භූමිප්‍රමාණය අනුව රටවල් හා පරායත්ත භූමිප්‍රදේශ නාමාවලිය
විකිමීඩියා ලැයිස්තු ලිපිය / From Wikipedia, the free encyclopedia
මෙය සම්පූර්ණ භූමි ප්‍රමාණය අනුව ලෝකයේ ස්වෛරී රටවල් ලැයිස්තුව වේ. සංඛ්‍යාන කටයුතු සඳහා, ස්වෛරී රාජ්‍යයන්ගෙන් වෙන්ව පරාධීන භූමිප්‍රදේශයන් ලැයිස්තුගත කොට ඇති අතර ඒවා ඇලකුරු මගින් දක්වා ඇත. අගයයන් නිරූපණය කරන්නේ, භූමි හා රට අභ්‍යන්තරයෙහි වූ ජල තලයන් (විල්, ජලාශ, ගංගා) සමන්විත සම්පූර්ණ වර්ගඵලයන් වේ. සමුද්‍රීය අභ්‍යන්තර ජලතල (වෙරළ සහිත ජලතල), දේශභූමික ජලතලයන් හා බහිෂ්කාර ආර්ථීක කලාපයන් ඇතුලත් කර නොමැත. විවිධ රටවල් ඇන්ටාක්ටිකාව (14.4 මිලියන කිමි² සම්පූර්ණ වර්ගඵලය) පිළිබඳව ඉදිරිපත් කරන අයිතිවාසිකම්ද එලෙසම ජනාශ්‍රිත නොවූ පරාධීන භූමිප්‍රදේශයන්ද ඇතුලත් කොට නොමැත. [1] ලෝකයේ මුළු භූමි ප්‍රමාණය 148,939,063 කිමී² වේ[තහවුරු කර නොමැත] (ලෝකයේ පෘෂ්ඨ වර්ගඵලයෙන් 29% ක් පමණ).
- මෙම ලැයිස්තුවෙහි චිත්‍රක අනුවාදය සඳහා, භූමි ප්‍රමාණය අනුව රටවල් ලැයිස්තුව (චිත්‍රක) බලන්න.
- පළමු මට්ටමේ පරිපාලන කොට්ඨාශ සමග ලැයිස්තු සඳහා, සම්පූර්ණ භූමි ප්‍රමාණය අනුව දේශපාලන හා භූගෝලීය උපකොට්ඨාශ ලැයිස්තුව බලන්න.
- යුරෝපීය සංගමය යනු සාමාජික රාජ්‍ය 27කින් සමන්විත ස්වයං වර්ගික උපරිජාතික සංගමයකි. එහි සම්පූර්ණ වර්ගඵලය 4,324,782 කිමී² [තහවුරු කර නොමැත] වන අතර, එය ඇතුලත් කලෙහි නම් 7වන ස්ථානයට අනුස්ථිතිය ලැබිය යුතු විය (ලෝකයෙහි මුළු භූමි වර්ගඵලයෙන් 3.0%). අනෙකුත් ස්ථිතීන් හා සමග ලැයිස්තුවක් සඳහා, වර්ගඵලය අනුව භූගෝලීය සමූහනයන් බලන්න.
මෙම ලිපිය පහසු කියැවීමට හා සැරිසැරීමට බාධා වන තරම් විශාලත්වයකින් යුක්ත වීමට ඉඩ ඇත. (අගෝස්තු 2011) |