ක්‍රීපූ 0ගණන් සාමාන්‍ය වශයෙන් සැලකෙන්නේ, ක්‍රිපූ 1 වන සියවසෙහි සහ ක්‍රිපූ 1 වන සහශ්‍රවර්ෂයෙහි අවසාන දශකය ලෙසිනි. කෙසේවෙතත්, 0ගණන්හී මෙන්ම, ක්‍රිපූ 0ගණන්හී වසර සංඛ්‍යාවද සැමවිටම පැහැදිලි ලෙසින් අර්ථදක්වා නොමැත. ප්‍රලම්බිත ග්‍රෙගෝරියානු දින දසුනෙහි හෝ ජූලියානු දින දසුනෙහි හෝ ශුන්‍යය වසර (0) නොමැති බව සටහන් කර ගන්න. එබැවින් ක්‍රිපූ 1 වසරෙන් ඉක්බිතිව පැමිණෙන්නේ ක්‍රිව 1 වසර වෙයි.

Quick Facts
සහශ්‍රවර්ෂය: ක්‍රිපූ  1 වන සහස්‍රවර්ෂය
සියවස්: ක්‍රිපූ  2 වන සියවසක්‍රිපූ  1 වන සියවස1 වන සියවස
දශක: ක්‍රිපූ  30ගණන් ක්‍රිපූ  20ගණන් ක්‍රිපූ  10ගණන්ක්‍රිපූ  0ගණන්0ගණන් 10ගණන් 20ගණන්
වසර: ක්‍රිපූ  9 ක්‍රිපූ  8 ක්‍රිපූ  7 ක්‍රිපූ  6 ක්‍රිපූ  5 ක්‍රිපූ  4 ක්‍රිපූ  3 ක්‍රිපූ  2 ක්‍රිපූ  1
ප්‍රවර්ග: උපත්මරණවාස්තු විද්‍යාව
සංස්ථාපන කිරීම්විසංස්ථාපනය කිරීම්
Close

ක්‍රිව 1 යනු ක්‍රිස්තු වර්ෂ යුගයෙහි ( පොදු යුගය ලෙසින්ද හැඳින්වෙයි) පළමු වසර වෙයි. වසර 525 දී (කණිෂ්ඨ ප්‍රෝබුස් ෆ්ලාවියුස් ප්‍රෝබුස් ගේ රාජ්‍යතාන්ත්‍රික ධූර වර්ෂය), දියෝනීස් එක්සිගිවස් නමැති ක්‍රිස්තියානි පූජකවරයෙක් පැවසුවේ, ජේසුස් වහන්සේගේ මාංශගතවීම සිදුවූයේ වසර 525 කට පෙර බවයි. [1] දියෝනීස් විසින් "මාංශගතවීම" ලෙසින් සැලකුවේ ජේසුස් වහන්සේගේ උපතද නැත්නම් පිළිසිඳීමද යන්න හා, එය දියෝනීස් විසින් සැලකුවේ ක්‍රිපූ 1 දී හෝ ක්‍රිව 1 දී හෝ සිදුවූ ලෙසින්ද යන්න, නූතන ප්‍රාඥයන්ගේ තර්කයනට ලක් වී ඇත. කෙසේවෙතත්, එම ප්‍රාඥයන් විසින්ම විශ්වාස කෙරෙනුයේ, ජේසුස් වහන්සේ සත්‍ය වශයෙන්ම උපන්නේ, මෙම දශකය තුලදීම, වසර කිහිපයකට පෙරදී බවයි.

මෙම ලිපිය, ක්‍රිස්තු වර්ෂ යුගයට පෙර අවසන් වසර නවය වන ක්‍රිපූ 9– ක්‍රිපූ 1 පිළිබඳ වන අතර, අවසන් වසර දහය පිළිබඳ නොවෙයි.


ආශ්‍රිත

Wikiwand in your browser!

Seamless Wikipedia browsing. On steroids.

Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.

Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.