පුස්තකාල

From Wikipedia, the free encyclopedia

පුස්තකාල
Remove ads

විවිධ කාල පරාස තුළ බිහිවූ ලේඛන නැවත නිරීක්ෂණය සඳහා තැන්පත් කිරීම ආරම්භ වීමත් සමඟ ම ලෝකයට පුස්තකාල බිහිවිය. දැනුම ආරක්ෂා කරන සහ ගබඩා කරනු ලබන ආයතනයක් ලෙස පොදුදෙපලක් වන පුස්තකාලය වුව ද, වර්තමානයේ දී සුවිශේෂී අරමුණු රැසක් මුල් කර ගනිමින් පුස්තකාල ක්‍රියාත්මක වනු දැකිය හැකිය. ඒ අනුව අද වන විට ලෝකය තුළ පාසල් පුස්තකාල,ජාතික පුස්තකාල,මහජන පුස්තකාල,ආදී ලෙස විවිධ පුස්තකාල වර්ග බිහිවී ඇත. පුස්තකාලය කවරාකාර වුව ද ඒවා තත්කාලීන සමාජ අවශ්‍යතා සපුරාලීමට සමත් විය යුතුම ය. එසේ නොමැති පුස්තකාලයට සමාජ පැවැත්මක් ඇත්තේ නැත. එසේ හෙයින් පුස්තකාල මඟින් සමාජයට අවශ්‍ය තොරතුරු එක් රැස් කොට සංවිධානය කිරීම සහ අවශ්‍ය අවස්ථාවේ දී එම තොරතුරු ඵලදායක අයුරින් ලබා දීම සිදුකළ යුතු වේ.

Thumb
පුස්තකාලය
Remove ads

ජාතික පුස්තකාලය

රටක පුස්තකාල අතරින් අන් සියලු පුස්තකාලවලට නායකත්වය දෙමින් කටයුතු කරනු ලබන ආයතනය ජාතික පුස්තකාලය යි. ඉතා පුළුල් අරමුණු සහ වගකීම් රාශියකින් යුක්තව ක්‍රියාත්මක වන ජාතික පුස්තකාලය ජාතික ඥාන කෝෂ්ඨාගාරය ද වේ. ඒවා රාජ්‍ය නොවන අරමුදල් වලින් නඩත්තු වන අතර ජාතියේ සමස්ත මතකයද සුරකිනු ලබන ස්ථානයද වේ. නීතිමය තැන්පතු නීතිය යටතේ පුස්තකාල ද්‍රව්‍ය ප්‍රතිග්‍රහණය කර ගනු ලබන ජාතික පුස්තකාලයක පොත පත විමර්ශනය සඳහා පමණක් යොමු කෙරේ. ජාතික පුස්තකාලයක ඇති සුවිශේෂී කාර්යභාරය වන්නේ සිය දේශයෙහි පළ කරන ලද පොත් පත් වලින් එක් පිටපතක් හෝ අවම වශයෙන් ජාතියේ අනාගතය උදෙසා සංරක්ෂණය කිරීමයි.

Remove ads

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය

පුස්තකාල සේවාමණ්ඩල පනත සම්මත වීමත් සමඟ 1970දී ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය ආරම්භ විය. ශ්‍රී ලංකා ජාතිකපුස්තකාලය සියලුම පාඨකයන් සඳහා ප්‍රයෝජනයට ගත හැකි පුස්තකාල එකතුවකින් සමන්විත වේ. එය සතුව පුස්තකාල එකකුත් 20ක් පමණ දැක ගත හැක.

ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතු පුස්තකාල එකතූන් කිහිපයක්

ගොනුව:විශේෂඑකතුව.jpg

මූලික විමර්ශන එකතුව

මෙය ශ්‍රී ලංකාවේ ඇති හොඳම විමර්ශන එකතුවයි. මෙයට විශ්ව කෝෂ, ශබ්ද කෝෂ, ග්‍රන්ථ නාමාවලි ඇතුළත් වේ. ශ්‍රී ලංකාවට අදාළ අංග සම්පූර්ණ මූලික විමර්ශන එකතුවක් ද පවතින අතර CD ROM ස්වරූපයෙන්ද විමර්ශන කෘති දක්නට ලැබේ. ඒවා ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයෙහි පහත මාලයේ දක්නට ඇත.

ශ්‍රී ලංකා එකතුව

ශ්‍රී ලංකාවේ පළ කරනු ලබන කෘති, විදේශීය රටවල ශ්‍රී ලාංකිකයන් විසින් පළ කරනු ලබන කෘති, විදේශ රටවල ශ්‍රී ලංකාව පිළිබඳ පළවන ලිපි / කෘති ආදිය රැගත් 1976ට පසු ශ්‍රී ලංකා‍වේ පළ වූ ප්‍රකාශනවල අංග සම්පූර්ණ එකතුවක් ජාතිකපුස්තකාලයේ පළමු මහලෙහි තැන්පත් කොට ඇත.

වාර සඟරා එකතුව

මෙම එකතුවට දේශීය සිංහල සහ ඉංග්‍රීසි වාර සඟරා ඇතුළත් වේ. විදේශීය වාර සඟරා ද මෙයට ඇතුළත් වන අතර, විශේෂිත ආරක්ෂිත පෙට්ටිවල මෙම වාර සඟරා අසුරා ඇත. බිම් මහලෙහි වාර සඟරා කීපයක් පාඨක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරනු ලබයි.

