නයිසීන් ඇදහිල්ල

From Wikipedia, the free encyclopedia

නයිසීන් ඇදහිල්ල
Remove ads

නයිසීන් ඇදහිල්ල (ලතින්: Symbolum Nicaenum) යනු ක්‍රිස්තියානි ජනවන්දනාවෙහි බොහෝ පුළුල් ලෙසින් භාවිතා වන ඇදහිල්ල හෝ විශ්වාසය ප්‍රකාශකිරීම (ග්‍රීක: Σύμβολον τῆς Πίστεως) වෙයි. එහී මුල් ආකාරය යෝජනා ස්ථීර කරගනු ලැබුවේ වසර 325 දී නයිසියා නගරයේදී රැස්වූ පළමු කතෝලික ධර්ම මන්ත්‍රණ සභාවෙහිදී බව අනුව යමින් මෙය නයිසීන් (/iconˈnsn/) ලෙසින් හැඳින්වේ. [1]

Thumb
Icon depicting Emperor Constantine (center) and the Fathers of the First Council of Nicaea of 325 as holding the Niceno–Constantinopolitan Creed of 381

ස්වර්ගයේද පෘථිවියේද පෙනෙන නොපෙනෙන සියල්ලේ ද මැවුම්කාර වූ සියලූ බල ඇති පියවූ, එකම දෙවියන්වහන්සේ අදහමි.

දෙවියන්වහන්සේගේ ඒකජාතක පුත්‍ර වූ, සියලූ ලෝකයන් මැවීමට පළමුවෙන්, ස්වකීය පියාණන්ට දා වූ, දෙවියන්ගෙන් වන දෙවි වූ, ආලෝකයෙන් වන ආලෝකය වූ, සැබෑ දෙවියන්ගෙන් වන සැබෑ දෙවි වූ, නොමවන ලදුව ජනිත කරන ලද්දා වූ, පියාණන් හා එකම ස්වභාවය ඇත්තාවූ, මවන ලද සියල්ලට කර්තෘ වූ, එකම ස්වාමි වූ, ජේසුස් ක්‍රිස්තුස්වහන්සේ අදහමි.

උන්වහන්සේ, මනුෂ්‍ය වූ අප හා අපේ ගැළවීම උදෙසා, ස්වර්ගයෙන් බැස, ශුද්ධාත්මයාණන් කරණකොටගෙන, මරියා නම් කන්‍යාවගෙන් මිනිසත් බව රැගෙන, මනුෂ්‍යාව, අප උදෙසා, පොන්තියුස් පිලාත් යටතේ, කුරුසියෙහි ඇණ ගසනු ලැබ, වධ විඳ, තැන්පත් කරනු ලැබ, තුන්වෙනි දින ශුද්ධ ලියවිලි ප්‍රකාරයට නැවත නැගිට, ස්වර්ගයට නැගී, පියාණන්ගේ දකුණු භාගයෙහි වැඩහිඳින බව ද, උන්වහන්සේ, ජීවත් වන්නන් හා මළවුන් විනිශ්චය කරන පිණිස, මහිමයෙන් යුක්තව, නැවත එන බව ද උන්වහන්සේගේ රාජ්‍යය, කෙළවර නොවන බව ද අදහමි.

පියාණන් හා පුත්‍රයාණන් කෙරෙන් නික්මෙන්නා වූ, පියාණන් හා පුත්‍රයාණන් සමග නමස්කාරය හා මහිමය ලබන්නා වූ, ප්‍රොපේතවරුන් කරණකොටගෙන කථා කළාවූ ස්වාමි වූ ජීවනදායකයාණන් වූ ශුද්ධාත්මයාණන්වහන්සේ ද අදහමි.

කතෝලික අපොස්තලික එකම සභාව, පවත්නා බව අදහමි.

පව් කමාව පිණිස, එකම බව්තිස්මය ද පිළිගනිමි.

මළවුන්ගෙන් නැඟිටීම ද, පරලොව ජීවනය ද, බලා සිටිමි.

ආමෙන්.


Remove ads

ආශ්‍රිත

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads