From Wikipedia, the free encyclopedia
ජිමී වේල්ස් සිය සගයින් සමග එක්ව 2001 ජනවාරියේදී විකිපීඩියා විශ්වකෝෂය ඇරඹියේය. ඉන් නවමසක් ගත වන විට විශ්වකෝෂයට ලේඛන දසදහසක් එක්වුණි. 2003දී ලක්ෂයකි. 2004දී දසලක්ෂයකි. මේ සියල්ල ලියන්නේ ලෝකයේ නන් දෙස සිටින නොයෙක් තරාතිරමේ අයයි. ඕනෑම කෙනෙකුට විකිපීඩියාවේ ඇති දේ සංස්කරනය කරන්නට පුළුවන අලුතින් දේ එක් කරන්නට පුළුවන. එය කිසිවෙක් පාලනය කරන්නේ නැත. මෙසේ විකිපීඩියාව දෙස බලාගෙන එයට ලියමින් සිටින පනස් දහසක් සෙනෙග නන් දෙස සිටිති. ඉන් පහලොස් දහසක් දෙනා ස්වෙච්ඡාවෙන් විකිපීඩියාවට එක්වී නිතරම එහි සංයුතිය ගැන සොයති. මින් තුන්දහසක් දෙනා මාස්පතා මෙහි ඇති ලේඛන නිවැරදි කරති. මේ නිවැරදි කිරීමේ වෑයමත් සමතුලනය වී තිබීම පමනක් ප්‍රමානවත් නැත. එය නිවැරදි පැත්තට හොදටම බරවී තිබිය යුත්තකි.
විකිපීඩියා වෙබ් අඩවිය කිසිදු ලෙසකින් වාණිජ පරමාර්ථයකින් ක්‍රියාත්මකවන වෙබ් අඩිවියක් නොවන අතර එය හුදෙක් ස්වෙච්ඡා අරමුණකින් මෙහෙයවනු ලබන වෙබ් අඩවියකි.
ජිමී වේල්ස් | |
---|---|
උපත | ජිමී ඩොන්ල් වේල්ස් අගෝස්තු 7, 1966 හන්ට්ස්විල, ඇලබාමා, එජ |
නිවහන | ලන්ඩනය, එංගලන්තය, එරා[1] |
වෙනත් නම් | ජිම්බෝ |
උගත් ශාස්ත්‍රාලය | ඕබන් විශ්වවිද්‍යාලය ඇලබාමා විශ්වවිද්‍යාලය ඉන්ඩියානා විශ්වවිද්‍යාලය බ්ලූමිංටන් |
රැකියාව | අන්තර්ජාල ව්‍යවසායක, පෙරදී මූල්‍ය වෙළෙඳ මහතෙක් |
තනතුර | විකියා, ඉන්කෝපරේටඩ් හි සභාපති (2004–වර්තමානය) විකිමාධ්‍ය පදනමෙහි සභාපති (ජූනි 2003 – ඔක්තොම්බර් 2006) ගෞරව සහිතව විශ්‍රාමික සභාපති, විකිමීඩියා පදනම (ඔක්තොම්බර් 2006–වර්තමානය) |
අනුප්‍රාප්තිකයා | ෆ්ලොරන්ස් ඩිවෝර්ඩ් |
මෙහි මණ්ඩල සාමාජික | විකිමාධ්‍ය පදනම ක්‍රියේටිව් කොමන්ස් සෝෂල්ටෙක්ස්ට් සන්ලයිට් පදනම (උපදේශක සභාව) සාමුහික බුද්ධිය සඳහා වන එම්අයිටී කේන්ද්‍රය (උපදේශක සභාව) සිවිලිනේෂන්[2] |
සම්මාන | පහත බලන්න |
වෙබ් අඩවිය | jimmywales.com/ |
එබැවින් එයට උපකාරයක් ලෙසින් සහ එහි පැවැත්ම උදෙසා මුදල් පරිත්‍යාග බලාපොරොත්තුවන බවට ජිමී වේල්ස් ඉල්ලීමක් කර තිබේ. ඔහු එම ඉල්ලීම කර ඇත්තේ http://wikimediafoundation.org වෙබ් අඩවිය ඔස්සේය.
ජිමී වේල්ස් ප්‍රකාශ කරනුයේ විකිපීඩියා වෙබ් අඩිවිය ආරම්භ කර වසර 10ක් මේවන විට ගතව ඇති බවය. එය මිලියන 400කට අධික පිරිසක් එක් මසකදී තොරතුරු ලබා ගැනීම වෙනුවෙන් පරිශීලනය කරනු ලැබේ.
