From Wikipedia, the free encyclopedia
කතෝලික සභාව හෙවත් රෝමානු කතෝලික සභාව, 2019 වන විට ලොව පුරා බව්තීස්ම වූ කතෝලිකයන් බිලියන 1.3ක් සිටින ලොව විශාලතම ක්‍රිස්තියානි සභාව වේ. [7]ලොව පැරණිතම සහ විශාලතම අවිච්ඡින්නව ක්‍රියාත්මක වන ජාත්‍යන්තර ආයතනය වන අතර එය බටහිර ශිෂ්ටාචාරයේ ඉතිහාසය සහ සංවර්ධනයෙහි ප්රමුඛ කාර්යභාරයක් ඉටු කර ඇත.[8] කතෝලික සභාව, ලතින් සභාව සහ පෙරදිග කතෝලික සභා 23 ක් ඇතුළුව sui iuris සභා 24 කින් සමන්විත වන අතර ඒවා ලොව පුරා පිහිටි රදගුරු පදවි සහ eparchies 3,500 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වේ. රෝමයේ බිෂොප්වරයා වන පාප්තුමා සභාව ප්‍රධානියා වේ.[9] ශුද්ධාසනය ලෙස හැඳින්වෙන රෝමයේ රදගුරු පදවිය සභාවේ මධ්‍යම පාලන අධිකාරිය වේ. ශුද්ධාසනයේ පරිපාලන ආයතනය, රෝමානු කියුරියාව ලෙස හදුන්වන අතර, එහි ප්‍රධාන කාර්යාල ඇත්තේ ඉතාලියේ රෝමයේ කුඩා පරිවාර භූමියක් වන වතිකානු නගරයේ වන අතර, එහි රාජ්‍ය නායකයාද පාප්තුමා වේ.
කතෝලික සභාව | |
---|---|
Ecclesia Catholica | |
වර්ගීකරණය | කතෝලික |
ශුද්ධ ලියවිල්ල | බයිබලය |
දේවධර්මය | කතෝලික දේව ධර්මය |
සිවිල් පාලන පද්ධතිය | රදගුරුමය[1] |
පාප්වහන්සේ | ෆ්‍රැන්සිස් |
රජය | ශුද්ධාසනය |
පරිපාලනය | රෝමානු පරිපාලන දෙපාර්තමේන්තු |
වෛශේෂික සභා sui iuris | ලතින් සභාව සහ 23 නැගෙනහිර කතෝලික සභා |
රදගුරු වසම් |
|
මීසම් | 221,700 |
ප්‍රදේශය | ලොව පුරා |
භාෂාව | සාමයික ලතින් සහ දේශීය භාෂා |
ජනවන්දනාව | බටහිර සහ නැතෙනහිර |
මූලස්ථානය | වතිකානු නගරය |
ප්රාරම්භකයා | ජේසුස්වහන්සේ, ශුද්ධවූ සම්ප්රදායය පරිදී |
සම්භවය | පළමුවන සියවස ශ්‍රද්ධවූ දේශය, රෝමානු අධිරාජ්‍යය[2][3] |
සාමාජිකයෝ | 1.345 බිලියන (2019)[4] |
පූජක පක්ෂය |
|
අරෝග්යශාලා | 5,500[5] |
ප්‍රාථමික පාසල් | 95,200[6] |
ද්වීතියික පාසල් | 43,800 |
නිල වෙබ්අඩවිය | vatican.va |
මෙම ලිපිය පිළිබඳ ලිපි මාලාවක කොටසකි
| ||||||||
---|---|---|---|---|---|---|---|---|
ජේසුස් ක්‍රිස්තුස් | ||||||||
නිර්මල උපත · උකුත්වීම · උත්ථානය · පාස්කුව · ජේසුස් වහන්සේ පිළිබඳ කිතුනු අදහස් | ||||||||
පදනම් | ||||||||
සභාව · නව ගිවිසුම · විශ්වාස ලක්ෂණය · අපෝස්තුළුවරු · රාජධානිය · ශුභාරංචිය | ||||||||
Bible | ||||||||
පැරණි ගිවිසුම · නව ගිවිසුම · පොත් · කැනනය · අපොක්රිෆා | ||||||||
දේවධර්මය | ||||||||
ගැලවීම · බෞතිස්මය · ත්‍රිත්වය · Father · Son · Holy Spirit · History of theology · Christology · Apologetics · Eschatology | ||||||||
History and traditions | ||||||||
Timeline · Mary · Peter · Paul · Early · Constantine · Councils · Missions · Chrysostom · East–West Schism · Crusades · Reformation · Counter-Reformation | ||||||||
Movements | ||||||||
| ||||||||
General topics | ||||||||
Preaching · Prayer · Ecumenism · Relation to other religions · Christian movements · Music · Liturgy · Calendar · Symbols · Art · Criticism Christianity Portal | ||||||||
කතෝලික ධර්මයේ මූලික විශ්වාසයන් නයිසීයානු විශ්වාස ලක්ශනයේ දක්නට ලැබේ. කතෝලික සභාව ස්ථාපිත කරනු ලැබුවේ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ විසිනි.[10] තවද කතෝලික සභාව එහි බිශොප්වරුන් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේරිතයන්ගේ අනුප්රාප්තිකයින් වන අතර, පාප් වහන්සේ ජේසුස් ක්‍රිස්තුස් විසින් ප්‍රමුඛත්වය ලබා දුන් ශුද්ධ වූ පේදුරු තුමන්ගේ අනුප්‍රාප්තිකයා වේ.[11] එය ප්‍රේරිතයන් විසින් ඉගැන්වූ මුල් ක්‍රිස්තියානි ඇදහිල්ල ක්‍රියාවට නංවන අතර, ශුද්ධ ලියවිල්ල සහ පූජනීය සම්ප්රදාය(ජීවන සභා සම්ප්රදාය) හරහා ඇදහිල්ල නොවරදින ලෙස ආරක්ෂා කරන අතර, සභා ගුරු අධිකාරීත්වය හරහා නොවරදිනසුලු ලෙස අර්ථකථනය කරයි.
