විද්‍යූත් චුම්භක බලය

From Wikipedia, the free encyclopedia

Remove ads

භෞතික විද්‍යාවේදී විද්‍යූත් චුම්භක බලයක් යනු විද්‍යූත් ආරෝපිත අංශු මත විද්‍යුත් චුම්භක ක්ෂේත්‍රයක් මගින් ඇතිකරන බලයයි. පරමාණු තුළ ඉලෙක්ට්‍රෝන හා පෝටෝනද එකිනෙක ඇද තබා ගන්නේත් අණූ තුළ පරමාණූ රඳවා සිටින්නේත් මෙම බල මගිනි. පෝට්‍රෝන හා අතථ්‍ය පෝටෝන ලෙස හඳුන්වන සන්නිවේදක අංශු ඔස්සේ විද්‍යූත් චුම්භක බල ක්‍රියාත්මක වේ. සන්නිවේදක අංශු ඔස්සේ විද්‍යූත් චුම්භක බල ක්‍රියාත්මක වේ. සන්නිවේදක අංශු හුවමාරු වීම ඔස්සේ උපකල්පිත බලය හටගන්නා අතර එමගින් හුදෙක් අංශු එකිනෙකින් ඉවතට ඇදීම හෝ තල්ලු කිරීම වෙනුවට හුවමාරුවට සහභාගි වූ අංශුවල ලක්ෂණ ද හුවමාරුව නිසා වෙනස්වීම ද සිදු වේ.

Remove ads

ඉතිහාසය

මුල් කාලීනව විද්‍යූත් බල හා චුම්භක බල ප්‍රභින්න බල වශයෙන් සිතන ලදී. ධන හා ඍණ ආරෝපණ අතර අන්තර්ක්‍රියා හඳුන්වන්නේ එකම බලයකින් බව පෙන්වමින් 1873 දී ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් විසින් පල කළ විද්‍යූතය හා චුම්භකත්වය පිළිබඳ වූ නිබන්දය නිසා මෙම මතය වෙනස් විය. පරීක්ෂණ මගින් පැහැදිලිව විස්තර කරන පරිදි මෙම අන්තර්ක්‍රියා නිසා ප්‍රධාන ආවරණ හතරක් ඇති වේ. ඒවා පහත පරිදිය.

  1. විද්‍යුත් ආරෝපණ දෙකක් ඒවා අතර වූ දුරෙහි වර්ගයට ප්‍රතිලෝමව සමානුපාතික වන බලයකින් එකිනෙක ආකර්ශනය හෝ විකර්ශනය කරගනී. සජාතීය ආරෝපණ විකර්ෂණය කරන අතර විජාතීය ආරෝපණ ආකර්ෂණය වේ.
  2. චුම්භක ධ්‍රැව (ස්ථානීය ධ්‍රැවිත තත්ව) ඉහත ආකාරයෙන්ම එකිනෙක ආකර්ශනය හෝ විකර්ශනය වන අතර හැම විටම ඒවා යුගල වශයෙන් පවතී.
  3. කම්බියක් තුළින් වූ විද්‍යුත් ධාරාවක් ගමන් ගන්නා විට කම්බිය අවට වෘත්තාකාර චුම්භක ක්ෂේත්‍රයක් හට ගනී. එහි දිශාව ධාරාවේ දිශාව මත රඳා පවතී.
  4. චුම්භක ක්ෂේත්‍රයක් දෙසට හෝ ඉන් ඉවතට කම්බි පුඩුවක් චලනයේදී හෝ කම්බි පුඩුවක් දෙසට හෝ ඉන් ඉවතට චුම්භකයක් චලනයේදී කම්බි පුඩුවේ ධාරාවක් ප්‍රේරණය වේ. මෙම ධාරාවේ දිශාව අදාල චලිතයේ දිශාව මත රඳා පවතී.

පරමාණූවක න්‍යෂ්ටිය එක්ව තබා ගැනීම සිදු කරන්නේ විද්‍යූත් චුම්භක බලයකින් වේ. ඒ සඳහා ක්‍රියාත්මක වන්නේ ශක්තිමත් න්‍යෂ්ටික බල වේ.

Remove ads

දළ විශ්ලේෂණය

විද්‍යූත් චුම්භක බලය ස්වභාවයේ මූලික බල හතරෙන් එකකි. අනෙක් මූලික බලයන් වන්නේ, ශක්තිමත් න්‍යෂ්ටික බල (මෙමගින් ක්වාක් එකිනෙක බැඳ තබා ගැනීම සිදුකරන අතර මින් හටගන්නා අතිරේක ශක්තිමත් බල ආචරණය හේතුවෙන් පරමාණූක න්‍යෂ්ටිය සෑදීමට හේතුවන පරිදි නියුක්ලියෝන බැඳතබා ගැනීම සිදු වේ), දුර්වල න්‍යෂ්ටික බල (මෙය සමහරක් ආකාරවල විකිරණශීලී ක්ෂයවීම් සඳහා හේතු වේ) සහ ගුරුත්වාකර්ෂණ ශක්තිය යන ඒවා වේ. විශ්වයේ ඇති අන් සියලු බල මෙම බලවලින් ව්‍යූත්පන්න වූ ඒවා වේ.

Remove ads
Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads