ජෛනාගම
ආගමකි / From Wikipedia, the free encyclopedia
ජෛනාගම, ජෛන ධර්මය ලෙසින් ද හැඳින්වේ. ජෛනාගම ක්‍රි.පූ. 6 වන සියවසේ දී ඉන්දියාවේ බිහිවූ ආගමකි. ජෛන ආගම එහි අධ්‍යාත්මික අදහස් සොයා ගන්නේ තීර්තංකර (අධ්‍යාත්මික ගුරුවරු) විසිහතර දෙනෙකුගේ අනුප්‍රාප්තිය හරහා ය. එකල ඉන්දියාවේ පැවති හින්දු ආගමෙහි පිරිසිදු බවත් චාම්, සරල ලක්ෂණත් විනාශ වෙමින් ඒ වෙනුවට එය අනුරාගී පූජා විධි, බිලි පූජා සහ හරසුන් ශාන්තිකර්ම වලට වැඩි අවධානයක් යොමු කිරීම නිසා බිහි වෙමින් පැවති නව ආගම් වලට වැඩි ජනතා ආකර්ෂණයක් ලැබුණි.