එදිරිවීර සරච්චන්ද්‍ර
ජීවන තොරතුරු / From Wikipedia, the free encyclopedia
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර (1914 ජුනි 3 – 1996 අගෝස්තු 16) ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය. ශ්‍රී ලංකාවේ ප්රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද (1974 – 1977) සේවය කළේය. ඔහුගේ ප්‍රථම නාට්‍යය මනමේ නාටකයයි. මෙය නාඩගම් හෝ ජන නාට්‍ය සම්ප්රදායේ සිට නවීන වේදිකා නාට්‍ය ආකෘතිය වෙත මාරු වීම පෙන්නුම් කරන ප්‍රථම සැබෑ සිංහල නාට්‍ය ලෙස සලකනු ලැබේ. ඔහුගේ බොහෝ නාට්‍ය, බෞද්ධ ජාතක කතා හෝ සිංහල ජනශ්‍රැත මුල් කරගෙන නිර්මාණය වූ ඒවාය. මෙය ඔහුගේ නිර්මාණවලට ක්ෂණික හා කල් පවතින ජනප්‍රියත්වයක් ලබා දුනි.
මෙම ලිපිය කිසිදු මූලාශ්‍රයක් උපුටා දක්වන්නේ නැත.මූලාශ්‍ර සෙවීම: "එදිරිවීර සරච්චන්ද්‍ර" – news '• පුවත්පත් • පොත් • scholar • JSTOR |
Quick Facts Sri Lankan Ambassador to France, පුද්ගලික තොරතුරු ...
Sri Lankan Ambassador to France | |
---|---|
තනතුර දරමින් 1974–1977 | |
පුද්ගලික තොරතුරු | |
උපත | 3 ජුනි 1914(1914-06-03) ගාල්ල |
විපත | 16 August 1996(1996-08-16) (වයස 82) කොළඹ, ශ්‍රී ලංකාව |
ජාතිය | ශ්‍රී ලාංකික |
කලත්‍රයා | Ailean (Beleth) Sarachchandra, ලලිතා (ස්වර්ණා පෙරේරා) සරච්චන්ද්‍ර |
දරුවන් | නන්දිතා සරච්චන්ද්‍ර, සුනේත්ර සරච්චන්ද්‍ර, කිසාගෝතමී සරච්චන්ද්‍ර, යශෝධරා සරච්චන්ද්‍ර, රන්සි සරච්චන්ද්‍ර |
අධ්‍යාපනය | රිච්මන්ඩ් විද්‍යාලය, ගාල්ල ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල ශාන්ත ජෝන් විද්‍යලය, පානදුර ශාන්ත තෝමස් විද්‍යාලය කොළඹ විශ්වවිද්‍යාලය ලන්ඩන් විශ්වවිද්‍යාලය , ලන්ඩනය |
Awards | Honorary D. Litt. from the University of Jaffna, Honorary D. Litt. from the University of Peradeniya in addition to the Professor Emeritus |
වෙබ් අඩවිය | sarachchandra.org |
Close