රසායනික මූලද්‍රව්‍ය
From Wikipedia, the free encyclopedia
Remove ads
රසායනික මූලද්‍රව්‍යයක් යනු, එහි පරමාණුක ක්‍රමාංකය හෙවත් එහි න්‍යෂ්ඨියෙහි අඩංගු ප්‍රෝටෝන සංඛ්‍යාව වෙතින් ප්‍රභේදනය වන්නාවූ, එකම වර්ගයේ පරමාණු වලින් සමන්විත සංශුද්ධ රසායනික ද්‍රව්‍යයකි. සමස්ත රසායනික පදාර්ථය සමන්විත වන්නේ මෙම මූලද්‍රව්‍ය වලිනි. මූලද්‍රව්‍ය සඳහා පොදු නිදසුන් වන්නේ යකඩ, තඹ, රිදී, රන්, හයිඩ්‍රජන්, කාබන්, නයිට්‍රජන් සහ ඔක්සිජන් වෙති.

මහා පිපිරුමෙහිදී ජනිත වූයේ යැයි විශ්වාස කෙරෙන, විශ්වයෙහි ඇති හයිඩ්‍රජන් සහ හීලියම් හැරුණු විට, ඉතිරි බොහෝ රසායනික මූලද්‍රව්‍යයන් පසුකාලීන ක්‍රියාවලියන් තුලින් ජනිත වූයේ යැයි සැලකෙයි.
මෙම ක්‍රියාවලීන් පහත පරිදී බෙදා දැක්විය හැක:
- අන්තරීක්ෂ කිරණ සැහීම ( මේවායින් සමහරක් මහා පිපිරුමෙහිදී තැනුනේ යැයි සැලකුනද, ලිතියම්, බෙරිලියම් සහ බෝරෝන් අරභයා මෙය වැදගත් වෙයි), සහ
- බෝරෝන් ට වඩා බරැති සියලු මූලද්‍රව්‍යයන් නිපදවන තාරීය න්‍යෂ්ටිකසංස්ලේෂණය (මෙම සරණියෙහි පළමුවැන්න කාබන් වෙයි). අතිශයින් බරැති මූලද්‍රව්‍යයන් (94වන මූලද්‍රව්‍යය, ප්ලූටෝනියම් ට ඔබ්බෙහි වන්නන්) කෙටි අර්ධ ආයු කාලයන් සහිතව ක්ෂය වන බැවින් පෘථිවිය මත ස්වභාවික වශයෙන් නිරීක්ෂණය කෙරුමට අවකාශ නොසලසයි.
Remove ads
විස්තරය

සැහැල්ලුතම මූල ද්‍රව්‍යයන් වනුයේ හයිඩ්‍රජන් හා හීලියම්ය. මේවා විශ්වයේ මහා පිපුරුමේ (Big Bang nucleosynthesis) තුලදී විශ්වයෙහි ආයු කාලයෙන් මුල් විනාඩි 20 තුලදී නිපදවූනු අතර ඒවායේ ස්කන්ධ අතර අනුපාතය 3 : 1 වේ. (ආසන්න වශයෙන් පරමාණු ප්‍රමාණය අතර අනුපාතය ගත් විට 12 : 1 වේ) හයිඩ්‍රජන් හා හීලියම් ඇතිවුණු පසු අනෙක් මූල ද්‍රව්‍යයන් ස්වාභාවික සහ කෘත්‍රීමව කරන ලද න්‍යෂ්ටික සංස්ලේෂණ ක්‍රම, හා න්‍යෂ්ටික විඛණ්ඩනය වැනි ක්‍රම මගින් ඇති විණි.
වසර 2006 වන විට මූල ද්‍රව්‍ය 117 ක් තේරුම් ගෙන සිටි අතර (මෙහි තේරුම් ගත් යනු අනෙක් මූලද්‍රව්‍යවලින් පැහැදිලිව වෙන් කොට ගත් කාලයක් පවතී යන්න වේ.) මෙයින් 94 ස්වාභාවික පෘථිවියේ පවතී. මෙයින් 6 ක් අංශු මාත්‍රීය ප්‍රමාණ වලින් පවතී. ඒවා නම් ටෙක්නීටියම් පරමාණුක ක්‍රමාංකය 43, ප්‍රොමේතියම් පරමාණුක ක්‍රමාංකය 61, ඇස්ටටීන් පරමාණුක ක්‍රමාංකය 94 වේ. මීට අමතරව (සමහර විට) පරමාණුක ක්‍රමාංකය 98 වූ කැලිෆෝනියම් ඇතැම් වේලාවට අනාවරණය කරගෙන ඇති අතර එය තාරකා සහ අද්භූත තාරකාවල වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙම මූල ද්‍රව්‍ය කෘත්‍රීම ක්‍රම මගින් ව්‍යුත්පන්න කරන ඉතා කෙටි අර්ධ ආයු කාලයක් සහිත විකිරණශීලී මූලද්‍රව්‍ය නිසා තැනෙන්නකි.
ඉතිරි මූල ද්‍රව්‍ය 22 පොළොවේ හෝ කක්ෂ වර්ණාවලි මගින් සොයා ගත නොහැකි අතර ඒවා කෘත්‍රීමව ව්‍යුත්පන්න කළ යුතු වේ. මෙලෙස කෘත්‍රීමව ව්‍යුත්පන්න කරන ලද මූලද්‍රව්‍යයන් සියල්ලම විකිරණශීලී වන අතර ඉතා කුඩා අර්ධ ජීවිත කාලයක් ඇත. මෙම මූලද්‍රව්‍ය පොලොවේ තිබුණහොත් ඒවා බොහෝ දුරට දිරාපත් වේ. යම් හෙයකින් පොළොවේ හෝ නව තරුවක පැවතුණහොත් ඒ හදුනා ගැනීම පවා හැකි නොවන ඉතා කුඩා ප්‍රමාණ වලිනි. පළමුව කෘත්‍රිමව නිර්මාණය කරන ලද මූල ද්‍රව්‍ය වනුයේ ටෙක්නීටියම්ය. (ඒ 1937 දීය. ඒ අංශු මාත්‍රීය ලෙස ටෙක්නීටියම් පවතින බව 1925 දී සොයා ගත්තද, එතෙක් මූල ද්‍රව්‍ය හඳුනාගත නොහැකි වුනි. නැතහොත් එය 1925දී සොයා ගත හැකිව තිබුණි.) මෙම ක්‍රියාවලිය කිහිපවරක් ස්වාභාවිකව අංශු මාත්‍රීයව පවතින මූලද්‍රව්‍ය සඳහා සිදු කෙරුණි.
මූල ද්‍රව්‍ය ලැයිතුවක්, නමෙන් , ලකුණෙන් , පරමාණුක ක්‍රමාංකයෙන් , ද්‍රවාංකයෙන්, තාපාංකයෙන් සහ පරමාණුවල අයනීකරණ ශක්තිය ලබා ගත හැක. හොඳම මූලද්‍රව්‍යවල වර්ගීකරණ ආවර්ථිතා වගුවේ වන අතර සමාන ගුණැති මුලද්‍රව්‍ය එකට ගෙන එහි දක්වා ඇත.
Remove ads
නාමාවලිය සහ සංකේත
රසායනික සංකේත
විශේෂිත රසායනික මූලද්‍රව්‍ය
රසායන විද්‍යාව විද්‍යාවක් බවට පත්වීමට ප්‍රථමයෙන්, රස විද්‍යාඥයින් ලෝහ හා බහුල වශයෙන් යොදා ගැනෙන සංයෝග යන දෙවර්ගය සඳහාම ගුප්ත සංකේත සැලසුම් කරනු ලැබූහ. කෙසේ වෙතත් මේවා ක්‍රියාවලින් හෝ රූප සටහන්වල කෙටි යෙදුම් ලෙස භාවිතා කර ඇත. එහිදී අණු සෑදීම සඳහා පරමාණු සම්බන්ධවීම පිළිබඳ සංකල්පයක් නොවීය. ජෝන් ඩෝල්ටන් පදාර්ථයේ පරමාණුක වාදයෙන් ඉදිරියට යාමත් සමග අණු දැක්වීමට යොදා ගත හැකි වෘත්ත මත පදනම් වූ ඔහුගේම සරල සංකේත පිළිබඳ උපක්‍රමයක් යොදා ගෙන ඇත.
