![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6b/Colosseum-Entrance_LII.jpg/640px-Colosseum-Entrance_LII.jpg&w=640&q=50)
රෝමානු සංඛ්‍යා
From Wikipedia, the free encyclopedia
පුරාතන රෝමයේ භාවිතා කෙරුණු සංඛ්‍යා ක්‍රමය වූ රෝමානු සංඛ්‍යා යනු, අගයයන් විදහා පෑමට ලතින් හෝඩියේ අකුරු වල සංයෝජනයන් භාවිතා කල ක්රමයකි. . 1 සිට 10 දක්වා සංඛ්‍යා, රෝමානු සංඛ්‍යා විසින් දක්වන්නේ පහත ලෙසිනි:
- I, II, III, IV, V, VI, VII, VIII, IX, X.
![Thumb image](http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/6b/Colosseum-Entrance_LII.jpg/640px-Colosseum-Entrance_LII.jpg)
රෝමානු සංඛ්‍යා ක්‍රමය, එට්රස්කානු සංඛ්‍යා වලට ඥාතිත්වයක් දක්වයි. රෝමානු අධිරාජ්‍යයෙහි අභාවයෙන් පසුව වුද රෝමානු සංඛ්‍යා භාවිතය දිගටම පැවතිණි. 14වන සියවසෙන් පසුව, රෝමානු සංඛ්‍යා වෙනුවට, වඩාත් පහසු හින්දු-අරාබි සංඛ්‍යා ආදේශ වීම ඇරඹිණි; කෙසේවෙතත් මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිදුවූවක් වූ අතර, වර්තමානයේ වුවද සමහරක් සුළු නියැලුම්හී රෝමානු සංඛ්‍යා භාවිතය දක්නට ලැබේ.