විවර්තනය

From Wikipedia, the free encyclopedia

විවර්තනය
Remove ads

තරංග ගමන් ගන්නා මාර්ගයේ බාධක නිසා ඇතිවන තරංග නැවීම් ආශ්‍රීතව සිදුවන විවිධ සංසිද්ධීන් විවර්තනය ලෙස හැඳින්වේ. එය ශබ්ද තරංග, ජල තරංග සහ දෘශ්‍ය ආලෝකය , X - කිරණ , රේඩියෝ තරංග වැනි විද්‍යුත් චුම්භක තරංග ආදී වැනි ඕනෑම වර්ගයක තරංග සඳහා සිදුවිය හැක. භෞතික වස්තූන්ට තරංගමය ගුණාංග ඇති බැවින් විවර්තනය පදාර්ථයක් අතර ද සිදුවන අතර කොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ ප්‍රධාන සංකල්පවලට අනුව මෙය අධ්‍යයනය කළ හැක. ප්‍රචාරණය වන තරංග වලට එහි පථයේ බාධක හමුවන විට නිතරම විවර්තනය ඇතිවන නමුත් එහි බලපෑම උපරිම වනුයේ තරංගවල තරංග ආයාමයන් විවර්තිත වස්තුවල විශාලත්වයත් එකම ගණයේ වන විටය. උපරිම වේ. වෙනස් මාර්ග වලින් නිරීක්ෂකයා වෙත ගමන් කරන එකම තරංගයේ වෙනස් කොටස් දෙකක් අතර ඇතිවන නිරෝධනයෙහි ප්‍රතිඵලයක් ලෙස විවර්තිත තරංගයේ තීව්‍රතාව මගින් සංකීර්ණ රටාවන් ඇතිවේ.

Thumb
මෙහිදී තිරය මත තීව්‍රතා රටාව ඇතිව ඇත්තේ සමචතුරස්‍ර විවරයක් නිසාය.
Thumb
සමහර විශ්ලේෂණයන්ට අනුව මකුළු දැලක දැකගත හැකි වර්ණයන් ඇතිවන්නේ මද වශයෙන් විවර්තනය සිදු වීමෙනි
Thumb
විවර්තනය
Remove ads

එදිනෙදා ජීවිතයේ හමුවන විවර්තනයන් සඳහා නිදසුන්

විවර්තනයේ බලපෑම එදිනෙදා ජීවිතයේ දී නිතර හමුවේ. විවර්තනය සඳහා වඩාත් සිත්ගන්නා සුළු නිදසුන් ආලෝකය හා‍ බැ‍ඳේ. නිදසුනක් ලෙස CD හෝ DVD වල සමීප දුරවල් වලින් ඇති පථ මගින් සුපුරුදු දේදුනු ආකාර රටාව ඇති කරන අතර එහි දී ඒවා විවර්තන ග්‍රේටිමයක් ලෙස හැසිරේ. මෙම සංකල්පය අවශ්‍ය ආකාරව විවර්තන රටා ඇති කරන විවර්තන ග්‍රේටිම් නිර්මාණය සඳහා යොදාගත හැක. නිදසුනක් ලෙස ක්‍රෙඩිට් කාඩ් පතක ඇති හොලෝග්‍රෑමය ගත හැක. වායුගෝලයේ ඇති කුඩා අංශු මගින් ඇතිවන විවර්තනය හේතුවෙන් සූර්යයා හෝ සඳ වැනි දීප්තිමත් වස්තුවක් වටා දිස්වන දීප්තිමත් වළල්ලක් ඇති කරයි. සංයුක්ත ප්‍රභවයක් මගින් ඇතිවන ආලෝකය නිසා ඇතිවන ඝන වස්තුවක සෙවනැල්ලෙහි දාරයකට ආසන්නතම කඩතොලු ස්වභාවයක් පෙන්වයි. මෙම සියලු සංසිද්ධි ඇති වන්නේ ආලෝකය තරංගයක් ලෙස හැසිරී‍මේ ප්‍රතිඵලයක් ලෙසයි.

ඕනෑම වර්ගයක තරංගයක් විවර්තනයට ලක් විය හැක. මුහුදු ජල තරංග ජැටි හෝ වෙනත් බාධක වටා විවර්තනය වේ. ශබ්ද තරංගවලට බාධකයක් වටා විවර්තනය විය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස අප ගසක් පිටුපස සැඟවුණ ද කෙනෙක් කතා කරන හඬ අපට ඇසේ. විවර්තනයට සමහර තාක්ෂණික යෙදීම් ද පවතී. කැමරාවල ද, දුරේක්ෂවල හා අන්වීක්ෂවල විභේදනයට විවර්තන හේතුවෙන් ඇතිවන මූලික සීමා පවතී.

Remove ads
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads