චෞ රාජවංශය
From Wikipedia, the free encyclopedia
චෞ රාජවංශය (ක්‍රි.පූ 1122 – 256 - චීනය ) ආරම්භ කරන ලද්දේ ෂැන්ග් රාජවංශය විසින් වන අතර ක්වින් රාජවංශය විසින් එය ඉදිරියට පවත්වාගෙන යන ලදී. චීනයේ නියම දේශපාලනික හා හමුදා පාලනය පැවතුණේ බටහිර චෞ කාලයේදී පමණක් වුවද චීන ඉතිහාසයේ වැඩිම කාලයක් පැවතුණු රාජවංශය චෞ රාජ වංශයයි. චෞ යුගය අතරතුරේ චීනයට යකඩ භාවිතය හඳුන්වා දුන්නේ චීනය තුළ ලෝකඩ භාණ්ඩ තැනීම උච්ච ලෙස පැවති යුගයකයි. වොරින් ස්ටේට් යුගයේ පසු භාගයේදී ලියවුණු පුරාණ සෙල් ලිපිය මගින් දූර්ව අපර දිග චෞ ලෝකඩ සෙල් ලිපි දැකිය හැකි පුරාණ යුගයේ සිට නවීන යුගයේ ආරම්භය දක්වා චෞ රාජ වංශයේ විකසනය පෙන්ණුම් කෙරේ.
චෞ රාජ වංශය පැවති කාලයේදී පරිණත චීන දර්ශනය දියුණු විය. එහි ආරම්භය සිදු වූයේ ක්‍රි.පූ 6 වන ශත වර්ෂය ආරම්භයත් සමගය. චීනයේ තමන්ගෙන් පසු පරම්පරාවලටද බලපාන ආකාරයට දර්ශන ඉදිරිපත් කළ ශ්‍රේෂ්ඨ චීන දාර්ශනිකයන් අතර කොන්ෆියුසියස්වාදයේ (ලතින්වලින් කොන්ෆියුසියස්) පුරෝගාමී කොන්ග් ෆුසි ද ඩැවෝ වාදයේ පුරෝගාමී ලවොයිද වේ. මෝහිවාදයේ පුරෝගාමී මෝසි ( ලතින් මිසියස් ), කොන්ෆියුසියස්ගේ වාදය වඩාත් පුළුල් කළ ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කොන්ෆියුසියස්වරයෙකු වූ මෙන්සි (ලතින් මෙන්සියස්) , ක්වින් රාජවංශයේ ගැඹුරු දර්ශනය හෙවත් පුරාණ චීන නීතිවාදය පුළුල් කළ ෂැන් යෑං සහ හැන් ෂෙයිසි සහ පුරාණ චීනයේ තර්කනයෙන් ප්‍රඥාව පෙන්ණුම් කළ ෂුන්සිද වේ.