වෙබ් අඩවි
From Wikipedia, the free encyclopedia
වෙබ් අඩවියක් යනු අන්තර්ජාල මූලලේඛයන්-පදනම් වූ ජාලයක් තුලදී පොදු වසම් ලිපිනයක් හෝ අන්තර්ජාල ලිපිනයක් අනුසාරයෙන් ඇමතෙන, එකිනෙක හා සබැඳී, වෙබ් පිටු, රූප, විදෘශ්‍ය (වීඩියෝ රූප) හෝ අනෙකුත් සංඛ්‍යාංක (ඩිජිටල්) සන්තකයන් සමුච්චයකි. අන්තර්ජාලය හෝ පෞද්ගලික පෙදෙසි ජාලය ඔස්සේ ප්‍රවේශ විය හැකි වෙබ් සේවාදායකයන් අඩුම වශයෙන් එකක් තුල වෙබ් අඩවියක් සත්කාරක කෙරේ.
වෙබ් පිටුවක් යනු, අදිපෙළ සලකුණු බස (HTML, XHTML) භාවිතයෙන් ලිවූ හැඩතල ගැන්වීම් උපදෙස්ද අතරින් පතර යෙදූ, සාමාන්‍ය වශයෙන් සරල පෙළක් භාවිතයෙන් ලියැවෙන, ලේඛයකි. අනෙකුත් වෙබ් අඩවියන්හී අංගයන්, සුදුසු සලකුණු බරුවන් භාවිතයෙන් වෙබ් පිටුවක් තුල අන්තර්ගත කල හැකිය.
වෙබ් පිටු වෙත ප්‍රවේශ වීම සහ ඒවා ප්‍රවාහනය කිරීම සිදුකෙරෙනුයේ අදිපෙළ මාරු මූලලේඛය (HTTP) භාවිතයෙන් වන අතර, වෙබ් පිටු අන්තර්ගතය පරිශීලනය කරන්නා හට ආරක්ෂාව හා පෞද්ගලිකත්වය සැපයීම සඳහා විකල්ප වශයෙන් සංකේතනය (HTTP සුරැකි, HTTPS) භාවිතයද සිදුකල හැකිය. බොහෝවිට වෙබ් බ්‍රවුසරයක් වන්නාවූ, පරිශීලක යෙදුම විසින් සිදුකෙරෙනුයේ, පිටු අන්තර්ගතය සලකා බලා, එහි HTML සලකුණු උපදෙස් අනුව ආන්ත සංදර්ශකයට විදැහුම් කිරීමයි.
පොදුවේ ප්‍රවේශ්‍ය විය හැකි සියළු වෙබ් අඩවි සමස්තය සමුච්චයක් ලෙසින් විශ්ව විසිරි වියමන සදයි.
මුල් පිටුව ලෙසින්ද හැඳින්වෙන, සරල ඒකාකාර සම්පත් නිවේශනයක් (URL) විසින්, සාමාන්‍ය වශයෙන් වෙබ් අඩවියක පිටු ප්‍රවේශනය කරනු ලැබේ. ඒවා අතර අඳිබැඳිවීම් විසින් පරිශීලකයාට අඩවි ව්‍යුහය ක් ප්රත්යක්ෂණය කරමින් කියවන්නා හට අඩවිය සංචාලනය කිරීමට ඉඩ සලසන නමුදු, සත්‍යවශයෙන්ම පිටු වල (URL)ලිපිනයන් ධුරානුක්රමිකව සකස් වේ.
සමහරක් වෙබ්-අඩවි වල අන්තර්ගතයේ මුළුමනින්ම හෝ එහි කොටසක් හෝ ප්‍රවේශනය සඳහා දායකත්වයන් අවශ්‍ය වෙයි. දායකත්වය අවශ්‍ය වන අඩවි සඳහා නිදසුන් අතර, බොහෝ ව්‍යාපාරික අඩවි බොහෝ ප්රවෘත්ති අඩවියන් හි කොටස්, ශාස්ත්‍රීය ජර්නල අඩවියන්, ක්‍රීඩා අඩවියන්, පණිවුඩ පුවරු, වෙබ්-පදනමැති විද්‍යුත්-තැපෑල, සේවාවන්, සමාජ ජාලකරණ වෙබ් අඩවියන්, සහ තථ්‍ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන් වෙති.