![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/4/41/Kamala_Harris_Vice_Presidential_Portrait.jpg/640px-Kamala_Harris_Vice_Presidential_Portrait.jpg&w=640&q=50)
කමලා හැරිස්
From Wikipedia, the free encyclopedia
කමලා දේවී හැරිස් (උපත: 1964 ඔක්තෝබර් 20) යනු ඇමරිකානු දේශපාලඥවරියක් සහ නීතිඥවරියක් වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ 49 වන සහ වත්මන් උප ජනාධිපතිනිය වේ. 2020 වර්ෂයේ ජනාධිපතිවරණයේ දී, ජෝ බයිඩන් සමග එක්ව ඩිමොක්රටික් පක්ෂය නියෝජනය කරමින්, රිපබ්ලිකන් අපේක්ෂක, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උප ජනාධිපති මයික් පෙන්ස් පරාජය කිරීමට ඇය සමත් වූවා ය. ඇය 2017 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා සෙනට් සභිකයෙකු ලෙස කැලිෆෝනියා ජනපදය නියෝජනය කළා ය. 2021 වර්ෂයේ ජනවාරි 20 දින උප ජනාධිපති ධූරයේ දිවුරුම් දීමත් සමග, ඇය ඇමරිකානු ඉතිහාසයේ ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ඉහළම තනතුරකට දැනට පත්වී ඇති පළමු කාන්තාව බවට පත්වූවා ය. එමෙන්ම උප ජනාධිපති තනතුරට පත්වූ පළමු ආසියාතික-ඇමරිකානුවා මෙන්ම අප්‍රිකානු-ඇමරිකානුවා ද කමලා හැරිස් වේ.
Quick Facts එක්සත් ජනපදයෙහි 49 වන උප ජනාධිපතිවරයා, ජනාධිපතිවරයා ...
![]() නිල ආලේඛ්‍ය චිත්‍රය, 2021 | |
එක්සත් ජනපදයෙහි 49 වන උප ජනාධිපතිවරයා | |
---|---|
තනතුරුධාරී | |
තනතුර දරමින් ජනවාරි 20, 2021 | |
ජනාධිපතිවරයා | ජෝ බයිඩන් |
පූර්වප්‍රාප්තිකයා | මයික් පෙන්ස් |
United States Senator from කැලිෆෝනියා | |
තනතුර දරමින් ජනවාරි 3, 2017 – ජනවාරි 18, 2021 | |
පූර්වප්‍රාප්තිකයා | බාබරා බොක්සර් |
අනුප්‍රාප්තිකයා | ඇලෙක්ස් පැඩිල්ලා |
32 වන කැලිෆෝනියාවේ නීතිපති | |
තනතුර දරමින් ජනවාරි 3, 2011 – ජනවාරි 3, 2017 | |
Governor | ජෙරී බ්‍රවුන් |
පූර්වප්‍රාප්තිකයා | ජෙරී බ්‍රවුන් |
අනුප්‍රාප්තිකයා | සේවියර් බෙකෙරා |
සැන් ෆ්රැන්සිස්කෝහි 27 වෙනි දිස්ත්‍රික් නීතිඥ | |
තනතුර දරමින් ජනවාරි 8, 2004 – ජනවාරි 3, 2011 | |
පූර්වප්‍රාප්තිකයා | ටෙරන්ස් හැලිනන් |
අනුප්‍රාප්තිකයා | ජෝර්ජ් ගැස්කන් |
පුද්ගලික තොරතුරු | |
උපත | කමලා දේවී හැරිස් ඔක්තෝබර් 20, 1964 (1964-10-20) (වයස 59) ඕක්ලන්ඩ්, කැලිෆෝනියා, එක්සත් ජනපදය |
දේශපාලන පක්ෂය | ඩිමොක්රටික් පක්ෂය |
කලත්‍රයා | ඩග් එම්හෝෆ් (වි. 2014) |
දරුවන් | දෙදරු දරුවන් |
දෙමව්පියන් |
|
ඥාතීන් | Family of Kamala Harris |
වාසස්ථාන | Number One Observatory Circle |
අධ්‍යාපනය |
|
රැකියාව |
|
අත්සන | ![]() |
වෙබ් අඩවිය | |
Close