යුරෝපය
මහාද්වීපය From Wikipedia, the free encyclopedia
Remove ads
යුරෝපය ලෝකයේ මහාද්වීප හතෙන් එකක් වන අතර එය යුරේසියාවේ බටහිර අර්ධද්වීප කොටසේ පිහිටා ඇත. එය ආසියාවෙන් වෙන් වන්නේ යූරල් කඳු, යූරල් ගඟ, කැස්පියන් මුහුද, කොකේසස් ප්‍රදේශය සහ කළු මුහුද මගිනි[1]. යුරෝපය උතුරින් ආක්ටික් සාගරයෙන් ද, බටහිරින් අත්ලාන්තික් සාගරයෙන් ද, දකුණින් මධ්‍යධරණී මුහුදින් ද, ගිනිකොණින් කළු මුහුදින් ද මායිම් වේ. කෙසේ වෙතත් මහාද්වීපය යන පදයට ඇති විවිධ එකිනෙකට විරුද්ධ අදහස් නිසා මෙම සීමා මතභේදාත්මක ය.
යුරෝපය මතුපිට වර්ගප්‍රමාණය අනුව ලොව දෙවැනියට කුඩාතමයා වේ. එහි ඇති රටවල් 50ක් පමණ අතරින් වර්ගප්‍රමාණය හා ජනගහණය අනුව විශාලතමයා රුසියාව ද කුඩාතමයා වතිකානුව ද වේ. කෙසේ වෙතත් යුරෝපයට අයත් වන්නේ රුසියාවේ එක් කොටසක් පමණි. ජනගහණය අතින් යුරෝපයට හිමි වන්නේ තුන්වැනි තැනය. පළමු සහ දෙවැනි තැන් ආසියාවට හා අප්‍රිකාවට හිමි වේ.
Remove ads
මූලාශ්‍ර
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads