යුරෝපය ලෝකයේ මහාද්වීප හතෙන් එකක් වන අතර එය යුරේසියාවේ බටහිර අර්ධද්වීප කොටසේ පිහිටා ඇත. එය ආසියාවෙන් වෙන් වන්නේ යූරල් කඳු, යූරල් ගඟ, කැස්පියන් මුහුද, කොකේසස් ප්‍රදේශය සහ කළු මුහුද මගිනි[1]. යුරෝපය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින් මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින් කළු මුහුදින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.

Quick Facts භූමිප්‍රමාණය, ජනගහණය ...
Thumb
භූමිප්‍රමාණය10,180,000 කිමී2 (3,930,000 වර්ග සැත)
ජනගහණය731,000,000 (2009, 3 වැනියා)
ජනගහණ ඝණත්වය70/කිමී2 (181/වර්ග සැත)
ජාතිකත්ව නාමයයුරෝපීය
රටවල්50
භාෂාList of languages
වේලා කලාපUTC සිට UTC+5 දක්වා
අන්තර්ජාලය TLD.eu (යුරෝපා සංගමය)
විශාලතම නගරList of cities
Close

යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා රුසියාව ද කුඩාතමයා වතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.

මූලාශ්‍ර

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.