පුරාතන මිසරය

From Wikipedia, the free encyclopedia

පුරාතන මිසරය
Remove ads

පුරාතන මිසරය (පුරාතන ඊජිප්තුව) යනු නයිල් ග‍ඟෙහි අග කොටස අවට කේන්ද්‍රගත ව පැවති, හා දැනට නූතන ඊජිප්තු රාජ්‍යය ලෙසින් පවතින, ඊසාන දිග අප්‍රිකාවෙහි, පුරාතන ශිෂ්ඨාචාරයකි.

Thumb
ගීසා හි පිරමිඩ පුරාතන මිසර ශිෂ්ඨාචාරයෙහි වඩාත්ම සංගණ්‍ය සංකේතයන්ය.
Thumb
ප්‍රධාන නගර සහ රාජ වංශ කාල සීමාවෙහි (ක්‍රිපූ 3150  පමණ සිට ක්‍රිපු 30  පමණ දක්වා) විශේෂ ස්ථාන දක්වන පුරාතන ඊජිප්තුවෙහි සිතියමක්.

මිසර සංස්කෘතිය

කලාව

Thumb
තුට්මෝස නම් මූර්තිශීල්පියා විසින් අඹන ලද, නෙෆටීටිගේ උඩුකය, පුරාතන ඊජිප්තු කලාවේ අතිශයින් ජනප්‍රිය අග්‍රකෘතීන් අතුරින් එකකි.

වසර 3500 ක් පුරාවට මිසර කලා ශිල්පීන් සිය නිර්මාණ සඳහා යම් සම්ප්‍රදායක් මුල්කරගත් බව සඳහන් වේ. සැබවින්ම එම සම්ප්‍රදාය හා බැදුනු නෑ නීතිරීති පද්ධතියක් තිබිණි. නිර්මාණ සඳහා යොදාගන්නා රේඛා, හැඩතල හා වර්ණ අඛණ්ඩව විදේශීය බලපෑම් හෝ අන් කිසියම් හේතුවක් නිසාවත් නොවෙනස්ව පවත්වාගෙන ගොස් ඇත. මෙම නෑ නීතිරීති පද්ධතිය නිසාම එකල ඊජිප්තු කලා නිර්මාණ බොහෝ විට ආගමික හෝ දේශපාලනික අරමුණු උදෙසාම බිහිවී ඇත.

පුරාණ ඊජිප්තු කලා ශිල්පීන් පිළිම ඇඹීමට පාෂාණ මෙන්ම දැව ද යොදා ගන්නා ලදි. ඔවුන් සතුව පැවතුනාවූ ඛනිජ ද්‍රව්‍යයන්ගේ වර්ණ සාදාගෙන ඇත. තවද ඊජිප්තු කලා ඉතිහාසය දෙස බලන කල ඔවුන් එකල සිය මිය ගිය ඥාතීන් උදෙසා නිර්මාණය කල සොහොන්කොත් වැදගත් තැනක් ගනී. දැවයෙන් හා මැටියෙන් නිමැවුනු මෙම සොහොන් කොත්වල ඔවුන් සිය එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය පෙන්වා ඇත. මින් ඔවුන් මියගිය වුන්ගේ මරණින් පසු ලෝකය ආරක්ෂා කිරීම අරමුණු කරගෙන ඇත.

එකල මිසරයේ කලාව සඳහා වූ දේශපාලනික බලපෑම අමර්නා (Aප්රබ්) යුගයේ බිහිවූ නිර්මාණවල මැනවින් ප්‍රදර්ශනය වේ. කෙසේ වෙතත්, මෙම යුගයෙන් පසු බිහිවූ නිර්මාණවල නැවතත් මුල් සම්ප්‍රදායන් වල තිබූ ගති ලක්ෂණ පිළිඹිබු වේ.

Remove ads

මෙයද බලන්න

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads