 |
අපරාධකරුවෝ | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
මෙම ප්රහාරය පළිගැනීමක් වශයෙන්, එල්ටීටීඊ ය විසින් සිදු කල ප්රහාරයක් යැයි WSWS විසින් ප්රකාශ කරන ලදී.[3]
2008 ජුනි 4 වන දින පැය 0710 ට පමණ, දෙහිවල සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන අතර පිහිටි මෙම දුම්රිය මාර්ගයේම අටවා තිබූ බෝම්බයක් මගී දුම්රියක ගැටීමෙන් පුපුරා ගිය අතර, ඉන් සිවිල් වැසියෝ 24 දෙනෙකුට තුවාල සිදුවිය.[4]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.