ග්‍රීක භාෂාව

From Wikipedia, the free encyclopedia

Remove ads

ග්‍රීක (Modern Greek: ελληνικά [eliniˈka] "Greek", ελληνική γλώσσα [eliniˈci ˈɣlosa] "ග්‍රීක භාෂාව) යනු ඉන්දු - යුරෝපීය භාෂා පවුලේ නිදහස් ශාඛාවකි. දක්ෂිණ බෝල්කන්, එජියන් දූපත්, බටහිර සුළු ආසියාව සහ සයිප්‍රස් ජාතිකයන්ගේ ජන්ම භාෂාව වෙයි. සියවස් 34 කට අධික ලිඛිත වාර්තා සහිත මෙම භාෂාව, ඉන්දු - යුරෝපීය භාෂා අතුරින් දීර්ඝතම දත්තගත ඉතිහාසයක් සහිත භාෂාව වෙයි. ග්‍රීක හෝඩිය පදනම් කරගෙන එහි ලිවීමේ ක්‍රමය සකස් වී ඇත. ලයිනියර් B සහ සිප්රියෝට් අක්ෂර මාලාව වැනි වෙනත් පද්ධතීන් ද ඊට පෙර භාවිත වී තිබිණි. ෆිනීෂියානු අක්ෂර මාලාව මගින් ග්‍රීක හෝඩිය වැඩි දියුණු වූ අතර ලතින්, සිරිලික්, කොප්ටික් සහ වෙනත් බොහෝ ලිවීමේ ක්‍රමයන්ද ඇසුරු කර ඇත.

Quick facts ග්‍රීක, Pronunciation ...

යුරෝපා ඉතිහාසයෙහි ග්‍රීක භාෂාවට අද්විතීය ස්ථානයක් හිමිවෙයි. බටහිර සභ්‍යත්වය සහ ක්‍රිස්තියානිත්වයෙහි වර්ධනයට එහි ආභාෂය බෙහෙවින් ලැබුණි. ග්‍රීක සාහිත්‍යය ඉලියඩ් සහ ඔඩිසි වැනි මහා වීර කාව්‍යයන්ගෙන් සමන්විත වෙයි. බටහිර දර්ශන විද්‍යාව, ප්ලේටෝනික සංවාද මෙන්ම ඇරිස්ටෝටල්ගේ ක්‍රියාකාරකම් වලදී පදනම් භාෂාව වුයේ ද ග්‍රීක භාෂාවයි. කතෝලික බයිබලයේ නව තෙස්තමේන්තුව ලියැවුනේ කොයිනේ ග්‍රීක භාෂාවෙනි. ලතින් පාඨ ග්‍රන්ථ සහ රෝමානු ලෝකය සමඟ එකතුව ග්‍රීක පාඨ ග්‍රන්ථ සහ පුරාතන ග්‍රීක සමාජය අධ්‍යයනය, සම්භාව්‍ය සභ්‍යත්වයෙන් සමන්විත වෙයි.

පුරාතන සම්භාව්‍යත්වය තුලදී, මධ්‍යධරණී ලෝකයෙහි පුළුල්වම ව්‍යාප්ත වූ භාෂා ව්‍යවහාරය වූයේ ග්‍රීක භාෂාවයි. එමෙන්ම එය බයිසැන්තියම් අධිරාජ්‍යයේ නිල භාෂාව බවට ද පත් විය. ග්‍රීසියෙහි සහ සයිප්‍රසයෙහි නිල භාෂාව වන නවීන ග්‍රීක භාෂාව, යුරෝපා සංගමයේ නිල භාෂා 23න් එකකි. මෙම භාෂාව ග්‍රීසියෙහි, සයිප්‍රසයෙහි, ඇල්බේනියාවේ බොහෝ ප්‍රදේශයන්හි සහ ග්‍රීක ඩයස්පොරාවෙහි අඩු තරමින් මිලියන 13ක් වූ ජනතාවක් විසින් අද භාවිත කරනු ලබයි.

ග්‍රීක සහ ලතින් භාෂා අන්තර්ජාතික විද්‍යා වාග් මාලාවෙහි අතිප්‍රමුඛ මුලාශ්‍රයෝ වෙති.

Remove ads

ග්‍රීක හෝඩිය

More information capital, lower case ...

ආශ්‍රිත ලිපි

  • List of medical roots, suffixes and prefixes

සටහන්

    පාද සටහන්

    භාහිර සබැඳි

    Loading related searches...

    Wikiwand - on

    Seamless Wikipedia browsing. On steroids.

    Remove ads