එහි සක්‍රමේන්තු හතෙන්, දිව්‍ය සත්ප්‍රසාදය ප්‍රධාන එක වන අතර, එය දිව්‍ය පූජාවේදී පවත්වනු ලැබේ.[12] කතෝලික සභාව උගන්වන්නේ පියතුමෙකු විසින් කැප කිරීම තුළින් පූජා කරන පූප සහ වයින් ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය හා රුධිරය බවට පත්වන බවයි. කතෝලික සභාව තුළ මරිය තුමිය සදාකාලික කන්‍යාවක්, දෙවියන්ගේ මව සහ ස්වර්ගයේ රැජින ලෙස ගෞරවයට පාත්‍ර වේ. තව ඇය එතෙක් මෙතෙක් හා මතුවටත් පහල වූ ශ්‍රේෂ්ඨතම කාන්තාව ලෙසද ඉහළ ගෞරවයක් ලබා දෙයි.[13]කතෝලික සමාජ ඉගැන්වීම් මගින් දයාවේ ශාරීරික හා අධ්‍යාත්මික ක්‍රියාවන් තුළින් රෝගීන්, දුප්පතුන් සහ පීඩිතයන් සඳහා ස්වේච්ඡා සහයෝගයක් ලබාදීමට ජනතාව මෙහෙයවයි. කතෝලික සභාව ලොව පුරා කතෝලික පාසල්, විශ්ව විද්‍යාල සහ විද්‍යාල, රෝහල් සහ අනාථ නිවාස දහස් ගණනක් ක්‍රියාත්මක කරන අතර ලොව විශාලතම රාජ්‍ය නොවන අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා සපයන්නා වේ.[14] එහි අනෙකුත් සමාජ සේවා අතර බොහෝ පුණ්‍ය සහ මානුෂීය සංවිධාන වේ.
කතෝලික සභාව බටහිර දර්ශනය, සංස්කෘතිය, කලාව, සංගීතය සහ විද්‍යාව කෙරෙහි ගැඹුරින් බලපා ඇත. කතෝලිකයන් ලොව පුරා සක්‍රීයව විවිධ කටයුතු වල නිරත වන අතර, 20 වන සියවසේ සිට, බහුතරයක් දකුණු අර්ධගෝලයේ වාසය කරයි. ක්‍රි.ව. 1054දී මහා සභා භේදයෙන් පසුව පෙරදිග ඕතඩොක්ස් සභාව, කතෝලික සභාවෙන් වෙන් වූ අතර, විශේෂයෙන් පාප්තුමාගේ අධිකාරය ප්‍රතික්ශේප කළේය. ක්‍රි.ව. 431 දී එපීසස් කවුන්සිලයට පසුව පෙරදිග සභාවද(Church of the East), ක්‍රි.ව. 451 දී කැල්සිඩෝන් මන්ත්‍රණ සභාවට පසුව ඔරියන්ටල් ඕර්තඩොක්ස් සභාවද කතෝලික සභාවෙන් වෙන් වී ගියේය. ඒ ජේසුස් වහන්සේගේ ස්වභාවයන් සම්බන්ධයෙන් පැන නැගුන මත භේද නිසාය. ආසන්න වශයෙන් මිලියන 18 ක ඒකාබද්ධ සාමාජිකත්වයක් ඇති පෙරදිග කතෝලික සභාව නියෝජනය කරන්නේ, විවිධ ඓතිහාසික තත්වයන් මගින් මෙම භේදයන් අතරතුර හෝ පසුව පාප් වහන්සේගේ අධිකාරීත්වය පිළිගන්නා පෙරදිග කිතුනුවන්ය. 16 වන ශතවර්ෂයේදී, ප්‍රතිසංස්කරණය මගින්ද තවත් කොටසක් කතෝලික සභාවෙන් වෙන්ව ස්වාධීන සභාවන් ආරම්භ කරගත්තේය.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.