ඉන්ද්‍ර
From Wikipedia, the free encyclopedia
ඉන්ද්‍ර වනාහි යුද්ධයට මෙන් ම කාලගුණයට ද අධිපති දෙවියාය. හින්දුසමය අනුව හෙතෙම දෙවියන්ගේ රජුය. එසේම ස්වර්ගයට ද අධිපති වෙයි. ඉන්ද්‍ර පිළිබදව ප්‍රථම වරට සඳහන් වන්නේ හින්දු පූජනීය ග්‍රන්ථය වන ඍග්වේදයෙහි සදහන් වේ. ඒ අනුව හෙතෙම ප්‍රධාන දෙවියා වන අතර ආක්‍රමණශීලී චරිත ලක්ෂණවලින් යුක්තය.
Quick Facts ඉන්ද්‍ර, දේවනාගරී ...
ඉන්ද්‍ර | |
---|---|
දෙවියන්ගේ රජු විදුලිය, අකුණු, වර්ෂාව සහ ගංගා ගලායාමට අධිපති දෙව්ලොව රජ | |
දේවනාගරී | इन्द्र හෝ इंद्र |
සංස්කෘත පරිවර්තනය | इन्द्र |
අනුබැඳිය | දේව (හින්දු ආගම, ජෛන ආගම) |
වාසභවනය | ස්වර්ගයේ අමරාවතී, ඉන්ද්රලෝකය, මේරු පර්වතය |
ආයුධය | වජ්ර (අකුණ) |
සංකේත | වජ්‍රය |
පෞද්ගලික තොරතුරු | |
වල්ලභයා | ශාචි (ඉන්ද්‍රාණි) |
දෙමාපියන් | කශ්‍යප (පියා), අදිති (මව) |
සොයුරු/සොයුරියන් | සූර්ය,වායු,අග්නි,වරුණ,වාමන |
දරුවන් | වාලි, අර්ජුන සහ අන්‍යයන් |
වාහනය | ඓරාවත (සුදු අලියා), උච්චෛහ්ශ්රවාස් (සුදු අශ්වයා) |
පාඨ ග්රන්ථ | වේද, පුරාණ, වීරකාව්‍ය |
ග්‍රීක සමානයා | සියුස් |
රොම සමානයා | ජුපිටර් |
Close
පශ්චාත් කාලීන හින්දු සමයෙහි පැන නැගි ති‍්‍රමූර්තිය අනුව ඔහුගේ ගෞරවය සහ කාර්යභාරය මදක් අඩු වී ඇතත් වෛදික යුගයේ සිට පුරාණ යුගය දක්වා ම ඉන්දීය පුරාණෝක්තීන්හි දෙවියන්ගේ ප්‍රධාන පාලකයා වශයෙන් ඉන්ද්‍ර හැම විට ම වැදගත් ස්ථානයක් හිමි කරගෙන ඇත.