රෝමානු සංඛ්‍යා
From Wikipedia, the free encyclopedia
Remove ads
පුරාතන රෝමයේ භාවිතා කෙරුණු සංඛ්‍යා ක්‍රමය වූ රෝමානු සංඛ්‍යා යනු, අගයයන් විදහා පෑමට ලතින් හෝඩියේ අකුරු වල සංයෝජනයන් භාවිතා කල ක්‍රමයකි. . 1 සිට 10 දක්වා සංඛ්‍යා, රෝමානු සංඛ්‍යා විසින් දක්වන්නේ පහත ලෙසිනි:
- I, II, III, IV, V, VI, VII, VIII, IX, X.

රෝමානු සංඛ්‍යා ක්‍රමය, එට්‍රස්කානු සංඛ්‍යා වලට ඥාතිත්වයක් දක්වයි. රෝමානු අධිරාජ්‍යයෙහි අභාවයෙන් පසුව වුද රෝමානු සංඛ්‍යා භාවිතය දිගටම පැවතිණි. 14වන සියවසෙන් පසුව, රෝමානු සංඛ්‍යා වෙනුවට, වඩාත් පහසු හින්දු-අරාබි සංඛ්‍යා ආදේශ වීම ඇරඹිණි; කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදුවූවක් වූ අතර, වර්තමානයේ වුවද සමහරක් සුළු නියැලුම්හී රෝමානු සංඛ්‍යා භාවිතය දක්නට ලැබේ.
Remove ads
රෝමානු සංඛ්‍යා කියැවීම
MMXXV |
"2025" රෝමානු සංඛ්‍යාවක් ලෙසින් |
වර්තමානයේ භාවිතා කෙරෙන, රෝමානු සංඛ්‍යා පදනම්ව ඇත්තේ සංකේත හතක් මතය:[1]
සංඛ්‍යා සදනු ලබන්නේ සංකේත සංයෝග කිරීමෙන් සහ අගයයන් එකතු කිරීමෙනි. මෙලෙස, II යනු එකේ ඒවා දෙකකි, එනම් 2 වෙන අතර, XIII යනු දහයේ එකක් සහ එකේ ඒවා තුනකි, එනම් 13 වෙයි. මෙම ක්‍රමයෙහි ශුන්‍ය නොමැති අතර, එබැවින් 207, නිදසුනක් ලෙසින්, CCVII වන්නේ, සියයේ ඒවා දෙකක්, පහේ එකක් හා එකේ ඒවා දෙකක් සඳහා සංකේත භාවිතයෙනි. 1066 යනු MLXVI, එක් දහස්, පනහ සහ දහය, පහක් සහ එකක් වෙයි.
Remove ads
ආශ්‍රිත
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads