![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ed/Baba_Vida_Klearchos_1.jpg/640px-Baba_Vida_Klearchos_1.jpg&w=640&q=50)
බලකොටුකරණය
From Wikipedia, the free encyclopedia
බලකොටුකරණය යනු, යුද්ධකරණයෙහිදී බලප්‍රදේශ සුරක්ෂිත කිරීමට සහ සාමය පවතින කාලසීමාවලදී ප්‍රදේශයක පාලනය ශක්තිමත් කිරීම සඳහා, හමුදාමය ගොඩනැගීම් හෝ ගොඩනැගිලි හෝ සැලසුම් කොට තැනීම වෙයි. වසර දහස්ගණනක් තිස්සේ මානවයෝ රැකවල්කාරක ව්‍යුහයන් ගොඩනැගූ අතර, ඒවා කෙමෙන් සංකීර්ණත්වයට පත් විවිධ සැලසුම් වලින් සම්පන්න විය. ෆොර්ටිස් ("ප්‍රබල") සහ ෆාචරේ ("කිරීම සඳහා") යන ලතින් වදන් වලින් මෙම පදය ව්‍යුත්පන්න වී ඇත.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/e/ed/Baba_Vida_Klearchos_1.jpg/640px-Baba_Vida_Klearchos_1.jpg)
ආක්‍රමණ හා යටත්කිරීම් ක්‍රමවිධි නිරතුරු-වෙනස්වන ලෝකයක, නගර ආරක්ෂා කරගැනුම සඳහා ප්රාකාරයන් සහිත වීම, ඉතා ආදිතම ඉතිහාසයෙහි සිට නූතන කාලයන් දක්වා පැවති අවශ්‍යතාවයක් විය. පළමුවෙන්ම බලකොටුකරණය කෙරුණු කුඩා නගර වූයේ ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයෙහි සමහරක් ජනාවාස වූහ. පුරාතන ග්‍රීසිය සැලකූ විට, මයිසීනියානු ග්‍රීසියෙහි, (එහි 'සයික්ලෝපියානු' ප්රාකාරයන්හී මහත් පාෂාණ කුට්ටි සඳහා පසිඳු වන්නාවූ) මයසීන් වැනි පුරාතන අඩවියන්හීදී විශාල පාෂාණ ප්රාකාරයන් තනා ඇත.