ගීසාහී මහා පිරමිඩය
From Wikipedia, the free encyclopedia
ගීසාහී මහා පිරමිඩය (කූෆූගේ පිරමිඩය හෝ කියෝප්ස්ගේ පිරමිඩය ලෙසින්ද හැඳින්වෙයි) ඊජිප්තුවෙහි එල් ගීසාට යාබදව පිහිටි ගීසා පිරමිඩ සංකීර්ණයෙහි පිරිමිඩ තුන අතරින් පැරණිතමය හා විශාලතමය වෙයි. එය පුරාතන ලෝකයෙහි පුදුම හත අතරින් එය පැරණිතමය වන අතර, බොහෝදුරට යථාස්ථ ස්වභාවයෙන් පවතින්නේ එය පමණි.
Quick Facts ගීසාහී මහා පිරමිඩය, කූෆූ ...
ගීසාහී මහා පිරමිඩය | |
---|---|
කූෆූ | |
ඛණ්ඩාංක | 29°58′45.03″N 31°08′03.69″E |
පුරාතන නම | කූෆූගේ සිතිජය |
ගොඩනැගීම | ප. ක්‍රිපූ 2580–2560 (4වන රාජ වංශය) |
වර්ගය | සත්‍ය පිරමිඩය |
උස | 146.5 මීටර (481 අඩි) (පුරාතන) 138.8 මීටර (455 අඩි) (සමකාලීන) |
පාදම | 230.4 මීටර (756 අඩි) |
පරිමාව | 2,583,283 ඝන මීටර (91,227,778 ඝන අඩි) |
ආනතිය | 51°50'40 |
Close
ශ්රමකාය කණ්ඩායමක් නම් කරමින් සහ සතරවන රාජ වංශයෙහි ඊජිප්තියානු පාරාවෝ කූෆු වෙතට ආශ්‍රය දක්වමින් අභ්‍යන්තර මැදිරියක තිබූ සලකුණක් හා පදනම්ව, ඊජිප්තුවේදියෝ විශ්වාස කරන්නේ පිරිමිඩය තැනුනේ වසර 10 සිට 20 දක්වා කාල සීමාවකදී වන අතර ක්‍රිපූ 2560 දී එය අවසන් වූ බවය.