From Wikipedia, the free encyclopedia
කොන්ෆියුසියස්වාදය යනු දාර්ශනික සහ සදාචාරාත්මක-සමාජ දේශපාලනික ඉගැන්වීම් මත පදනම් වූ පද්ධතියකි. එය ඇතැම් විට ආගමක් ලෙස ද හඳුන්වනු ලබයි. ක්‍රි.පූ. 771-476 අතර කාලයේ දී, චීන දාර්ශනික කොන්ෆියුසියස් (ක්‍රි.පූ. 551–479) ගේ ඉගැන්වීම් අනුව කොන්ෆියුසියස්වාදය වර්ධනය වී ඇත.
කොන්ෆියුසියස් ධර්මය | |||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
චීන නම | |||||||||||||||||||||||||||
චීන | 儒家 | ||||||||||||||||||||||||||
Literal meaning | "Ru scholars' school" | ||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
Vietnamese name | |||||||||||||||||||||||||||
Vietnamese | Nho giáo | ||||||||||||||||||||||||||
Korean name | |||||||||||||||||||||||||||
Hangul | 유교 | ||||||||||||||||||||||||||
Hanja | 儒教 | ||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||
Japanese name | |||||||||||||||||||||||||||
Kanji | 儒教 | ||||||||||||||||||||||||||
Kana | じゅきょう | ||||||||||||||||||||||||||
|
අතීතයේ දී චීනය, තායිවානය, ජපානය, කොරියාව, වියට්නාමය, හොංකොං, මැකාවු සහ සිංගප්පූරුව ආදී රටවල් සහ ඒවායේ සංස්කෘතීන් කොන්ෆියුසියස්වාදයෙන් බෙහෙවින් ආභාෂය ලබා ඇත. 20 වන සියවසේ සිට පමණ කොන්ෆියුසියානු බලපෑම බෙහෙවින් අඩු වී ඇත. ක්‍රිස්තු වර්ෂ දෙවන සියවසේ දී වූ හැන් බෙදා වෙන්කිරීම මගින් බුදු දහමේ සහ තාඕ දහමේ වන විමුක්තිදායක මූලධර්ම හරහා බුද්ධිමය ජීවිතයකට මග විවර කර දෙන ලදී.
කොන්ෆියුසියස් උපත ලැබුවේ ක්‍රි.පූ. 551 දී ලු ප්‍රාන්තයේ (වර්තමාන ෂන්තුන්ගේ පළාතේ) ය. පළමුව ඔහු එම ප්‍රාන්තයේ ඉඩම් අධ්යක්ෂ ධූරය දැරීය. අනතුරුව ඔහුට එම ප්‍රාන්තයේ ප්‍රධාන ඇමති ධූරය දක්වා උසස්වීමක් ලැබුණි. ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් කොන්ෆියුසියස් දැක් වූ උනන්දුව ගැන අධිරාජ්‍යයා අකැමැත්තක් දැක්වීම නිසා ඔහු එම තනතුරෙන් ඉල්ලා අස්විය. ඉන් පසු අවුරුදු 13 ක් තිස්සේ ධර්මය දේශනා කරමින් ඔහු තැනින් තැන සංචාරය කළේ ය. ඔහු අනුගාමිකයන් විශාල පිරිසක් ඇති කර ගැනීමට සමත් විය. ක්‍රි.පූ. 479 දී ඔහු මිය ගියේය.
කොන්ෆියුසියස් මනුෂ්‍ය ස්වභාවය අධ්‍යයනය කිරීමේ ශ්‍රේෂ්ටයෙකු විය. චීනය මහත් ව්‍යසනවලට පත් වූ අවස්ථාවල දී ඒවාට හේතු වූ කරුණු පිළිබඳව අධ්‍යයනය කළ ඔහු විශ්වාස කළේ සදාචාරාත්මක ප්‍රතිපත්ති හා සමාජයීය ආචාර ධර්ම අනුගමනය නොකිරීම එවැනි තත්ත්වයන් උද්ගත කිරීමට තුඩු දී ඇති බවයි. ඒ නිසා මුතුන් මිත්තන් වන්දනා කිරීම, ළමයින්ගේ ධාර්මිකභාවය, අධිකාරීන්ට ගරු කිරීම වැනි පැරණි චාරිත්‍ර වාරිත්‍ර යළි ඉස්මතු කොට යහපත් සමාජයක් ගොඩනැගීමට ඔහු උත්සාහ කළේය. පාලකයන් සහ පාලිත ජනතාව අතරත් සියළු යහළු යෙහෙළියන් අතරත් සහජීවනය ගොඩනැගීමට ඔහු යත්න දැරීය. සෑම තරාතිරමකම සිටින මිනිසුන් සඳහා ඔහු සමාජ හර පද්ධතියක් නියම කළේය. යහපත් ආචාර ධර්ම, නිහතමානී බව, වගකීම් වෙනුවෙන් ඇප කැප වීම සහ අන්‍යයන් කෙරෙහි විශ්වාසය සහ ශක්තිය පැතිරවීම වැනි කරුණු කොන්ෆියුසියස්ගේ ඉගැන්වීම් අතර ප්‍රධාන තැනක් ගත්තේ ය. "අන් අයකු ඔබට කරනු දැකීමට ඔබ අකැමැති යම් දෙයක් වේ නම් එය ඔබ ද අන් අයට නොකරන්න" යනු, සමාජ චාරිත්‍ර වාරිත්‍ර සම්බන්ධයෙන් කොන්ෆියුසියස්ගේ වැදගත්ම නියමය විය.
ස්වභාවික වස්තූන් වන්දනාකිරීම චීනයේ ප්‍රචලිතව පැවති ආදිතම ආගම විය. ඊළඟට මළගිය මුතුන් මිත්තන් වන්දනා කිරීම ආරම්භ විය. සෑම නිවසකම පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ මුතුන් මිත්තන් වන්දනා කළහ.
සියවස් ගණනාවක් තිස්සේ චීන ජාතිකයන්ගේ සිරිත් විරිත් හැඩගැස්වීමෙහි ලා කොන්ෆියුසියස්ගේ ඉගැන්වීම් විශාල බලපෑමක් කර ඇත. කොන්ෆියුසියස් විසින් ලියන ලදැයි හෝ ඔහු විසින් සංස්කරණය කරන ලදැයි සැළකෙන කෘති පහක් නිසා ඔහුගේ කිර්තිය වැඩිදියුණු විය. සියවස් කීපයක් තිස්සේ උගතුන්ගේ මහත් සම්භාවනාවට ලක් වූ කොන්ෆියුසියස් පසුව දේවත්වයෙහි ලා සලකනු ලැබුණි. නමුත් ෂින් රාජවංශයට අයත් ෂි-හුඈන්ග්-ති, තමා විශ්ව අධිරාජ්‍යයා ලෙස ප්‍රකාශ කර ගනිමින් පැරණි චීන සාහිත්‍ය කෘති විනාශ කළ අතර කොන්ෆියුසියස්ගේ ඇතැම් කෘතීන් ද වැඩවසම් මුහුණුවරක් ගත් බව පවසා විනාශ කළේ ය.
{{cite book}}
: Invalid |ref=harv
(help)CS1 maint: multiple names: authors list (link) කොන්ෆියුසියස් ධර්මය ගැන තවත් දේ විකිපිඩියා සහෝදර ව්‍යාපෘති හරහා සොයාගන්න | |
වික්ෂනරිය වෙතින් අර්ථ දැක්වීම් | |
කොමන්ස් වෙතින් ඡායාරූප හා මාධ්‍ය | |
විකිසරසවිය වෙතින් ඉගෙනුම් මූලාශ්‍ර | |
විකිපුවත් වෙතින් පුවත් කථාංග | |
විකිකියමන් වෙතින් උපුටා දැක්වීම් | |
විකිප්‍රභව වෙතින් ප්‍රභව පෙළ | |
විකිපොත් වෙතින් පෙළපොත් |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.