වර්තමාන රසායන ද්‍රව්‍ය අංකනය පිළිබඳ ක්‍රමය බර්සීලියස් විසින් මුල්වරට සොයාගන්නා ලදී. මෙම මුද්‍රණය කළ හැකි ක්‍රමයේදී රසායනික සංකේත හුදු කෙටි යෙදුම් ලෙස යොදා නොගැනේ. සියලුම භාෂා හා අක්ෂර මාලාවන් භාවිතා කරන මිනිසුන් මෙම ලතින් සංකේත භාවිතා කරනු ඇතැයි අදහස් කෙරේ. මෙම සංකේත සම්පූර්ණයෙන්ම විශ්වීය ඒවා බවට පත්වනු ඇතැයි මූලිකවම අදහස් කෙරිණ. මෙම කාලය තුළ ලතින් භාෂාව විද්‍යාවේ පොදු භාෂාව වීම නිසා , ලෝහවල ලතින් ලෝහවල ලතින් නාමය ඒවායේ කෙටි යෙදුම් සඳහා පදනම් විය. ෆෙරම්ගෙන් (Ferum) Fe , ආජන්ටම්ගෙන් (Argentum) Ag . මෙම සංකේතවලද කෙටි යෙදුම්වලදී මෙන්ම නැවතීමේ ලකුණ යෙදීම අනුගමනය නොකෙරේ. රසායනික මූලද්‍රව්‍යයන්ට එම මූලද්‍රව්‍යයේ නම මත පදනම් වූ නමුත් ඉංග්‍රීසි වීම අනිවාර්ය නොවූ අනන්‍ය රසායනික සංකේත ද පසුකාලීනව නියම කරන ලදී. උදාහරණයක් ලෙස සෝඩියම් සඳහා ලතින් නම වන නේට්‍රියම් (Natrium) අනුව “Na” රසායනික සංකේතය වේ. එයම ටංග්ස්ටන් සඳහා වොල්ෆ්‍රම් (Wolfram) W , රසදිය සඳහා හයිඩ්‍රාගයිරම් (Hydrorgyrum) “Hg” පොටෑසියම් සඳහා කේලියම් (Kalium) “K” , රත්රන් සඳහා Au “අවුරම්” (Aurum) ඊයම් සඳහා “Pb” “ප්ලම්බම්” (Plumbum) , ඇන්ටිමනි සඳහා Sb “ස්ටිබියුම්” (Stibium) ලෙස යොදාගෙන ඇත.
මූලද්‍රව්‍යවල නම් පරිවර්තනය කිරීමට අවශ්‍ය වූවත් රසායනික සංකේත ජාත්‍යන්තරව අවබෝධ කරගත හැක. සමහර අවස්ථාවලදී මෙය වෙනස් වේ. උදාහරණයක් ලෙස ජර්මාණුවන් අයඩීන් සදහා “I” වෙනුවට “J” යොදාගනී. එමනිසා මෙහිදී රෝමාණු ඉලක්කම් සමග මෙහි පැටලීමක් සිදු නොවුණු ඇත.
පෙර උදාහරණවල මෙන්, රසායනික සංකේතයක පළමු අකුර සෑමවිටම කැපිටල් විය යුතු අතර පසුව සඳහන් කරන අකුරු වේ නම් ඒවා සෑම විටම කුඩා අකුරු (සිම්පල්) විය යුතුය.
සාමාන්‍ය රසායනික සංකේත
සංසන්දනාත්මක සූත්‍ර සඳහා රසායනික මූලද්‍රව්‍ය කාණ්ඩවලට ද සංකේත පවතී. ඒවා එක කැපිටල් අකුරකින් සමන්විත වන අතර සුවිශේෂ මූලද්‍රව්‍යවල නම් ලෙස යෙදාගැනීමට අවසර ලබා දී නැත.උදාහරණයක් ලෙස “X” සංයෝග කාණ්ඩයක ඇතුළත් විචල්‍ය කාණ්ඩයක් දැක්වීමට යොදාගනී. (නමුත් බොහෝවිට හැලජන) මේ අතර “R” හයිඩ්‍රොකාබන් දාමයක් වැනි සංයෝග ව්‍යුහයක් අදහස් කරන මුක්ත ඛණ්ඩකයක් දැක්වීමට යොදාගනී. “Q” අකුර රසායනික ප්‍රතික්‍රියාවක් තුළ “තාපය” නියෝජනය කරයි. “Y” ද බොහෝ විට සාමාන්‍ය රසායනික සංකේතයක් ලෙස යොදාගත්ත ද , එය “යිට්‍රියම්” වල සංකේතය ද වේ. “Z” ද නිතරම සාමාන්‍ය විචල්‍ය කාණ්ඩයක් ලෙස යොදා ගනී. “L” අකාබනික රසායනයේ දී හා ලෝහ කාබනික රසායනයේ දී සාමාන්‍ය ලිගන්ඩ් දැක්වීමට යොදාගනී. “M” ද බොහෝ විට සාමාන්‍යයෙන් ලෝහ ඇති ස්ථානවලදී යොදා ගනී.
සමස්ථානික සංකේත
හයිඩ්‍රජන් මූලද්‍රව්‍යයේ ප්‍රධාන සමස්ථානික තුන ප්‍රොටොනියම් සඳහා H ද, ඩියුටීරියම් සඳහා D ද , ට්‍රිටියම් සඳහා T ද ලෙස බොහෝ විට ලියනු ලැබේ. එක් එක් පරමාණුවේ ස්කන්ධ අංකය ලියා තැබීම වෙනුවට , රසායනික ප්‍රතික්‍රියාවලදී ඒවා යොදා ගැනීම වඩා පහසු වේ.
(2H2O මෙසේ ලිවීම වෙනුවට D2O බැර ජලය)
Remove ads
ආශ්‍රිත ලිපි
මූලාශ්‍ර
වැඩිදුර අධ්‍යයනය සඳහා
භාහිර සබැඳි
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
