![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/8/8d/President_Barack_Obama.jpg/640px-President_Barack_Obama.jpg&w=640&q=50)
බරාක් ඔබාමා
ඇමරිකානු 44 වෙනි ජනාධිපති / From Wikipedia, the free encyclopedia
බරාක් හුසේන් ඔබාමා II (i/bəˈrɑːk huːˈseɪn oʊˈbɑːmə/; උපත අගෝස්තු 4, 1961) යනු 2009 සිට 2017 දක්වා එක්සත් ජනපදයෙහි 44වන ජනාධිපතිවරයා ලෙසින් සේවය කල ඇමරිකානු දේශපාලනඥයෙකි. ඩිමොක්රටික් පක්ෂයෙහි සාමාජිකයෙක් වන ඔබාමා, ජනාධිපතිවරයා ලෙසින් සේවය කිරීමට අවස්ථාව ලද පළමුවන අප්‍රිකානු ඇමරිකානුවා සහ ප්රත්යාසන්න එක්සත් ජනපදයට පිටත උපන් සහ එසේ කිරීමට අවස්ථාව ලද පළමු තැනැත්තාද විය.
![]() | |
එක්සත් ජනපදයෙහි 44වන ජනාධිපතිවරයා | |
---|---|
තනතුර දරමින් ජනවාරි 20, 2009 – ජනවාරි 20, 2017 | |
උප ජනාධිපතිවරයා | ජෝ බයිඩන් |
පූර්වප්‍රාප්තිකයා | ජෝර්ජ් ඩබ්. බුෂ් |
අනුප්‍රාප්තිකයා | ඩොනල්ඩ් ට්‍රම්ප් |
United States Senator from ඉලනෝයි | |
තනතුර දරමින් ජනවාරි 3, 2005 – නොවැම්බර් 16, 2008 | |
පූර්වප්‍රාප්තිකයා | පීටර් ෆිට්ස්ජෙරල්ඩ් |
අනුප්‍රාප්තිකයා | රෝලන්ඩ් බරිස් |
Member of the ඉලනෝයි Senate from the 13වන district | |
තනතුර දරමින් ජනවාරි 8, 1997 – නොවැම්බර් 4, 2004 | |
පූර්වප්‍රාප්තිකයා | ඇලිස් පාමර් |
අනුප්‍රාප්තිකයා | ක්වාමී රවුල් |
පුද්ගලික තොරතුරු | |
උපත | බරාක් හුසේන් ඔබාමා II අගෝස්තු 4, 1961 (1961-08-04) (වයස 62) හොනලුලු, හවායි, එ.ජ. |
දේශපාලන පක්ෂය | ඩිමොක්රටික් |
කලත්‍රයා | මිෂෙල් රොබින්සන් (m. 1992) |
දරුවන් | මලීයා ඔබාමා සාෂා ඔබාමා |
දෙමව්පිය(s) | බරාක් ඔබාමා ජ්‍යෙ. ඈන් ඩනම් |
ඥාතීන් | මායා සුටෝරෝ (අර්ධ-සෙහොයුරිය) |
වාසස්ථාන | කැලරාමා, වොෂිංටන්, ඩී.සී. |
උගත් ශාස්ත්‍රාලය |
|
Awards | නොබෙල් සාම ත්‍යාගය (2009) |
අත්සන | ![]() |
වෙබ් අඩවිය | |
එම ප්‍රදේශය සඳහා සංගමය වෙත එක්වීමෙහි අවස්ථාව ලැබී වසර දෙකකට පසුව හොනලුලු, හවායි හිදී උපත ලද ඔබාමා, ශාන්තිකර ප්‍රදේශයෙහි ඇති දැඩි විය. කොළොම්බියා විශ්වවිද්‍යාලයෙන් සහ හාවඩ් නීති විද්‍යාලයෙන් උපධිය ලද ඔහු, හාවඩ් ලෝ රිවිව්හී සභාපති විය. ඔහුගේ නීති උපාධිය ලැබීමට පළමුව ඔහු චිකාගෝහී ප්‍රජා සංවිධායකයෙක් වූ අතර, ඉනික්බිතව ඔහු සිවිල් අයිතිවාසිකම් නීතිඥවරයෙක් වශයෙන් සේවය කොට 1992 සිට 2004 දක්වා චිකාගෝ විශ්වවිද්‍යාලයීය නීති විද්‍යාලයෙහි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය නීතිය උගැන්වීය. 1997 සිට 2004 වසර දක්වා ඉලනෝයි සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයෙහි ධූර කාලයන් තුනක් තුල 13වන දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සිටියදී තනතුරුධාරීව සිටි බොබී රෂ්ට එරෙහිව ඔබාමා 2000 වසරෙහිදී එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳහා ඩිමොක්රටික් ප්‍රාථමික මැතිවරණය සඳහා අසාර්ථක ලෙසින් තරග කළේය. 2004 වසර තුලදී ඔබාමා වෙත ජාතික අවධානය යොමුවූයේ, එ.ජ. සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සඳහා මැතිවරණ ව්‍යාපාරයෙහිදී ඔහු විසින් මාර්තු මසදී ප්‍රාථමික මැතිවරණය දිනාගැනීම, ජූලි මස ඩිමොක්රටික් ජාතික සමුළුවෙහිදී ඔහුගේ ප්‍රධාන දේශනය සහ, නොවැම්බරයෙහිදී සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය වෙත ඔහු තේරී පත්වීම හා සමගිනි. 2008 වසරෙහිදී, ඔබාමා විසින් ජනාධිපති ධූරය සඳහා නාමයෝජනා ලද්දේ ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය අරඹා වසරකට පසුව සහ හිලරි ක්ලින්ටන්ට එරෙහිව තියුණු ප්‍රාථමික මැතිවරණ ව්‍යාපාරයකට පසුවය. ජනාධිපතිවරණයෙහිදී රිපබ්ලිකන් නාමයෝජිත ජෝන් මැක්කේන් පරදවමින් ජනාධිපති ධූරයට තේරී ලත් තැනැත්තේ වූ ඔහු, ජනවාරි 20 දිනදී නිලප්‍රතිෂ්ඨාපනය ලැබීය. නව මසකට පසුව, 2009 නොබෙල් සාම ත්‍යාගලාභියා ලෙසින් ඔබාමා නම් කෙරිණි.
