![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/si/thumb/1/15/ICC_official_logo.jpg/640px-ICC_official_logo.jpg&w=640&q=50)
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය
From Wikipedia, the free encyclopedia
මෙහි දැක්වෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිළිබඳවයි.
අනෙකුත් භාවිත සඳහා අයිසීසී (වක්‍රෝත්තිහරණය) බලන්න.
![]() අයිසීසී නිල ලාංඡනය | |
සංක්ෂිප්තය | අයිසීසී |
---|---|
ආදර්ශ පාඨය | චැම්පියනින්ග් වර්ල්ඩ් ක්‍රිකට් |
පූර්වප්‍රාප්තිකයා | අධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය (1909-65) ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (1965-89) |
සංස්ථාපනය | 15 ජුනි 1909; වසර 114 කට පෙර (1909-06-15) |
වර්ගය | ජාතික සංගම් සම්මේලනය |
මූලස්ථානය | ඩුබායි, එක්සත් අරාබි එමීර් රාජ්‍යය |
Membership | 104 members |
නිල භාෂාව | ඉංග්‍රීසි |
Chairman | Shashank Manohar |
President | Zaheer Abbas[1] |
CEO | David Richardson |
වෙබ් අඩවිය | icc-cricket.com/ |
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පිහිටවූයේ 1909 ජුනි 15 දිනයි. මෙහි ප්‍රධාන කාර්යාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි පිහිටා ඇත. ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම පාලන කටයුතු සඳහා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පිහිටුවීය. එය 1909 දී මුලින් පිහිටුවනු ලැබුවේ අධිරාජ්‍යවාදී ක්‍රිකට් සම්මේලනය යනුවෙනි. එහි නියෝජිතයන් වූයේ එංගලන්තය, ඕස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාවයි. 1965 දී එය ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය නමින් නැවත නම් කෙරුණි. වර්තමාන නාමය එයට හිමි වූයේ 1989 දීය.
දැනට රටවල් 105ක් සාමාජිකත්වය ලබා ඇති අතර සාමාජික කණ්ඩායම් 12 ක් නිළ ටෙස්ට් තරඟ ක්‍රීඩා කරන අතර අනුබද්ධිත කණ්ඩායම් 92 ක් ද මෙම සාමාජිකත්වයට අයත් වේ.[2] මෙම ආයතනය අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සංවිධානය හා පාලනය කිරීමෙහි ලා මූලික වන අතර විශේෂයෙන්ම ලෝක කුසලානය සංවිධානය කිරීමේ භාරධූර කාර්යය ඉටු කරනු ලබයි. එලෙසම එක්දින තරඟ හා පන්දුවාර 20 අන්තර්ජාතික ක්‍රිකට් තරඟ සඳහා විනිසුරුවන් හා පුහුණුකරුවන් පත් කිරීම ද සිදු කරනු ලබයි. එපමණක් නොව ප්‍රධාන වගකීම් අතර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නීති රීති මාලාව නිසියාකාරව පවත්වාගෙන යාමක් තරඟාවලියේ දූෂණ අවස්ථාවන්හිදී දූෂණ විරෝධී හා ආරක්ෂා ඒකකයට අන්තර් ග්රහණවත් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීමත් වෙයි.
අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ හිටපු සභාපති මුස්තාෆා කමල් මහතා 2015 වසරේ දී අස්වීමෙන් පසු සභාපති ලෙස සහීර් අබ්බාස් මහතා පත්කර ඇත.