පබ්මෙඩ් සෙන්ට්‍රල්
From Wikipedia, the free encyclopedia
පබ්මෙඩ් සෙන්ට්‍රල් (ඉංග්‍රීසි: PubMed Central, PMC) යනු biomedical සහ life sciences ජ'නල් වල ප්‍රකාශයට පත් කරන ලද, නිදහස් ලෙස ප්‍රවේශ විය හැකි full-text scholarly articles ගබඩාකොට ඇති ලේඛනාගාරයක් වේ. National Center for Biotechnology Information (NCBI) මගින් සංවර්ධනය කරන ලද ප්‍රධාන research database එකක් වන මෙය හුදු ලේඛන ගබඩාවක් පමණක් ම නොවේ. PMC වෙත කරන ඉදිරිපත් කිරීම් අනන්‍ය හැඳුනුම් භාවිතයෙන් සුචිගත කරනු ලබයි.[1] PMC හි අන්තර්ගත වෙනත් NCBI ඩේටාබේස් සමඟ සම්බන්ධ කළ හැකි අතර Entrez search and retrieval systems හරහා පරිශීලනය කළ හැකි නිසා යමෙකුට මෙහිවන biomedical knowledge සොයාගැනීම සඳහා වන අවස්ථාව ඉතා ඉහල වේ.[2]
නිෂ්පාදක | United States National Library of Medicine (United States) |
---|---|
ඉතිහාසය | 2000 to present |
Access | |
පිරිවැය | නොමිලේ (Free) |
ආවරණය | |
Disciplines | Medicine |
Record depth | Index, abstract & full-text |
Format coverage | Journal articles |
සබැඳි | |
වෙබ්අඩවිය | https://www.ncbi.nlm.nih.gov/pmc/ |
තේමා ලැයිස්තු(ව) | https://www.ncbi.nlm.nih.gov/pmc/journals/ |
පබ්මෙඩ් සෙන්ට්‍රල්, PubMed හා සසැඳීමේදී වෙනස් වේ.[3] පබ්මෙඩ් සෙන්ට්‍රල් යනු සම්පූර්ණ ලිපි සඳහා වන නිදහස් ලේඛනාගාරයක් වේ. එයට ඕනෑම අයෙකුට වෙබ් බ්‍රව්සරයක් භාවිතයෙන් ප්‍රවේශ විය හැක. ලිපි නැවත භාවිතය සඳහා ද විවිද ආකාර ලබා දී ඇත. එනමුත්, පබ්මෙඩ් හි biomedical citations සහ abstracts සෙවීම් කළ හැකි වුවත් අදාල ලිපිය ඇත්තේ වෙනත් තැනක ය (මුද්‍රිත ලිපි හෝ මාර්ගගත, නිදහස් හෝ ගෙවීම් කළ යුතු).
දෙසැම්බර් 2018 වන විට[update], PMC ලේඛනාගාරය සතුව මිලියන 5.2 ඉක්මවා ලිපි පවතී.[4] පැරණි දත්ත අනුව 2013 ජනවාරි මස සිට 2014 ජනවාරි මස දක්වා වූ මාස 12 ක කාලය සඳහා ලිපි 103,000 ක් ඉක්මවා තැන්පත් කර ඇත.[5] PMC ලේඛනාගාරයට ලිපි ඉදිරිපත් කළ හැකි ජ'නල් 4,000 පමණ ඇතැයි සැළකේ.[6]
සමහර ප්‍රකාශකයන් විසින් තම ලිපි පබ්මෙඩ් සෙන්ට්‍රල් වෙත ලබාදීම යම් කාලයකට ප්‍රමාද කිරීම සිදුකරයි. මෙය "embargo period" ලෙස හඳුන්වන අතර ජ'නලයට අනුව එය මාස කිහිපයක සිට අවුරුදු කිහිපයක් දක්වා දිගු විය හැක (බොහෝ විට දැකිය හැක්කේ මාස හය සිට දොළහ දක්වා කාලයකි). බොහෝ ප්‍රකාශකයන් ගේ contributor agreements මගින් තහනම් කොට ඇති "systematic external distribution by a third party"[7] සඳහා පබ්මෙඩ් සෙන්ට්‍රල් හොඳම උදාහරණය කි.