ප්‍රෝටෝනය

From Wikipedia, the free encyclopedia

Remove ads

ප්‍රෝටෝනය (ඉංග්‍රීසි:  Proton), ධන 1ක මූලික ආරෝපණයක් ඇති උප පරමාණුක අංශුවකි. පරමාණුක න්‍යෂ්ටියක් තුළ ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇත. ප්‍රෝටෝනයේ ස්කන්ධය 1.672621777(74)×1027 kg වේ.[1] ප්‍රෝටෝනය සොයාගනු ලැබුවේ අර්නස්ට් රදෆර්ඩ් විසිනි.

ප්‍රෝටෝනය ස්ථායී අංශුවකි. සමහර විරල මාදිලියේ විකිරණශීලී ක්ෂය වීම් වලදී නිදහස් ප්‍රෝටෝන මුක්ත වේ. මෙම නිදහස් ප්‍රෝටෝන වහා ඉලෙක්ට්‍රෝනයක් සමඟ සබැඳී හයිඩ්‍රජන් පරමාණුවක් සාදයි. පදාර්ථයේ ප්ලාස්මා අවස්ථාවේදී සහ රික්තයක ගමන් කරන අන්තරීක්ෂ කිරණ ලෙස ද නිදහස් ප්‍රෝටෝන පැවැතිය හැකි ය.

ප්‍රෝටෝනය සෑදී ඇත්තේ මූලික අංශු 3ක් එක් වීමෙනි: උඩු-අත් ක්වාක් අංශු (up quark) 2ක් සහ යටි-අත් ක්වාක් අංශුවක් (down quark). එහි විෂ්කම්භය ආසන්න වශයෙන් 16-17fm පමණ වේ.[2]

Remove ads

මූලාශ්‍ර

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads