සංගීතය
From Wikipedia, the free encyclopedia
සංගීතය යනු මාධ්‍ය ශබ්දය වන කා ආකාරයකි. සංගීතයේ මුලික අංග වන්නේ අන්තරාලය (තාලය හා ස්වර මාදුර්යය පාලනය කරන), රිද්මය (එය තාවේගය හා සංන්දානය යන සංකල්ප සමග සම්බන්ධවේ), ගතිකය හා ස්වර ගුණය හා වයනයේ ධ්වණි තත්ත්වයයි. මෙම වදන ව්‍යුත්පන්න වුයේ Muses යන ග්‍රීක වදනෙනි. 1600 ට පෙර ලිඛිත සංගීතය තුල එය වාදනය ට අවශ්‍ය වාද්‍ය භාණ්ඩ මොනවාදැයි සඳහන් නොවුණි. සියවසකට පෙර සංගීතය රචනා කළෝ එහි කුමන පේලිය සංධ්වනිගත විය යුතුද හෝ භාණ්ඩ මගින් වාදනය විය යුතුදැයි සෑම විට ම සඳහන් නොකළෝ ය. එමෙන් ම රචිත සංගීතය වාදනය කළ යුත්තේ කුමන සප්තකය තුලදැයි යන්න ද සෑම විටම සඳහන් නොවුනි. රිද්මය පිළිබඳ සඳහන් දිවෙන්නේ 1200 තරම් අතීතයකට පමණි. එමනිසා මධ්‍යතන හා පුනරුද සමයේ සංගීත වාදනය කරන නූතන සංගීතඥයෝ අතර අනුමාන බහුලය. කෙසේ වුවද පුනරුද සංගීතඥයෝ ද්විදිශය තූර්යසංවාදය පිළිබඳ සුවිශේෂී ලෙස පුහුණුව ලැබූවන් විය යුතු අතර එමගින් සංගීතය කියවීම සඳහා අවශ්‍ය අමතර කරුණු ලබාගත්තා විය හැක.
20 වන සියවසේ මුල් භාගයේ සිදුවූ සංගීත පිබිදීමත් සමග ඉතිහාස ආවේදිත රඟදැක්වීම් හෙවත් පවතින ලිඛිත හා වෙනත් සාධක ආශ්රයෙන් මුල් සංගීතයට හැකිතාක් සමාන ව සංගීතය ප්‍රතිනිර්මාණය කිරීම මුල් කාලීන සංගීතය වර්තමානයේ ඉදිරිපත් කිරීම සඳහා බොහෝ ඉවහල් විය.