From Wikipedia, the free encyclopedia
පාදුක්ක ශ්‍රී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි නගරයකි. මෙහි ජනගහනය පුද්ගලයින් 20000ක් පමණ වේ., දිස්ත්‍රික්කය මැද ප්‍රෙද්ශයේ පිහිටා ඇත. දැනට මෙම නුවර සීතාවක ප්‍රාදේශීය සභාව යටෙත් පාලනය වන අතර මින් තවත් කොටසක් හෝමාගම ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වේ.., නගරය තුළ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලීසිය, ප්‍රාදේශීය රෝහල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ දුම්රිය ස්ථානයක් පිහිටා තිබේ. 125 කොළඹ - ඉංගිරිය ප්‍රධාන පාරේ හමුවන කොළඹට නොදුරින් තිබෙන තවත් සුන්දර නගරයක් ලෙස හැදින්විය හැක. 2018 කාල පරිජේදය වන විට ජනගහනය ඉතා සීග්‍රයෙන් වැඩි වී අර්ධ නාගරික ගණයට පත්වී ඇති නගරයකි. ( පාදුක්ක නගරයේ සිට - කොළඹ දෙසට විහිදී ඇති ප්‍රදේශ උදා:වටරැක / මීගොඩ / දාම්පේ වැනි ප්‍රදේශ ) . තවද රැකි රක්ෂා රැසක් බිහිවී ඇති ප්රදේශයකි.ලංකාව තුල ප්‍රචලිත නම් දරන සමාගම් රැසකගේ කර්මාන්තශාලා මේම නගරාසන්නව පිහිටා ඇත. ඒ අතරින් Orange Electric කර්මාන්තශාලාව මීගොඩ / එඩිම්බරෝ ජෑම් කර්මාන්තශාලාව වටරැක / Ninja මදුරු දඟර කර්මාන්තශාලාව පෝරේගෙදර / හැරිස් බ්‍රශ් කර්මාන්තශාලාව / Beer කර්මාන්තශාලාව වටරැක / ගිනිකෙලි කර්මාන්තශාලා / ගෙවතු අලංකරන නිශ්පාදන (Nisaha Enterprise) දාම්පේ ආදිය කිහිපයකි.මීට අමතරව ලංකාවේ දෙවන ආර්ථික මධ්‍යස්ථානය ලෙස හැදින්වෙන මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයද මෙහි පිහිටා ඇත. කෙසේ වුවත් කොළඹට නොදුරින් පිහිටා ගැමි සිරිය මනරම් ම තිබු නගරයක එම අසිරිය මිදෙමින් කෙමෙන් නාගරික වන බව කනගාටුටවන් වුවත් කිවයුතු කරැණකි.
අතීතයේදී මෙම නගරය සීතාවක රාජධානියට අයත්ව තිබුනි. පෘතුගීසි ආක්‍රමණ සමයේදී බලකොටු නුවරක් ලෙස පැවති බවට සාධක පවතී. දිනක් රාජසිංහ රජු යුද්ධයට ගොස් පැමිණීමේ දී පයට ඇනුණු උණ ගසේ කටුව නිසා වේදනා විඳිමින් පැමිණි අවස්ථාවේ පැවසු "අනේ මගේ පා වලට දුක " යන වැකිය නිසා , පා වලට දුක - පාදුක්ක ලෙස ව්‍යවහාර වූ බව ජනප්‍රවාදයෙහි දැක්වෙන්න කි.
පාදුක්ක නගරය මුලික වශයෙන් භූගෝලීයව කඳු වැටියකින් වටවී ඇති බව පෙනී යයි. මෙම සුවිශේෂී බව නිසා ශ්‍රීලංකා පෘථිවි චන්ද්‍රිකා සන්නිවේදන මද්‍යස්ථානය පාදුක්ක නගරයෙහි පිහිටුවා ඇත. කොළඹට නුදුරින් පිහිටා ඇත.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.