From Wikipedia, the free encyclopedia
ඊජිප්තු පාරාවෝවරයකුගේ රාජ පදවි නාමය නැතහොත් රාජකීය මූලලේඛය යනු පුරාතන ඊජිප්තුවේ රජවරුන් විසින් අනුගමනය කළ පිළිගත් නාමකරණ සම්මුතියයි. එමගින් රජුගේ රාජ්‍ය සමයේ විශ්වීය බලය, ශුද්ධ වික්රමාන්විතභාවය සහ යම් ආකාරක මෙහෙවර ප්‍රකාශයක් සංකේතවත් කරයි. (රාජ්‍ය සමය අනුව මෙය ඇතැම්විට වෙනස් විය හැක)
නාමයන් පහකින් සමන්විත සම්පූර්ණ පදවි නාමය මධ්‍ය රාජධානි සමය තෙක්ම සම්මතයක් වී නොපැවතිණි. නමුත් එය පසුකාලීනව රෝම අධිරාජ්‍ය යුගයේ ද භාවිතයේ පැවතිණි.
හොරස් නාමය යනු පාරාවෝගේ නාමයේ පැරණිතම ස්වරූපය වේ. මෙය සම්භවය වූයේ පූර්වරාජවංශික යුගයේ ය. බොහෝ හඳුනාගත් පැරණිතම පාරාවෝවරුන් සඳහන්ව ඇත්තේ මෙම නාමයෙන් පමණි.[1]
හොරස් නාමය සාමාන්‍යයෙන් ලියනු ලබන්නේ සෙරෙඛයක් තුළ ය. මෙය මාලිග ප්‍රසාද මුඛයක නිරූපණයකි. පාරාවෝවරයාගේ නම මෙම මාලිග නිරූපිත සංකේතය තුළ රූපාක්ෂරවලින් ලියනු ලැබේ. බොහෝවිට කුරුලුගොයි දේවතාවකු වන හොරස්ගේ රුව මෙහි මුදුනේ හෝ පසෙකින් නිරූපණය කොට තබයි.[1]
අවම වශයෙන් එක් පාරාවෝවරයකුවත්, විශේෂයෙන්ම දෙවන රාජවංශයේ සෙත්-පෙරිබ්සෙන් පාරාවෝවරයා විසින් හොරස් දෙවියන්ගේ රුව වෙනුවට සෙත් දෙවියන්ගේ රුවක් භාවිතා කොට ඇත. එමගින් ඇතැම්විට රාජ්‍යයේ අභ්‍යන්තර ආගමික බෙදීමක් නිරූපණය වන්නට ඇත. ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ඛාසෙඛෙම්වි විසින් සිය නාමයට ඉහළින් සෙත් මෙන්ම හොරස් දෙවිවරුන්ගේ රූප යොදා තිබේ. ඉන් අනතුරුවට, පාරාවෝවරයාගේ නම සමග හොරස්ගේ රුව සෑමවිටම සඳහන් විය.[1]
නව රාජධානි යුගය වන විට, බොහෝ අවස්ථාවල හොරස් නාමය ලිවීමේ දී වටකළ සෙරෙඛ් සංකේතයක් භාවිතා නොවිණි.
නෙබ්ටි නාමය (සාහිත්‍ය. "ද්විත්ව ආර්යාවන්") ඉහළ සහ පහළ ඊජිප්තුවේ ඊනියා "වංශාවලි" දෙවඟනන් දෙදෙනා හා සම්බන්ධ විය:
මෙම නාමය නිශ්චිතවම පළමු වරට භාවිතා කර ඇත්තේ පළමු රාජවංශයේ පාරාවෝවරයකු වූ සෙමෙර්ඛෙට් විසිනි. නමුත් එය සම්පූර්ණයෙන් ස්වාධීන පදවි නාමයක් බවට පත්වූයේ දොළොස්වන රාජවංශ සමයේ ය.
මෙම නිශ්චිත නාමය සාමාන්‍යයෙන් කාර්ටුෂයකින් හෝ සෙරෙඛ් සංකේතයකින් වටනොකෙරිණි. නමුත් එය හැමවිටම වට්ටියක් මත හිඳ සිටින ගිජුලිහිණියකු සහ නාගයකු දැක්වෙන රූපාක්ෂරයකින් ආරම්භ වේ. මෙමගින් ද්විත්ව "නෙබ්ටි" නාමය සංකේතවත් කෙරේ.
මෙය රත්රන් හොරස් නාමය ලෙස ද හඳන්වයි. මෙම පාරාවෝ නාම ප්‍රභේදය සාමාන්‍යයෙන් රත්රන් සඳහා වන ඊජිප්තු රූපාක්ෂරය මත හෝ පසෙකින් හිඳින හොරස් කුරුලුගොයාගේ රුව සහිත රූපාක්ෂරයින් සමන්විත ය.