පුවත්පත් එකතුව

1976 සිට මේ දක්වා පළ වූ සම්පූර්ණ පුවත්පත් එකතුවක් මෙහි ඇත. සිංහල දෙමළ හා ඉංග්‍රීසි පුවත්පත් එකතුවක් ද දැකිය හැකි අතර පුවත්පත් ලිපි තැබුම් සේවයක්ද දැකිය හැකිය.

නිත්‍යනුකූල තැන්පතු එකතුව

ශ්‍රී ලංකාවේ පළවන සෑම ප්‍රකාශනයක ම පිටපතක් ජාතික පුස්තකාලයේ තැන්පත් කරයි. මෙම එකතු‍වෙහි තොරතුරු අඩංගුසුචියක් දක්නට ඇත.

රාජ්‍ය ප්‍රකාශන එකතුව

1888 සිට වර්තමානය දක්වා ශ්‍රී ලංකා‍වේ පළවු සම්පුර්ණ ප්‍රකාශන,රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ,පරිපාලන වාර්තා,පාර්ලි‍මේන්තු විවාද.නීතිවාර්තා,පණත්,සැසි වාර්තා මෙම එකතුවට අයත් වේ.

පශ්චාත් උපාධි නිබන්ධන එකතුව

ශ්‍රී ලංකාවේ සහ විදේශීය විශ්වවිද‍්‍යාලවලින් ශ්‍රී ලාංකික විද්වතුන් හට ප්‍රදානය කරනු ලබන ආචාර්ය්‍ය සහ දර්ශන විශාරද උපාධි නිබන්ධන එකතුව ජාතික පුස්තකාලයේ වැදගත් එකතුවක් වේ.

ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය එකතුව

මෙම එකතුවට කැසට්පට,වීඩියෝ පට,සූක්ෂම පට,සූක්ෂම පත්‍ර,සංගෘහිත තැටි යනාදිය අයත් වේ.ජාතික පුස්තකාලය මගින් පවත්වන ලද දේශන ද මෙහි අඩංගුය.

සිතියම් එකතුව

මෙහි ශ්‍රී ලංකාවේ විවිධ මාදිලියේ සිතියම් විශාල ප්‍රමාණයක් තැන්පත් කර තිබේ.මෙම සිතියම් M,M2,M39 යනාදී ලෙස අංකනය කර ඇත.

විශේෂ එකතු

විවිධ විද්වතුන්ගේ කෘති එකතු ගණනාවක් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයෙහි අන්තර්ගත වේ.මෙම එකතුවලින් ප්‍රධානම එකතුවක් ලෙස මාර්ටින් වික්‍රමසිංහ එකතුව පෙන්වාදිය හැකිය. ඊට අමතරව, මහාචාර්ය ඩී.ඊ.හෙට්ටිආරච්චි එකතුව මහාචාර්ය එච්.එම්. පීටර් සිල්වා එකතුව මහාචාර්ය ටිකිරි අබේසිංහ එකතුව ආචාර්ය පී.බී. සන්නස්ගල එකතුව මහාචාර්ය ඒ.වී. සුරවීර එකතුව තේජා ගුණවර්ධන එකතුව ලෙස එකතු ගණනාවක් ද දැකිය හැකිය.මෙම එකතුවලට අමතරව පුස්කොල පොත්,දුර්ලභ ග්‍රන්ථ විද්‍යා හා තාක්ෂණ පුස්තකාල හා විඥාපන විද්‍යා,යුනෙස්කෝ ජන සාහිත්‍ය,බ්‍රේල් ප්‍රකාශන යනාදී එකතූන් ද ශ්‍රී ලංකා ජාතික පුස්තකාලය සතුව ඇත. මෙම සියලු එකතූන් විමර්ශනය සදහා පමණක් ඇති අතර ඊට ප්‍රවේශවීම සදහා පුස්තකාල සාමාජිකත්වය ලබා ගත යුතු වේ.එක් දිනක,මාස තුනක,මාස හයක හෝ වසරක සාමාජිකත්වය ලබා ගත හැක.තමාට අවශ්‍ය තොරතුරුවල ඡායා පිටපත්ලබා ගැනීමට ද පාඨකයාට හැකියාව ලබා දී ඇත.ශ්‍රී ලංකා ජාතික පුස්තකාල වෙබ් ලිපිනය වන www.natl.lk තුලින් ශ්‍රී ලංකා ජාතික පුස්තකාලයේ පරිගනක සුචිය අන්තර්ජාලය ඔස්සේ භාවිත කිරීමේ හැකියාව ද ලබා දී තිබීම පාඨකයන්ට ඉතා වැදගත් වනු ඇත.

Remove ads

මූලාශ්‍රය:

නවයුගය මාර්තු 2007 සඟරාවේ ලිපියක් ඇසුරින්

ආශ්‍රිත

  • Document management system
  • Libraries in fiction
  • Library anxiety
  • Library portal
  • Trends in library usage
  • List of libraries

මූලාශ්‍ර

භාහිර සබැඳි

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads