යුනික්ස් වර්ක් ස්ටේෂන් RISC වර්ක් ස්ටේෂන් හෝ ඉංජිනේරුමය වර්ක් ස්ටේෂන් වැනි වර්ක් එකක් යනු තාක්ෂනික හා විද්‍යාත්මක යෙදුම් සදහා නිර්මාණය කරන ලද උසස් ගණයේ පරිගණකයකි. මුලික ලෙසට වර්ක් ස්ටේෂන් තනා ඇත්තේ එක් වරකට තනි පුද්ගලයෙකුගේ භාවිතයට පමණක් වුවත් එය බහුලව පෙදෙසි ජාලයකට (LAN) සම්බන්ධ කර ඇති අතර එහි බහු පරිශීලක මෙහෙයුම් පද්ධති ධාවනය වේ.

Thumb
සන් SPARC ස්ටේෂන් 1+, 25MHz RISC සැකසුම 1990 මුල් භාගයේදී

ඓතිහාසිකව, විශේෂයෙන් චිත්‍රක හා CPU ජවය, මතක ධාරිතාව හා බහුකාර්ය හැකියාව සලකා බලන කල වර්ක් ස්ටේෂන් එකක් සාමාන්‍ය පරිගණකයකට වඩා වැඩි කාර්යය ඵලයක් ලබාදෙයි.

බොහෝ විට වර්ක් සටේෂන් විශේෂතාව 3D යාන්ත්‍රික සැලසුම් පරිගණකමය සරල ගණිතය වැනි ඉංජිනේරුමය අනුකරණ ප්‍රතිඵල, සජීවන හා අනුරු විදැහුම් කිරීම හා ගණිතමය වගු වැනි සංකිර්ණ දත්ත ප්‍රදර්ශණයට හා ක්‍රියාත්මක කිරීමට යෙදවේ. අවම ලෙස මෙය අධි විභේදන තිරයකින් යතුරු හුවමාරුවකින් හා මුසියකින් යුක්තය. නමුත් තිර කිහිපයක් සදහා සහය දෙන අතර බොහෝ විට ඇති වේගවත්ම අණු සකසු භාවිතා කරයි. සැලසුම් කිරීමට හා උසස් දෘෂ්‍ය කටයුතු සදහා චිත්‍ර ටැබ්ලට් හෝ ස්ලේස් බෝල් වැනි විශේෂිත ආදාන දෘඩාංග භාවිතා කරයි. වර්ක් ස්ටේෂන් පරිගණක වෙළද පොළේ සාකච්ඡා හැකියාව වැනි උසස් උපාංග හා සහයෝගි මෙවලම් සැපයිමේ මූලික කොටස වී ඇත.

සාමාන්‍යයෙන් පරිගණක වල කාර්යය සාධන ප්‍රවණතා වලට අනුව වර්තමාන පුද්ගලික පරිගණකයක් පරම්පරා එකකට හෝ දෙකකට කලින් තිබු ඉහළම තත්වයේ වර්ක් ස්ටේෂන් එකකටත් වඩා බලවත්ය. මුලින් ඉහළ ගණයේ පද්ධති අවශ්‍ය සංකිර්ණ ක්‍රියාවලි බොහෝමයක් අද සාමාන්‍ය භාවිත PC මගින් ඉටුකර ගත හැකි නිසා වර්ක් ස්ටේෂන් වෙළද පොළ වර්තමානයේදී බෙහෙවින් විශේෂීකරණයට භාජනය වී ඇත. කෙසේ වුවත් වර්ක් ස්ටේෂන් නිර්මාණය කර ඇත්තේ සැලකිය යුතු පරිගණක ජවයක් අවශ්‍ය වන අවස්ථා වලටය. එනම් සාම්ප්‍රදායික පරිගණක ඉක්මණින් ප්‍රතිචාර නොදක්වන තත්ත්වයට පැමිණේන නමුත් මේවා දිගටම භාවිතයට ගත හැකිව පවතින අවස්ථාය. වර්ක් ස්ටේෂන් හා PC අතර තාක්ෂණය සමාන වී ඇති නමුත් තවමත් අනුරූප PC කොටස් වල දක්නට නොලැබෙන විශේෂිත අංග රාශියක් වර්ක් ස්ටේෂන් වල දක්න‍ට නොලැබෙන විශේෂිත අංග රාශියක් වර්ක් ස්ටේෂන් වල ඇත.

වර්ක් ස්ටේෂන් යන වදන පර්යන්තයක් (terminal) හෝ ජාලයකයකට අද ඇති PC හැදින්වීමටද යොදා ගනු ලැබේ.


References

http://en.wikipedia.org/wiki/Workstation

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.