ඔහු 1992 වසරේදී විවාහ වූ අතර ඔහුට දියණියන් දෙදෙනෙක් සිටිති. ඔහු ග්රන්ථ දෙකක් ලියා තිබේ. එකක් "ඩ්‍රීම්ස් ෆ්රොයම් මයි ෆාදර්" නමින් කළ ඔහුගේ බාල කාලය ගැන විස්තර අඩංගු කෘතියයි. අනෙක " දි ඕඩසිටි ඔෆ් හෝප්" නම් එක්සත් ජනපද දේශපාලනය ගැන ලියැවුණු පෞද්ගලික අදහස් දැක්වීමකි.
කෙන්යානු පියෙකුට හා අමෙරිකානු මවකට දාව උපත ලත් ඔහු, ඔහුගේ ළමා කාලයෙන් සහ නව යෞවනයෙන් වැඩි කොටසක් ගත කළේ හවායි හි හොනලුලු ප්රදේශයේය. වයස හයේදී ඔහු ජකර්තාවට ගිය අතර, එහිදී තම මව් සහ සුළු පියා සමග වසර 4 ක් ගත කළේය. කොලොම්බියා විශ්ව විද්‍යාලයේ මෙන්ම හාවර්ඩ් නීති විද්‍යාලයේ උපාධිධරයෙකු වූ ඔබාමා ප්‍රජා සංවිධායකයෙකු, විශ්ව විද්‍යාල කථිකාචාර්යවරයෙකු සහ නීතිඥයෙකු මෙන් කටයුතු කළේය. පසුව ඔහු 1997 වර්ෂයේ සිට 2004 දක්වා ඉලිනොයිස් ප්‍රාන්තයේ සෙනෙට් සභිකයෙකු විය.
එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ අසුනක් ලබා ගැනීමට කරන ලද උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු 2000 වර්ෂයේදී එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලය සඳහා තේරී පත් වීමට අවශ්‍ය කටයුතු ආරම්භ කළේය. 2004 දී ජයග්‍රහණය කිරීමෙන් පසු ඩිමොක්රටික් ජාතික සමුලුව ඇමතුවේය. 2004 නොවැම්බරයේදී 70% ක චන්ද ප්‍රමාණයක් ලබා ගෙන එක්සත් ජනපද සෙනෙට් මන්ත්‍රී මණ්ඩලයට තේරී පත් විය.
109 වැනි සමුලුවේදී ඩිමොක්රටික් මයිනෝරිටියේ සාමාජිකයෙකු ලෙස න්‍යෂ්ටික නොවන අවි පාලනයට සහ ෆෙඩරල් රජයේ අරමුදල් පාවිච්චියේදී මහජන වගකීමකින් යුතුව එය කිරීමට නීති පැනවීම සම්බන්ධයෙන් අනුග්‍රහ දක්වමින් කටයුතු කළේය. නැගෙනහිර යුරෝපය, මැද පෙරදිග සහ අප්‍රිකාව වැනි රටවලට නිල වශයෙන් සංචාරය යෙදුනේය. 110 වැනි සමුළුවේදී ඡන්ද වංචා, දේශගුණ විපර්යාස, න්‍යෂ්ටික ත්‍රස්තවාදය සමග ආපසු පැමිණෙන යුද හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්‍ය වන නිති පැනවීමට ක්‍රියා කළේය. 2007 දී ඔහුගේ ජනාධිපතිවරණ ඡන්ද අපේක්ෂකත්වය ප්රකාශනයට පත් කිරීමෙන් පසු ඉරාකයේ යුද්ධය අවසාන කිරීම ගැන, බලශක්ති නිදහස සහ විශ්ව සෞඛ්යන ආරක්ෂක පහසුකම් සැපයීම වැනි කරුණු වලට ජාතික වශයෙන් මුල් තැනක් දෙන බව ප්‍රකාශ කළේය.