මෙම පදවි නාමයේ අරුත මතභේදිත ය. එක් විශ්වාසයක් නම් එමගින් හොරස් සිය මාමණ්ඩිය වූ සෙත් පරදා ලත් විජයග්‍රහණයේ සංකේතයක් නිරූපණය වන බවයි. රන් සඳහා වන සංකේතය මගින් හොරස් "සිය සතුරන්ට වඩා ශ්‍රේෂ්ඨ" වූ බව අදහස් වනවා විය හැක. පුරාතන ඊජිප්තු චින්තනය තුළ රත්රන් සදාකාලිකත්වය හා සම්බන්ධ යැයි සැලකිණි. මේ නිහා මෙමගින් පාරාවෝවරයාගේ සදාතනික හොරස් නාමය නිරූපණය වනවා වන්නට ද පුළුවන.
නෙබ්ටි නාමයට සමානව, මෙම නාම ප්‍රභේදය ද කාර්ටුෂයක් හෝ සෙරෙඛ් සංකේතයකින් වට නොකෙරේ.
පාරාවෝගේ සිහසුන් නාමයේ පළමු නම් දෙක කාර්ටුෂයක් තුළ ලියනු ලැබේ. මෙය සමග සාමාන්‍යයෙන් න්ස්ව්-බිටි (නෙසු-බිටි, නෙස්ව්-බිට්, න්ස්ව්ට්-බ්ජ්ට්ජ්) යන්න යෙදේ. මෙම යෙදුමේ සාහිත්‍යමය අරුත "පන් සහ මීමැස්සාගේ එතුමා/එතුමිය" යන්නයි. නමුත් බොහෝවිට එය "ඉහළ සහ පහළ ඊජිප්තුවේ රජ" ලෙස පරිවර්තනය කෙරේ. පන් සහ මීමැසි සංකේත පිළිවෙලින් ඉහළ සහ පහළ ඊජිප්තුව නිරූපණය කෙරෙන සංකේත වේ.[2]
න්ස්ව්-බිටි යන යෙදුම පිළිබඳ සැලකූ විට, යෝජනා වී ඇත්තේ බර්බර් බසින් "ශක්තිම්ත මිනිසා; පාලකයා" යන්න සඳහා යෙදෙන වදන ඉන් සම්භවය වන්නටඅඇති බවයි. (ෂ්නයිඩර් 1993).[පැහැදීම ඇවැසිය]
නෙබ්-ටාවි හෙවත් "භූමි ද්විත්වයේ අධිපතියා" යන විරුද නාමය ඊජිප්තුවේ නිම්න සහ ඩෙල්ටා ප්‍රදේශ සම්බන්ධයෙන් ද යෙදේ.[පැහැදීම ඇවැසිය]
මෙය උපතේ දී ලබාදෙන නාමය වේ. මෙම නාමය පෙර "රාගේ පුත්" යන යෙදුම යෙදේ. මෙම යෙදුම "පුත්‍රයා" (zසා) අරුතැති තාරාවකු (zසා) නිරූපිත රූපාක්ෂරයක් සහ ඊට යාබදව යෙදූ ප්‍රධාන සූර්ය දෙවි රා සංකේතවත් කෙරෙන හිරුගේ රූපයකින් ආරම්භ වේ. මෙය පළමුවරට හඳුන්වා දෙන ලද්දේ සිව්වන රාජවංශයේ රාජ පදවි කාණ්ඩයක් ලෙසයි. එමගින් හිරු දෙවි රාගේ නියෝජිතයා ලෙස රජුගේ කාර්යභාරය සංකේවත් කෙරේ. පාරාවෝ බවට පත් ස්ත්‍රීන් සඳහා උක්ත පදවිය "දියණිය" ලෙස වහරනු ලැබිණි.
නූතන ඉතිහාසඥයන් සාමාන්‍යයෙන් පුරාතන ඊජිප්තු රජවරුන් හඳුන්වන්නේ මෙම නාමයෙනි. මෙහි දී එකම නාමය දරන වෙනස් පුද්ගලයින් වෙන් කරගැනීමට එය ක්‍රමාංකනය කෙරේ. (උදා. "II", "III")
මධ්‍ය රාජධානියේ, සම්පූර්ණ පදවි නාමය ඇතැම් අවස්ථාවල තනි කාර්ටුෂයක් තුළ ලියා ඇත. මෙයට උදාහරණයක් ලෙස බෙනි හසන්වලින් හමුවූ Iවන සෙනුස්රෙට්ගේ පදවි නාමය දැක්විය හැක.
දහඅටවන රාජවංශයේ පාරාවෝවරියක වූ හට්ෂෙප්සුට්ගේ සම්පූර්ණ පදවි නාමය එහි උච්චාරණය සහ අනුරූප අර්ථය හඳුනාගැනීමට මාර්ගෝපදේශයක් වශයෙන් පහත දක්වා ඇත. මෙම පාරාවෝ ස්ත්‍රියක වූ බැවින් එහි පහත පරිදි වෙනස්කම් දක්නට ඇත.
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
තුත්මෝස් III රූපාක්ෂර වලින් |
---|
දහඅටවන රාජවංශයේ පාරාවෝවරයකු වූ IIIවන තුත්මෝස්ගේ සම්පූර්ණ පදවි නාමය උච්චාරණ මග පෙන්වීම සහ අනුරූප අර්ථය සමග පහත දැක්විය හැක.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.