2015 අන්කරා බෝම්බ ප්‍රහාර
From Wikipedia, the free encyclopedia
2015 ඔක්තෝබර් 10 සෙනසුරාදා දේශීය වේලාවෙන් පෙ.ව.10:04 ට (නැගෙනහිර යුරෝපීය ගිම්හාන වේලාව) තුර්කියේ අන්කරා අගනුවර, අන්කාරා මධ්‍යම දුම්රිය ස්ථානය අසල බෝම්බ දෙකක් පුපුරුවා හරින ලදී. ඔක්තෝබර් 16 දින වන විට වාර්තා වී තිබූ මරණ සංඛ්‍යාව 102ක් වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 400 ඉක්මවයි. මෙම ප්රහාරයන්ගේ ඉලක්කය බවට සැකකරන්නේ Confederation of Progressive Trade Unions of Turkey (DİSK), Union of Chambers of Turkish Engineers and Architects (TMMOB), Peoples' Democratic Party (HDP), Turkish Medical Association (TTB) සහ Confederation of Public Workers' Unions (KESK) යන සංවිධාන එක්ව සංවිධානය කල "ශ්‍රමය, සාමය සහ ප්රජාතන්ත්රවාදය" ( "Labour, Peace and Democracy") නමැති විරෝධතා රැලියයි. මෙම විරෝධතා රැලිය සංවිධානය කර තිබුනේ තුර්කි සන්නද්ධ හමුදා සහ බෙදුම්වාදී 'කුර්දිස්ථාන් කම්කරු පක්ෂය' (PKK) අතර වර්ධනය වෙමින් පවතී අර්බුධයට එරෙහිවය. මෙම බෝම්බ ප්‍රහාර එල්ල වූයේ නොවැම්බර් 1 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ තුර්කි මහමැතිවරණයට දින 21 කට පෙරය.
- "Ankara Bombing death toll rises to 102: Chief Public Prosecutor's Office". Hürriyet Daily News.
2015 අන්කරා බෝම්බ ප්‍රහාර | |
---|---|
ස්ථානය | අන්කාරා මධ්‍යම දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ය |
ඛණ්ඩාංක | 39.9364°N 32.8438°E / 39.9364; 32.8438 |
දිනය | 2015 ඔක්තෝබර් 10 පෙ.ව.10:04 (නැගෙනහිර යුරෝපීය ගිම්හාන වේලාව) |
ඉලක්කය | විරෝධතාකරුවෝ |
ප්‍රහාර මාදිලිය | මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, සමූල ඝාතනය |
මරණ | 102[1] |
තුවාලකරුවන් | 400+[2] |
සැකකෙරෙන අපරාධකරුවෝ | Yunus Emre Alagöz (identified)[3] Ömer Deniz Dündar (alleged)[4] |