දියමන්ති
From Wikipedia, the free encyclopedia
දියමන්ති (Diamond - පුරාණ ග්‍රීක භාෂාවේ αδάμας – adámas "unbreakable" "නොකැඩෙන" අර්ථයෙනි) යනු කාබන් මූලද්‍රව්‍යයේ බහුරූපතාවයක් වන අතර, එහි කාබන් පරමාණු තල කේන්ද්‍ර ස්ඵටික ව්‍යූහයක් ගන්නා බැවින් දියමන්ති දැලිසක් ලෙස හඳුන්වනු ලැබේ. දියමන්ති මිනිරන් (Graphite) වලට වඩා අඩු ස්ථායීථාවයක් දක්වන නමුත්, දියමන්ති මිනිරන් බවට පරිවර්තනය කිරීමේ අනුපාතිකය පරිමණ්ඩිත තත්වයන් යටතේ සැලකිය යුතු තරම් නොවේ. ඉතා උසස් භෞතික ගුණාංග සහිත ඝන ද්‍රව්‍යයක් ලෙස දියමන්ති ප්‍රසිද්ධියක් උසුලන අතර එය පරමාණු අතර ඇති ශක්තිමත් බන්ධනයක් මඟින් හටගනී. විශේෂයෙන්ම අනෙකුත් ඝන සම්භාරයන් අතරින් දියමන්ති දෘඩ බවින් සහ තාප සන්නායකතාවයෙන් ඉහළ අගයක් ගනී. එමෙන්ම ප්‍රධාන කාර්මික භාවිතයක් වන දියමන්ති කැපීමේ සහ ඔප දැමීමේ උපකරණ මගින් එම ගුණාංග නිවැරදිව හඳුනා ගත හැකිය.
ඉතා අපූර්ව, සිත් ගන්නා සුළු ප්‍රකාශ ගති ලක්ෂණ දියමන්තිවල පවතී. එමෙන්ම දියමන්ති සෑදී ඇති අතිශයින්ම දැඩි දැලිස(සම්බන්ධතා ජාලය) හේතුවෙන් බෝරෝන්, නයිට්රජන් වායුව වැනි ඉතා සුළු වර්ගයන්හි අපවිත්‍රකාරක මගින් එය අපවිත්‍ර වේ. දියමන්ති පුළුල් පාරදෘෂ්‍යතාවයකින් යුක්ත බැවින් ස්වභාවික දියමන්ති වැඩි ප්‍රමාණයකට පැහැදිලි, වර්ණ රහිත පෙනුමක් ලැබී ඇත. කුඩා ප්‍රමාණයේ ඇද කුද, ඌණතා හෝ අපද්‍රව්‍ය මගින් දියමන්ති නිල්(බෝරෝන්), කහ(නයිට්රජන්), දුඹුරු(දැලිසේ අඩු පාඩු), කොළ(විකිරණ නිරාවරණය), දම්, රෝස, තැඹිලි හෝ රතු පැහැගැන්වේ. එමෙන්ම දියමන්තිවල සාපේක්ෂව විශාල ලෙස පවත්නා ප්‍රකාශ විසරණය හේතුවෙන් එහි ප්‍රභාව ලක්ෂණය ඉස්මතු වේ. දියමන්තිවල ඇති අනර්ඝ ප්‍රකාශ ගුණ සහ යාන්ත්‍රික ගුණත්, කාර්යක්ෂම අලෙවිකරණයත් සංකලනය වීම තුළ දියමන්ති මැණික් ගල් අතුරින් වඩාත් ප්‍රසිද්ධත්වයක් උසුලයි.
පොළොව තුළ වැඩිම ස්වභාවික දියමන්ති ප්‍රමාණයක් අඩංගු වී ඇත්තේ ඉතා අධික පීඩන සහ අධික උෂ්ණත්ව තත්වයන් යටතේ පොළොව මතුපිට සිට ගැඹුර කිලෝමීටර 140ත් 190ත් අතරය. ලෝහ අඩංගු කාබන් මගින් කාබන් ප්රභවය සපයන අතර වර්ධනය අවුරුදු බිලියන 1 සිට අවුරුදු බිලියන 3.3 දක්වා කාලයක් පුරා සිදුවෙමින් පවතී (පොළොවේ ආයුෂ කාලයෙන් 25%ත් 75%ත් අතර කාලයකි). දියමන්ති පොළොව මතුපිට උපද්දවනු ලබන්නේ ගැඹුරු ගිනිකඳු විදාරණය වීමෙන් පසු සිසිලනය වන ගින්නෙන් සෑදුනු ගල් මගිනි. තවත් ආකාරයකට බලන කල දියමන්ති අධික පීඩන සහ අධික උෂ්ණත්ව යටතේ ක්රියාවලියනට භාජනය කිරීමෙන්ද නිපදවා ගත හැකිය. කෙසේදයත්, සුදුසු ක්‍රියාකාරිත්ව තත්වයන් පොළොව මතුපිට ආසන්න වශයෙන් ඇඟවීමෙනි. විකල්ප සහ සම්පූර්ණයෙන්ම වෙනස් වර්ධන තාක්ෂණය වන්නේ රසායනික වාෂ්ප තැන්පත් කිරීමයි "chemical vapor deposition" (CVD).