From Wikipedia, the free encyclopedia
කුයිපර් පටිය, සමහර අවතාවලදී මෙය එජ්වර්ත්-කුයිපර් පටිය ලෙසද හඳුන්වයි(තාරකා විද්‍යාඥයන් වූ කිනෙත් එජ්වර්ත් සහ ජෙරාර්ඩ් කුයිපර් අනුව).මෙය සූර්යය පද්ධතිය තුල ග්‍රහලෝක වලින් එපිට වූ කලාපයක් වන අතර නෙප්චූන් ග්‍රහයාගේ කක්ෂයෙන් (නක්ෂත්ර ඒකක 30 AU)ඔබ්බට ආසන්න වශයෙන් සූර්යයාගේ සිට නක්ෂත්ර ඒකක 50ක් (AU) තරම් දුරට මෙය විහිදෙයි[1].කුයිපර් පටිය අප සෞරග්‍රහ මණ්ඩලය තුල ඇති ග්රාහක වළල්ලට සමාන වුවත් එයට වඩා පළලින් 20 ගුණයකටත් වඩා විශාල වන අතර 200 ගුණයක් තරම් අතිදැවැන්ත වේ.[2][3]ග්රාහක වළල්ලේ මෙන් මෙම කුයිපර් පටියේ ප්‍රධාන වශයෙන් අන්තර්ගතවී ඇත්තේ ග්රාහක කැබලි වන අතර සූර්ය පද්ධතිය නිර්මාණයේදී ඉතිරි වූ අවශේෂ කැබලිද ඇති බව විද්වතුන්ගේ මතයයි. මෙහි සමහර ග්රාහක කැබලි නිර්මාණයවී ඇත්තේ පාෂාණ වලින් හා ලෝහ වලින් වන අතර ප්‍රධාන වශයෙන් කුයිපර් පටියෙහි වූ ග්රාහක නිර්මාණයවී ඇත්තේ මෙතේන්, ඇමෝනියා ,ජලය වැනි මිදුණු රසායනික සංයෝග වලිනි.තවද වයස අවුරුදු දහස් ගණනකට හිමිකම් ඇති මෙම කුයිපර් පටිය ප්ලූටෝ, හෝමියා, සහ මේක්මේක් යන වාමන ග්‍රහලෝක කිහිපයකටද නිවහන වී ඇත.නෙප්චූන්ගේ ට්‍රිටෝන් චන්ද්‍රයාද සෙනසුරුගේ ෆීබී චන්ද්‍රයාද මෙම කුයිපර් පටිය කලාපයේ සම්භවයක් ඇති බව විශ්වාසයයි.[4][5]
තාක්ෂණය තරමක් දුරට දියුණු වූ යුගයක එනම් 1992 වසරේදී මෙම පටිය සොයාගැනීම හේතුවෙන් හඳුනාගත් කුයිපර් වස්තූන් දහස් ගණනින් වැඩි වූ අතර විෂ්කම්භය කිලෝමීටර 100 කට වඩා වැඩි වස්තූන් 100,000 කට අධික ප්‍රමාණයක් මෙම කුයිපර් පටිය තුල පවතින බව විශ්වාසයයි.[6]තවද අවුරුදු 200 කට වඩා අඩු කක්ෂීය කාලයක් හිමි වල්ගාතරු සඳහා ප්‍රධාන සුරක්ෂිතාගාරයක් ලෙසද මෙය හඳුනාගෙන ඇත.කෙසේවුවත් 90 දශකයේ මැද භාගයේ කරන ලද ගවේෂණ අනුව මෙම පටිය ගතිකමය වශයෙන් ස්ථාවර බවත් අවුරුදු බිලියන 4.5කට පෙර[7] නෙප්චූන් ග්‍රහයාගේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් නිර්මාණය වූ ගතිකමය වශයෙන් ක්‍රියාකාරී ප්‍රදේශයක් වූ (scattered disc) තුල මෙම වල්ගාතරු නිර්මාණය වන්නට ඇති බවත් සොයාගැනිණි.මෙම ක්‍රියාකාරී කලාපයේ සාමාජිකයකු වන එරිස් (වාමන ග්‍රහයා) හට ස්ථාවර වූ කක්ෂයක් නොමැති අතර සමහර අවස්ථාවලදී එය සූර්යයාගෙන් නක්ෂත්ර ඒකක 100ක් තරම් ඈතට[nb 1] ගමන් කරනා බව එම කාලයේදීම අනාවරණය කරගැනීමට සමත් විය.
මෙම කුයිපර් පටිය මෙයටත් වඩා දහස් ගුණයකටත් ඈතින් පිහිටි උපකල්පිත ඌට් වළාව හා පටලවා නොගතයුතුය.මන්දයත් කුයිපර් පටියේ පවතින වස්තූන් හා එනම් ස්කැටර්ඩ් ඩිස්ක් නම් සක්‍රිය ප්‍රදේශයේ ඇති වස්තූන් හා ඌට් වළාව තුල ඇති වස්තූන් එක්ව සලකා එම වස්තූන් ට්‍රාන්ස්-නේප්චූනියන් ඔබ්ජෙක්ට්ස් (TNOs) හඳුන්වන නිසාය.[10]
TNO හි විශාලතම වස්තූන් දෙකෙන් එකක් වන ප්ලූටෝ කුයිපර් පටියෙහි විශාලතම වස්තුව වේ.2006 වසරේදී ප්ලූටෝ වාමන ග්‍රහයකු ලෙස ප්‍රකාශ වීමත් සමග එය කුයිපර් පටියෙහි සාමාජිකයකු බවට පත් විය.මෙයට හේතු වූයේ ප්ලූටෝ කුයිපර් පටියෙහි වූ අනෙකුත් වස්තූන්ට ආවේණික වූ ලක්ෂණ පැවතීමත් එහි කක්ෂීය පරිභ්‍රමණ කාලය කුයිපර් වස්තූන්ගේ අවේණික ලක්ෂණ පැවතීමත්ය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.