ජෙයම් රවි
From Wikipedia, the free encyclopedia
රවී මෝහන් (උපත 1980 ජනවාරි 10) හෙවත් වඩාත් ප්රකටව ජෙයම් රවී, යන වේදිකා නාමයෙන් හැඳින්වෙන්නේ දෙමළ චිත්‍රපට කර්මාන්තයේ ඉන්දියානු චිත්‍රපට නළුවෙකි. කෘතහස්ත චිත්‍රපට සංස්කාරක මෝහන්ගේ පුත්‍රයා වන රවී නළුවකු ලෙස සිය ප්‍රවේශය සනිටුහන් කළේ ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපටයක් වූ ජෙයම් (2003) තුළිනි. මෙය අධ්‍යක්ෂණය කළේ ඔහුගේ වැඩිමහල් සොහොයුරු මෝහන් රාජා විසින් වන අතර නිෂ්පාදනය කළේ ඔහුගේ පියා විසිනි. මෙම ච්ත්‍රපටය ලද සාර්ථකත්වය නිසා ඔහු සිය වේදිකා නාමයට එය උපසර්ගයක් ලෙස ඈඳා ගත්තේ ය. ඔහු සිය සොහොයුරා සමගින් තවදුරටත් එම්. කුමාරන් සන් ඔෆ් මහාලක්ෂ්මි (2004), උනක්කුම් එනක්කුම් (2006), සන්තෝෂ් සුබ්‍රමනියම් (2008), තිල්ලාලංගඩි (2010) සහ වඩාත් මෑතක දී තනි ඔරුවන් (2015) වැනි චිත්‍රපටවල සහයෝගයෙන් කටයුතු කළේ ය.
Quick Facts ජෙයම් රවි, උපත ...
ජෙයම් රවි | |
---|---|
උපත | රවී මෝහන් 10 ජනවාරි 1980 (1980-01-10) (වයස 44)[1] |
වෙනත් නම් | යුවා ටුෆානු |
රැකියාව | නළුවකු |
සක්‍රීය වසර | 1980–වර්තමානය |
කලත්‍රයා(යන්) | ආර්ති (වි. 2009) |
ඥාතීන් | මෝහන් රාජා (සොහොයුරා) |
Close