සියත ටීවී
ශ්‍රී ලාංකීය රූපවාහිනි නාලිකාවකි From Wikipedia, the free encyclopedia
Remove ads
සියත ටීවී යනු ශ්‍රී ලංකාව තුල ඇනලොග් තාක්ෂණයෙන් මුදා හරින, සිංහල භාෂාවෙන් විකාශන කටයුතු සිදු කරන්නා වූ රූපවාහිනී නාලිකාවකි. නාලිකාවේ හිමිකාරීත්වය Voice of Asia Network පුද්ගලික සමාගම සතු වෙයි. නාලිකාව සතු සහෝදර දෙමළ රූපවාහිනී නාලිකාව වෙට්ට්‍රි ටීවී වන අතර, එහි සහෝදර ගුවන් විදුලි මාධ්‍යයන් වන්නේ සියත එෆ්එම්, රියල් රේඩියෝ සහ වෙට්ට්‍රි එෆ්එම් වේ.
Remove ads
පසුබිම
සිය සහෝදර දෙමළ රූපවාහිනී නාලිකාව වූ වෙට්ට්‍රි ටීවී නාලිකාවට සමගාමීව, සියත ටීවී නාලිකාවද සිය විකාශන කටයුතු, 2009 සැප්තැම්බර් 17 දින ආරම්භ කරන ලදී.
නාලිකාව අයත් වන Voice of Asia ජාලයෙහි හිමිකරුවන් වන්නේ රොෂාන්ත කාරියප්පෙරුම මහතා සහ ඔහුගේ සහෝදරයා වන ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRC සංරක්ෂණය කළ පිටපත 2021-10-29 at the Wayback Machine) හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ, ප්‍රියන්ත කාරියප්පෙරුම මහතාටයි .
Remove ads
ප්‍රහාරයන්
2010 ජුලි 30 වැනි දින අළුයම් කාලයේදී, ආයුධ සන්නද්ධව පැමිණි නාදුනන පුද්ගලයින් 12 දෙනෙකු සියත ටීවී නාලිකාවට සහ ගුවන් විදුලි පොල වෙත, ගිනි අවුලන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර,[1] එහි සේවය කල කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුටද තුවාල සිදු කොට පලා යන ලදී.
මේවාද බලන්න
මූලාශ්‍ර
භාහිර සබැදි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads