ඉතිහාසය
From Wikipedia, the free encyclopedia
ඉතිහාසය ඉගෙන ගැනීමට පෙර ඉතිහාසය යනු කුමක් ද කියලා අපි ඉගෙන ගත යුතුයි. ඉතින් සරලව ඉතිහාසය කියල කියන්නේ අපි ද අපි වටා ඇති සියලුම දේවල්වල ද අතීතයි.
ඉතිහාසය කියන වචනය මුලින්ම ජන සමාජයට එන්නේ ග්‍රීසියේ සම්භාව්‍ය යුගයේ දී. එනම් ක්‍රි.පූ.6 වන සියවසේ දී පමණ (අදින් වසර 2500 පෙර)
පැරණි ග්‍රීකයෝ මහත්සේ දැනුම සහ ප්‍රඥාව සොයා ගිය අය වුහ. ඔවුන්ගේ දැනුම සහ ප්‍රඥාව වරදය කල එක් විෂයයක් වූයේ ඉතිහාසයයි. මනුෂ්‍ය වර්ගයාගේ අතීතය පිළිබඳව පරීක්ෂණ මගින් අධ්‍යයනය කිරීම හෙවත් මනුෂ්‍ය වර්ගයාගේ ඉතිහාසය ඉගෙනීම හෙරඩෝටස් සහ තියුසිඩීස් යන ග්‍රීක ඉතිහාසඥයන් විසින් පසු කාලයේදී එක්තරා ශික්ෂණයක් වශයෙන් වැඩි දියුණු කරන ලදී.මෙම තත්වය නිසා හෙරඩෝටස් ඉතිහාසය විෂයේ පියා ලෙස හඳුන්වයි.