දේවානම්පිය තිස්ස රජ
දේවානම්පියතිස්ස රජතුමා යනු මුටසීව රජුගේ පුතාය.මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම රැගෙන ලංකාවට වැඩ / From Wikipedia, the free encyclopedia
මුලින් තිස්ස රජ නමින් රජවූ මෙතුමා පසුව දේවානම්පිය තිස්ස නමින් දෙවනවරට රාජාභිෂේකය ලැබීය. (307 BCE - 267 BCE). "දෙවියන්නට ප්‍රිය වු "යන්න මෙම නාමයෙහි අර්ථය යි. රජු අනුරාධපුරය මුලස්ථානය කරගෙන රජ කළ පැරණි රජවරුන්ගෙන් කෙනෙකි. ඔහුගේ රාජ්‍ය කාලය වැදගත් වන්නේ මෞර්ය වංශික අශෝක අධිරාජ්‍යයාගේ අනුග්‍රහය ඇතිව එම පාලන සමය තුළ ලංකාවට බුද්ධාගම පැමිණීම හේතුවෙනි. ඔහුගේ රාජ්‍ය කාලය ගැන මුල්ම තොරතුරු ලැබෙන්නේ මහාවංශයෙනි. එය ඊට වඩා පැරණි දීපවංශය මුලාශ්‍රය කොට ගත්තකි.