අන්තර්ජාලය හා සම්බන්ධ වුණු පිරිසගෙන් හතරෙන් තුනක ප්‍රමාණයක්ම මෙම වෙබ් අඩවිය පරිශීලනය කරනු ඇත.
එමෙන්ම විකිපීඩියා ලොව ජනප්‍රියතම වෙබ් අඩවි අතර පස්වැනි ස්ථානයෙහි පසුවේ.
1966, අගෝස්තු 7 දිනදී, වේල්ස් උපන්නේ හන්ට්ස්විල්, ඇලබාමාහිදීය. ඔහුගේ පියා ජිමී,[3] සිල්ලර බඩු කඩ කළමනාකරුවෙකු ලෙසින් සේවය කළ අතර, ඔහුගේ මව ඩොරිස් සහ ඔහුගේ ආච්චි අර්මා, හවුස් ඔෆ් ලර්නිං,[4] නම්වූ තනි කාමර පාසැල් නිවසක සම්ප්‍රදායට අයත් කුඩා පෞද්ගලික පාසලක් පවත්වාගෙන ගිය අතර, වේල්ස් සහ ඔහුගේ සහෝදර සහෝදරීයන් තිදෙන ඔයුන්ගේ මුල් අධ්‍යාපනය ලැබුවේ එහිදීය.
චිකාගෝ, ඉලිනෝයිහී ඉදිරි ගණුදෙනු සහ විකල්ප වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක් වූ චිකාගෝ ඔප්ෂන්ස් ඇසෝසියේට්ස්හි රැකියාවක් ලැබුමට 1994දී වේල්ස් සමත් විය.
මුදල් උපැයීමේ මාර්ගයක් ලෙසින් සාර්ථකත්වයට පිවිසීමට බොමිස් අසමත් වුවද, ඔහුගේ ඉමහත්වූ ආශාවවූ මාර්ගගත විශ්වකෝෂයකට අවශ්‍ය මූලධනය සැපයීමට එය සමත් විය.
සැංගර් විසින් විකිපීඩියාව දුටුවේ, ප්‍රාථමික වශයෙන් න්‍යුපීඩියාව ප්‍රවර්ධනයට සහය කර ගත හැකි මෙවලමක් ලෙසින් වන අතර, වේල්ස්ට හැඟී ගියේ, ඔහු සිහින මවමින් සිටි සත්‍ය වශයෙන්ම සහයෝගී, දැණුම ඒකරාශී කිරීමේ නිදහස් උත්සාහය බවට පත් වීමේ හැකියාව විකිපීඩියාව සතු බවයි.
ඔහු විකිපීඩියාවේ එකම ආරම්භකයා වන බව, වේල්ස් තරයේ ප්‍රකාශ කර සිටි අතර,[6] සමාරම්භක ලෙස සැංගර්ගේ නම්කිරීම ගැන ඔහු විසින් ප්‍රසිද්ධයේ විරුද්ධත්වය පළ කළේය. 2001 සැප්තැම්බර් තරම් අතීතයෙහිදී ද නිව්යෝර්ක් ටයිම්ස් විසින් සැංගර් සහ වේල්ස් සමාරම්භකයන් විසින් නියම කොට දැක්වුනු අතර, 2002 ජනවාරි මසදී නිකුත් කෙරුණු විකිපීඩියාවේ පළමු පුවත් පත් නිවේදනයෙහිදී වේල්ස් සහ සැංගර් ආරම්භකයන් ලෙසින් නම් කෙරිණි. [7][8] එම වසරේ අගෝස්තු මාසයේදී, වේල්ස් විසින් තමාන් හඳුන්වාදුන්නේ විකිපීඩියාවේ "සමාරම්භක" ලෙසිනි. [9] තමන්ගේ පුද්ගලික වෙබ් පිටුවෙහි සැංගර් විසින් එක්රැස් කෙරුණු සබැඳි ගොන්නකින් සනාථ කෙරුණේ සැංගර් සහ වේල්ස් සමාරම්භකවරුන් යන තත්ත්වයයි.
{{cite journal}}
: Unknown parameter |coauthors=
ignored (|author=
suggested) (help){{cite book}}
: Unknown parameter |coauthors=
ignored (|author=
suggested) (help); Unknown parameter |separator=
ignored (help){{cite book}}
: Unknown parameter |coauthors=
ignored (|author=
suggested) (help); Unknown parameter |separator=
ignored (help){{cite book}}
: Unknown parameter |coauthors=
ignored (|author=
suggested) (help); Unknown parameter |separator=
ignored (help){{cite book}}
: Unknown parameter |separator=
ignored (help){{cite journal}}
: Unknown parameter |coauthors=
ignored (|author=
suggested) (help)Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.