2008 පිළියන්දල බස් බෝම්බ ප්රහාරය
From Wikipedia, the free encyclopedia
2008 පිළියන්දල බස් බෝම්බ ප්රහාරය යනු එම වසරේ අප්රියෙල් 25 වන දිනදී, පිළියන්දල මගී ප්රවාහන බස් රථයක් තුල, එල්ටීටීඊ ත්රස්තවාදීන් විසින් ක්රියාත්මක කරනු ලැබූ මාරාන්තික පාර්සල් බෝම්බ ප්රහාරයකි. ප්රහාරයෙන් පුද්ගලයෝ 26 දෙනෙකු මියගොස් තවත් 64 දෙනෙකු තුවාල ලැබූහ.[2] එම වසරේ අප්රියෙල් 6 වන දින වැලිවේරියට එල්ල කල මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයෙන් අනතුරුව, එල්ටීටීඊ ය විසින් සිවිල් වැසියන් ඉලක්ක කොට ගෙන සිදුකරන ලද, ඊලඟ මාරාන්තික ප්රහාරය මෙම පිළියන්දල බස් බෝම්බ ප්රහාරයයි.[3]
Quick Facts 2008 පිළියන්දල බස් බෝම්බ ප්රහාරය, ස්ථානය ...
2008 පිළියන්දල බස් බෝම්බ ප්රහාරය 2008 Piliyandala bombing | |
---|---|
ස්ථානය | පිළියන්දල, කොළඹ, ශ්රී ලංකාව |
දිනය | 2008 අප්රියෙල් 25 18:45[1] (UTC+5:30) |
ප්රහාර මාදිලිය | පාර්සල් බෝම්බ ප්රහාරය |
මරණ | 26 |
තුවාලකරුවන් | 64 |
අපරාධකරුවා | දෙමළ ඊළාම් විමුක්ති කොටි |
Close
රජයේ හමුදාවන් විසින් ශ්රී ලංකාවේ උතුරු පළාත තුල, එල්ටීටීඊ ත්රස්තවාදීන්ට එරෙහිව සිදු කරන මෙහෙයුම් දැඩි කර තිබූ අවස්ථාවක, මෙම ප්රහාරය එල්ල විණි.[4]