අකුණු
අහසේ සිදුවෙන ස්ථිතික විද්‍යුත් ක්‍රියාවලියක් / From Wikipedia, the free encyclopedia
අකුණු ගැසීම හෙවත් අපේ ගැමි ව්‍යවහාරයට අනුව හෙණ ගැසීම පෘථීවිය මතුපිට සිදුවන්නා වු ස්වාහාවික ක්‍රියාවලියකි. එහෙත් මෙමගින් මිනිසුන්ට මෙන්ම අනෙක් ජීවීන්ට හා ස්වාභාවික පරිසරයට හානි සිදු වන බැවින් අකුණු ස්වාභාවික විපත් (Natural Disasters) ගණයට අයත් වෙයි. පෘථීවියේ උපත සිදු වුයේ කවදාද එදා පටන් පෘථීවියේ අකුණු ගැසීම සිදු වන්නට ඇත. අකුණු ගැසීමෙන් ස්වාභාවික විපත් සිදුවුවත් පෘථීවි ජීවයේ උපතට අකුණු ගැසීම හේතුවක් වුවා සේම උපන් ජීවය අඛණ්ඩව පවත්වා ගැනීමට ද අකුණු ආධාර වේ. මේ නිසා පෘථීවිය මත අකුණු වල ක්‍රියාකාරිත්වයක් නොතිබුණා නම් ජීවින්ට ජීවත් වීමට සුදුසු ස්ථානයක් ලෙසට පෘථීවිය සැකසෙන්නේ නැත. එබැවින් අකුණු ගැන දැනුවත් වීම අකුණු අනතුරු වලින් බේරීමට තිබෙන පහසු මාර්ගයකි.