ක්‍රිස්තු වර්ෂ ක්‍රමය
දින දර්ශන ක්‍රමයකි From Wikipedia, the free encyclopedia
Remove ads
ක්‍රිස්තු වර්ෂ (ක්‍රි.ව.) සහ ක්‍රිස්තු පූර්ව (ක්‍රි.පූ), (ලතින්: අන්නෝ දොමිනි'[1]) (තේරුම: ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන්),[2][3] යනු, ජූලියන් සහ ග්‍රෙගෝරියන් දිනදර්ශනයන්හි වසර අංකයට පූර්වයෙන් භාවිතා කරන විස්තර කිරීමේ යෙදුමයි. අන්නෝ දොමිනි නොස්ට්‍රී එයිසූ (ජේසු) ක්‍රිස්ටි ("අප ජේසු ක්‍රිස්තු ස්වාමින්වහන්සේගේ වර්ෂයෙන් ") යනුවෙන්, සර්ව සම්පූර්ණ වශයෙන් වර්ෂයන් දැක්වීමද , සිදු කල හැක.

ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේ යුගාරම්භය පදනම් වී ඇත්තේ ජේසුස් වහන්සේගේ උපත හෝ පිළිසිඳීම සිදුවූවා යැයි සාම්ප්‍රදායිකව පිළිගැනෙන වසර මතය. මෙම වසර ක්‍රි.ව. 1 ලෙස සලකන අතර ඊට පෙර වසර ක්‍රි.පූ.1 ලෙස සැලකේ. එබැවින් ක්‍රිස්තු වර්ෂ ක්‍රමයේදී 0 වන වසරක් නැත.
වසර 525 දී ක්‍රිස්තු වර්ෂ දින වකවානු ක්‍රමය සකස් කෙරුනද, මෙම කුමය බටහිර යුරෝපයෙහි ප්‍රචලිත ලෙස භාවිත වීම සිදුවූයේ 8වන සියවසෙහිදීය. කතෝලික විශ්වකෝෂයට අනුව, පාප්වහන්සේ තුමන් පවා ලිපි ලේඛන මත දින යෙදුවේ රාජ්‍යත්ව වර්ෂයන් අනුව වන අතර, ක්‍රිව භාවිතය ක්‍රමයෙන් යුරෝපය තුල සාමාන්‍ය භාවිතයක් බවට පත් වූයේ 11වන සිට 14වන සියවස අතරතුර කාල වකවානුවේදීය.[4] වසර 1422 දී, ක්‍රිස්තු වර්ෂ ක්‍රමය අනුගමනය කිරීමට එකඟ වූ අවසාන බටහිර යුරෝපීය රට බවට පෘතුගාලය පත්විය.[4]
Remove ads
සටහන් සහ ආශ්‍රිත
ආශ්‍රිත ලිපි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads