ජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකා

From Wikipedia, the free encyclopedia

ජාතික වෘත්තීය සුදුසුකම් ආකෘතිය, ශ්‍රී ලංකා
Remove ads


NVQ සහතිකය වැඩ කිරීමේ හැකියාව මත පිරිනමන සහතිකයකි.මෙතෙක් කල් සුදුසුකම් ලබා ගත හැකිවුයේ පාසලක හෝ පුහුණු මධ්‍යස්ථානයක පාඨමාලාවක් හැදෑරීමෙන් පමණී.නමුත් මෙම ක්‍රමය මඟින් වැඩ බිමද,කර්මාන්ත ශාලාවද,කාර්යාලයද අධ්‍යාපනය හා පුහුණුව ලබන ස්ථාන ලෙස පිළිගැනෙන අතර එසේ වැඩ කිරීම තුළින් ලබන නිපුණතාවය හා දැනුම මත NVQ සහතික ලබා ගත හැක.මේනිසා රැකියාව කරන අතර ක්‍රමයෙන් ඉහළ මට්ටමේ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට කාර්මික ශිල්පීන්ට අවස්ථාවක් ලැබෙනු ඇත."ජාතික නිපුණතා සම්මතය" ප්‍රසිද්ධ ලේඛනයක් වන හෙයින් එක් එක් NVQ සහතිකයට අදාළ දැනුම හා නිපුණතාවය පිළිබඳව සියලුම සේවා යෝජකයින් දැනුවත් වනු ඇත.

Thumb
Thumb
Remove ads

සැලසුම සහ ක්‍රියාත්මක කිරීම

ශ්‍රී ලංකාවේ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම, රජ්‍ය අංශයේ වු කාර්මික අධ්‍යාපන හා වෘත්තීය පුහුණු ආයතනය,නිපුණතා සංවර්ධන ව්‍යපෘතිය හා එක්ව වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යංශයේ මඟ පෙන්වීමට අනුව ජාතික වෘත්තීය සුදුසුකම් රාමුව යනුවෙන් මට්ටම් 7කින් යුත් ජාතික වෘත්තීය සුදුසුකම් රාමුවක් හඳුන්වාදීම සඳහා මුලික පියවරයන් මේවන විට ගෙන ඇත. දියුණු හා දියුණු වෙමින් පවතින රටවල් බොහොමයක් මෙම ක්‍රමය අනුව වෘත්තීය නිපුණතාවයන් වර්ගීකරණය කර එම ක්‍රමය භාවිත කරමින් පවතී.

Remove ads

NVQ මට්ටම

එක් එක් වෘත්තියට අදාළ කාර්යය පරාසය එම කාර්යන් ඉටු කිරීමෙහිලා අදාළ වන්නාවු දැනුම හා එම කාර්යය ඉටු කරන පුද්ගලයා හා සතුව පවත්නා ප්‍රමාණාත්මක හා ගුණාත්මක වශයෙන් පවතින වගකීම යන කරුණු මෙම සුදුසුකම්වල මට්ටම් 7 හඳුනා ගැනීම සඳහා සලකා බලා ඇත.

More information RQF/FHEQ මට්ටම, NVQ මට්ටම ...

1 වන මට්ටම -මුලික හා ආරම්භක හැකියාවන් ඇති ශිල්පීන්

2 වන මට්ටම -නිරන්තර අධික්ෂණය යටතේ ක්‍රියා කරන ශිල්පීන්

3 වන මට්ටම -සුළු මට්ටමක වු අධික්ෂණයක් යටතේ ක්‍රියා කළ හැකි ශිල්පීන්

4 වන මට්ටම -ස්වාධිනව කටයුතු කළ හැකි ශිල්පීන්

5 වන මට්ටම -සුපරීක්ෂක වරුන්

6 වන මට්ටම -කළමණාකරුවන්

7 වන මට්ටම -සැළසුම්කරුවන්

ජාතික වෘත්තීය මට්ටම් හඳුනා ගැනීම

(අ) එක් එක් වෘත්තීන්හි නියැලි නිපුණ ශිල්පීන් සුපරීක්ෂක නිලධාරීන් හා වෘත්තිකයන් එක්ව නිපුණතා සම්මතයන් සකස් කරනු ලබයි.නිපුණතා සම්මතය යනු යම් වෘත්තියකට අදාළ නිපුණතා ඒකක ඊට අදාළ අනු ඒකක එහි සම්මතයන් පරාසය,සතුවිය යුතු දැනුම හා හැකියාවන් අර්ථ දක්වා ඇති ලේඛනයක් වේ.

ආ) කර්මාන්තයේ පවතින රැකියා අවස්ථාවන්අනුව වෘත්තීන්ට අදාළ නිපුණතා හා ඒකක එකතු කොට වෘත්තීය සුදුසුකම් හදුනා ගැනෙනු ඇත.

Remove ads

NVQ ක්‍රමය ක්‍රියාත්මක කරන ආකාරය

(අ) මෙය තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.


(ආ) නිපුණතා සම්මත සැකසිය යුතු වෘත්තීන් තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය වෙත දන්වනු ලැබේ.ඉන්පසු අදාළ වෘත්තීන් සඳහා නිපුණතා ප්‍රමිතීන් තෝරාගත් සම්පත් දායක කණ්ඩායමක් මඟින් කෙටුම්පත් සාදනු ඇත.අදාළ පාර්ශවයන්,ප්‍රවීනයන්,වෘත්තීමය සංවිධාන හා මහජනතාව වෙත මෙම කෙටුම්පත් ඉදිරිපත් කොට ඒ පිළිබඳ ඹවුන්ගේ අදහස් ලබා ගැනීමෙන්ද අනතුරුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරිමේ අධිකාරියෙහි පවත්නා ජාතික කර්මාන්ත පුහුණු උපදේශන කමිටුව විසින් එය වලංගු කරයි.මෙම ලේඛනය තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව විසින් අනුමත කළ පසු එය ජාතික නිපුණතා සම්මතයන් ලෙස පිළිගැනේ.


(ඇ) ශ්‍රිලංකා ජාතික කාර්මික අධ්‍යාපන ආයතනය මඟින් පුහුණු කොට සහතික කිරීමෙන් අනතුරුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියෙහි ලියාපදිංචි වු ඇඟයීම්කරුවන් විසින් අදාළ නිපුණතාවයන් පිළිබඳව ඇගයීම් කරනු ලබයි.

(ඈ) ඇගයීම් වලට අනුව නිපුණතා මට්ටම් ලබා ඇති අය සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් විසින් අත්සන් කරන ලද ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකයක් නිකුත් කරනු ලැබේ.


(ඉ) නිපුණතා සම්මතයන් වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යංශයට අයත් ආයතන මඟින් පාලනය වන වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථාන වලදී පරිශීලනය කළ හැක.එහිදී එක් එක් වෘත්තී‍යේ NVQ මට්ටම් වලට අදාළ නිපුණතාවයන් දැනගත හැක.

NVQ සහතික ලබාගත හැකි මාර්ග


(අ)සුදුසුකම් වලට අදාළ නිපුණතා ක්ෂේත්‍රයන්හි සඳහන් වන කාර්යයන් නිපුණතා සම්මතයෙහි දැක්වෙන අන්දමට ඉටු කිරීමට හැකිබව සාක්ෂි සමඟ ඹප්පු කොට දැක්වීමට හැකිනම් සුදුසුකමට අදාළ NVQ සහතිකයක් ලබාගත හැක.මෙය පෙර දැනුම හැඳිනීම ලෙස හැඳින්වේ.(RPL)


(අ) ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය(NAITA) වෘත්තීය පුහුණු අධිකාරිය(VTA) හා ජාතික තරුණ සේවා සභාව (NYSE) යන ආයතන වල පුහුණු මධ්‍යස්ථානයකදී හෝ කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ කාර්මික විද්‍යාලයකදී සුදුසුකමට අදාළ නිපුණතා පාදක පුහුණු පාඨමාලාවකට සහභාගි වී විධිමත් පුහුණුවකින් අනතුරුව NVQ සහතික ලබා ගැනිමයි.

Thumb

RPL ක්‍රමය මඟින් NVQ සහතිකයක් ලබා ගැනීමට ඉදිරිපත් කළ යුතු සාක්ෂි

(අ) ප්‍රවීන අධීක්ෂණ නිලධාරියෙකු විසින් සහතික කරන ලද පුහුණුව / රැකියාවට අදාළ ලබාගත් නිපුණතාවයන් තහවුරැ කරන දෛනික වාර්තා

(ආ) තමාගේ නිර්මාණ හා වැඩ ආදර්ශන

(ඇ) තම නිපුණතාවයන් තහවුරැ කෙරෙන සේවා සහතික

(ඈ) වෘත්තියේ ප්‍රවීනයන් විසින් ඉදිරිපත් කරන නිර්දේශ

(ඉ) පුහුණුව/රැකියාවට අදාළ කාර්යයන් කෙරෙන ආකාරයන් පිළිබිබු වන දෘෂ්‍ය තැටි

(ඊ) කාර්යයන් කිරීම නිරීක්ෂණයට ලක්කිරීම

(එ) ප්‍රායෝගික/න්‍යයායික නිරික්ෂණ

Thumb

Thumb

Remove ads

NVQ සහතික පිරිනමක්නේ කවුද?

CBT පාඨමාලාවක් හදාරා ලබා ගන්නා NVQ සහතිකය තෘතීයික හා වෘතිතීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂජෙනරාල් හා පුහුණු ආයතන‍යේ අධ්‍යක්ෂ අත්සනින් පිරිනමනු ලැබේ.

රැකියාස්ථ පුහුණුව හෝ රැකියාව තුළින් ලබන නිපුණතාවය සඳහා RPL ඇගයීමේ ක්‍රමය අනුව ලබන සුදුසුකම සඳහා NVQ සහතික තෘතීයික හා වෘත්තීය අධ්‍යපන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් හා NAITA ආයතනයේ අධ්‍යක්ෂ අත්සනින් පිරිනැමෙනු ඇත.

NVQ ඇගයීම

NVQ ඇගයීමට සුදානම් වීම

මේ සඳහා පළමුව කළ යුත්තේ TVEC හෝ LRDC හෝ මඟින් වෘත්තියට අදාළ ජාතික නිපුණතා සම්මතයන් ලබා ගැනීමයි.ඔබ ලබා ගැනීමටඅවශ්‍ය වෘත්තීය සුදුසුකමට අවශ්‍ය නිපුණතාවයන් එහි දැක්වෙන අතර එම නිපුණතාවයන් ලබා ඇති බව තහවුරැ කිරීම සඳහා සාක්ෂි ඔබ විසින් ගොනු කළ යුතුවේ.


NVQ ඇගයීමක් සඳහා ඉල්ලුම් කිරීම


NAITA ආයතනයේ NVQ අංශයට ඉල්ලුම්පත් ඉදිරිපත් කළ යුතුවේ.එහිදී ඇගයීම් ගාස්තු NAITA ආයතනයෙන් දන්වනු ඇත.


NVQ ඇගයිමේ පියවර


(අ) NAITA විසින් ඔබගේ නිපුණතාවයන් ඇගයීම සඳහා ඇගයීම් නිලධාරියෙකු පත් කරනු ඇත.

(ආ) ඉන්පසු ඇගයීම් නිලධාරියා විසින් පෙර ඇගයීම් උපදෙස් ලබාදීම සඳහා ඔබට කැඳවීමක් කරනු ඇත.

(ඇ) ඉන්පසු ඇගයීම් නිලධාරියාගේ හා ඔබගේ එකඟතාවය මත පහසු දිනයකදී නිපුණතා පිළිබඳ සාක්ෂි,ලිපි ගොනු පරීක්ෂා කිරීම,ප්‍රායෝගිකව වැඩ කිරීම නිරීක්ෂණය කිරීම හා සාක්ෂි ප්‍රබල නොවන අවස්ථාවලදී ප්‍රායෝගික හා න්‍යායික පරීක්ෂණයක් පැවත්වීම සිදු කරනු ඇත.

Remove ads

NVQ ක්‍රමයේ වාසි


=== කාර්මික ශිල්පීන්ට


(අ) NVQ සහහතිකය පුහුණු සහතිකයක් නොවේ.එය ඔබ සතුව පවත්නා නිපුණතාවයන් තහවුරැ කෙරෙන සහතිකයකි.මෙම සහතිකය මඟින් අදාළ නිපුණතාවයඇති බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් තහවුරැ කරනු ඇත.

(ආ) පළපුරැද්ද, අද්දැකීම හා උනන්දුව මත අදාළ නිපුණතාවයන් ලබා ගැනීමෙන් මෙම රාමුවේ ඉහළ මට්ටම් වල ඇති සුදුසුකම් ලබා ගැනීමට හැකිවීම.

(ඇ) NVQ ක්‍රමය ජාත්‍යන්තර වෘත්තීය නිපුණතා ඇගයීමේ ක්‍රමයක් බැවින් විදෙස් රැකියා ලබා ගැනීමේ වැඩි ප්‍රවණතාවයක් ඇතිවීම.

(ඈ) නිපුණතා සම්මත වෘත්තීය ප්‍රවීනයන්ගේ දායකත්වයෙන් සකස් කරන හෙයින් එම නිපුණතාවයන් කර්මාන්තයේ සිදුකළ යුතු කාර්යයන් සමඟ ඉතා හොඳින් ගැලපේ.එම නිසා නිපුණතා සම්මතයන් මත පදනම් වු NVQ සහතිකලාභීන්ට රැකියා ලබා ගැනීමද වඩාත් පහසු වනු ඇත.

සේවා යෝජකයින්ට අත්වන වාසි


(අ) NVQ මඟින් සහතික කෙරෙන නිපුණතාවයන් කරමාන්තයට අවශ්‍ය නිපුණතාවන් සමඟ හොඳින්ගැලපෙන නිසා අවශ්‍ය නිපුණතාවයන්ගෙන් හෙබි කාර්මික ශිල්පීන් හඳුනා ගෙන ඔවුන් තම ආයතනයන්ට අනුයුක්ත කර ගැනීමටද වඩා පහසුවේ.

(ආ) NVQ සහතිකලාභීන්ට ඉහළ මට්ටමේ සුදුසුකම් ලබා ගැනීම සඳහා උනන්දු වීම නිසා කාර්ය මණ්ඩලය වඩ වඩාත් සේවයට කැපවීම හා උනන්දු වීම.

(ඇ) ආයතනයන් වෙත සේවා දායකයින් බඳවා ගැනීම,ඔවුන් වෙත උසස් වීම් ලබා දීම හා වැඩි වැටුප් ප්‍රදානය කිරීම සඳහා NVQ ක්‍රමය භවිත කළ හැකිවීම.


Remove ads

සාදා නිමකර ඇති ජාතික නිපුණතා සම්මත


1.පරිගණක දෘඪාංග ක්‍රියාකරැ

2.සම්භාණ්ඩ හා පාවහන් තැනුම් ශිල්පී

3.ශීතකරණ හා වායුසමීකරණ කාර්මික ශිල්පී

4.කාර්ය නිලධාරි-අධ්‍යයන

5.රූපලාවන්‍ය ශිල්පී

6.ගොඩනැඟිලි පින්තාරැ ශිල්පී

7.ගෘහස්ථ විදුලි උපකරණ පිළිසකර ශිල්පී

8.වඩු කාර්මික(ගෘහ භාණ්ඩ) ශිල්පී

9.විද්‍යුත් මෝටර් එතුම් ශිල්පී

10.වඩු කාර්මික(ගොඩනැඟිලි)ශිල්පී

11.වඩු කාර්මික (ගෘහ උපකරණ)

12.ස්වර්ණාභරණ ගල් බැඳුම් ශිල්පී

13.ජලනළ කාර්මික ශිල්පී

14.ගුවන් විදුලි රූපවාහිනී සහ ආශ්‍රිත උපකරණ අලුත් වැඩියා කරන්නා

15.පරිගණක ප්‍රකාශන ශිල්පී

16.ලෝහ පිරිසැකසුම් ශිල්පී

17.ඇලුමිනියම් පිරිසැකසුම්කරු

18.ස්වර්ණාභරණ සාදන්නා

19.පර්ගණක ජාල කාර්මික ශිල්පී 20.පරිගණක චිත්‍ර

21.යන්ත්‍ර ශිල්පී

22.විදුලි කාර්මික ශිල්පී

23.මෝටර් පින්තාරැ ශිල්පී

24.පරිගණක යෙදවුම් සහායක

25.කම්බි නැවුම් ශිල්පී

26.ආයුධ සහ අච්චු තැනුම් ශිල්පී 27.මෝටර් රථ කාර්මික ශිල්පී

28.මෝටර් සයිකල් කාර්මික ශිල්පී

29.අධිවේගී මහන මැෂින් ක්‍රියාකරු

30.කොණ්ඩා මෝස්තර ශිල්පී

31.පෙදරේරැ කාර්මික ශිල්පී

32.බේකරි ශිල්පී

33.මෝටර් රථ විදුලි කාර්මික ශිල්පී

Thumb

34.ලිත්‍රෝ යන්ත්‍ර මෙහෙයුම් ශිල්පී

35.පෑස්සුම් ශීල්පී

36.වායු කාර්මික ශිල්පී

37.ගබඩා භාරකරු

38.තේ කර්මාන්ත ශාලා යාන්ත්‍රික ශිල්පී

39.රබර් පෑස්සුම් යන්ත්‍ර ක්‍රියාකරු

40.කර්මාන්ත ක්ෂේත්‍රයේ ජලනළ කාර්මික ශිල්පී

41.ප්ලාස්ටික් පැසුරැම් යන්ත්‍ර ක්‍රියාකරු

42.මෝටර් රථ වෑද්දුම් ශිල්පී

43.ජෛව වෛද්‍ය

44.පළතුරු සහ එළවලු සැකසුම් ශිල්පී

45.බොයිලේරු ක්‍රියාකරු

අලුතින් සංවර්ධනය කරන ලද ජාතික නිපුණතා සම්මතයන්

Thumb

1.හෙදි සහායක

2.වෛද්‍ය රසායනාගාර ශිල්පී

3.අරක්කැමි (සූපවේදී4.හෙදි

5.අවන්හල් සේවක

6.විකුණුම්කරු(සුපිරි වෙළඳසැල්/සාමන්‍ය)

7.පිළිගැනීමේ නිලධාරී

8.කාමර සේවක

9.භූ දර්ශන ශිල්පී

10ඇගයීම්කරු

11.ඇඳුම් මසන්නා

12.ත්‍රීරෝද රථ කාර්මික

Thumb

13.ලේකම්

14.මුදල් අයකැමි

15.බර වාහන ක්‍රියාකරු

16.ගොඩනැඟිලි උපකරණ අලුත් වැඩියා කාර්මික

17.කෘෂි කාර්මික උපකරණ අලුත් වැඩියා කිරීම

18.ගොඩනැඟිලි ඉදිකිරීම් අධික්ෂක

19.ප්‍රමාණ සමීක්ෂ



Thumb
Remove ads

NVQ ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙහිලාදායක වන රාජ්‍ය ආයතනයන් හා ඒවායේ ලිපිනයන්

Thumb

Thumb


වෘත්තීය හා කාර්මික පුහුණු අමාත්‍යංශය

"නිපුණතා පියස"

354/2,

ඇල්විටිගල මාවත,

කොළඔ 05.


තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව "නිපුණතා පියස"

Thumb

3වන මහල,

354/2

ඇල්විටිගල මාවත,

කොළඔ 05.


ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධීකාරිය

971,ශ්‍රි ජයවර්ධනපුර මාවත,

වැලිකඩ,රාජගිරිය.


වෘත්තීය පුහුණු අධිකාරිය

"නිපුණතා පියස"

4වන මහල,

354/2,ඇල්විටිගල මාවත.

කොළඔ 05.


කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව

Thumb

කොළඔ 10.


ජාතික තරුණ සේවා සභාව

65.හයිලෙවල් පාර.

මහරගම.


ශ්‍රිලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය

100,කඳවල පාර

රත්මලාන.


Thumb

නිපුණතා සංවර්ධන ව්‍යාපෘතිය

"නිපුණතා පියස"

බිම් මහල,

354/2,ඇල්විටිගල මාවත

කොළඔ 05.

පිංතූර ගැලරිය

මුලාංශ්‍ර

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ප්‍රකාශනයක් ආශ්‍රයෙනි.

මේ අඩවියත් බලන්න

අඩවියෙන් බැහැර පිටු

Tertiary and Vocational Education Commission (TVEC)

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads