ද එක්ස්-ෆයිල්ස් (වාරය 5)
From Wikipedia, the free encyclopedia
විද්‍යා ප්‍රබන්ධ රූපවාහිනී කතාමාලාවක් වන ද එක්ස්-ෆයිල්ස්හි පස්වන කථාවාරය 1997 නොවැම්බර් 2 සිට එක්සත් ජනපදයේ ෆොක්ස් ජාලය ඔස්සේ විකාශය ඇරඹි අතර, 1998 මැයි 17 දින එය සමාප්ත වූයේ කථාංග 20ක් විකාශය කිරීමෙන් අනතුරුවයි. මෙම කථාවාරය කැනඩාවේ වැන්කූවර්හි රූගත කළ අවසන් කථාවාරය විය. අනතුරුව අනෙකුත් කථාංග කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලීස්හි රූගත කෙරිණි. මීට අමතරව, කථාවේ අන්තර්ගතය සැලසුම් කෙරුණු වැඩසටහනේ පළමු කථාවාරය ද මෙයයි. එයට හේතුව 1998 ද එක්ස්-ෆයිල්ස් වෘත්තාන්ත චිත්‍රපටය මෙයට පෙර රූගත කොට තිබූ නමුත්, මෙහි විකාශයට පසුව එය මුදාහැරීමට නියමිතව තිබීමයි.
Quick Facts ද එක්ස්-ෆයිල්ස් (වාරය 5), ප්‍රධාන රංගනය ...
ද එක්ස්-ෆයිල්ස් (වාරය 5) | |
---|---|
![]() ඩීවීඩී කවරය | |
ප්‍රධාන රංගනය |
|
සම්භව රට | එක්සත් ජනපදය |
කථාංග සං. | 20 |
නිකුතුව | |
මුල් ජාලය | ෆොක්ස් |
මුල් නිකුතුව | නොවැම්බර් 2, 1997 (1997-11-02) – මැයි 17, 1998 (1998-05-17) |
වාරය කාලානුක්‍රමය | |
ද එක්ස්-ෆයිල්ස් කථාංග ලැයිස්තුව |
Close