From Wikipedia, the free encyclopedia
විශාල් වීරු "අජේ"දේවගන් (1969 අප්‍රේල් 2 නව දිල්ලියේ උපත ලද.) "ජාතික සිනමා සම්මාන ලබා ගත් හින්දි චිත්‍රපට වල රඟපාන නලුවෙකි. ඔහු බොලිවුඩ්පුරයේ ගැඹුරු චරිත වලට විවෘත වෙමින් තම ස්ථාවරය ස්ථාපනය කර ගත්තේ, සටන් නලුවෙකු ලෙස1990 දශකයේ සිනමා ජීවිතය ආරම්භ කරමිනි. 2008 දී අධ්‍යක්ෂනයට පිවිසි ඔහු "යු මී ඕර් හම් " චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑවේ තම භාර්යාව වන "කාජල් " සමඟය.
උපත | 1969 අප්‍රේල් 02 |
විශාල් වීරු දේවගන් | |
අනෙක් නම(ම්) | අජේ දේවගන් |
රැකියාව | නලුවෙකි, නිෂ්පාදකවරයෙකි, අධ්‍යක්ෂකවරයෙකි |
ක්‍රියාකාරි වර්ෂයන් | 1991-වර්තමාන |
භාර්යාව | කාජල් දේවගන් (1999-වර්තමාන) |
ජීවිත කතාව
දේවගන් හා ඔහුගේ පවුල පැවත එන්නේ පන්ජාබ් දේශයෙනි. වීරු දේවගන්, සටන් අධ්යක්ෂවරයෙක් වන අතර ඔහුගේ මව වන වීනා දේවගන් එක චිත්‍රපටයක් නිෂ්පාදනය කර ඇත. ඔහුගේ සහෝදරයා වන අනිල් දේවගන්,බොලිවුඩ් චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. ඔහු ජුහු හි "බාප්පු පාසල" හා "මිතිබායි විදුහලේ" උපාධිධාරියෙකි. ඔහු 1999, පෙබරවාරි 23 වන දින සිනමා නිළි කාජල් හා විවාහ වු අතර ඔවුන්ට දියණියක සහ පුතෙකු සිටියි. 2009, අගෝස්තු හිදී ඔහු විසින් තම මවගේ ඉල්ලීම මත තම අවසාන නම "දේවගන්" ලෙස වෙනස් කරන ලදී.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.