From Wikipedia, the free encyclopedia
වික්‍රමර්කුඩු යනු එස්. එස්. රාජමෞලි විසින් අධ්‍යක්ෂණය කරන ලද 2006 තෙලිඟු ක්‍රියාදාම චිත්‍රපටයකි.[2] මෙහි ප්‍රධාන චරිත නිරූපණයකරන ලද්දේ රවී තේජා, අනුෂ්කා ෂෙට්ටි සහ විනීත් කුමාර් විසිනි. මිලියන 110ක පිරිවැයක් දරා නිපදවූ මෙය 2006 ජූනි 23 දින ලොවපුරා මුදාහැරිණි.[1] මෙම චිත්‍රපටය ඉන්දියාවේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේ දී මුඛ්‍යධාරා අංශයෙන් ප්‍රදර්ශනය කෙරිණි.[3] පසුව මෙම චිත්‍රපටය දෙමළ බසින් සිරුතෛ ලෙස ද, කන්නඩ බසින් වීර මදාකාරි ලෙසත්, හින්දි බසින් රෞඩි රතෝර් ලෙසත්, ඉන්දියානු බෙංගාලි බසින් බික්රම් සිංහා: ද ලයන් ඊස් බැක්, සහ බංගලාදේශ බෙංගාලි බසින් උල්තා පල්තා 69 සහ ඇක්ෂන් ජැස්මින් ලෙස දෙවරක් ප්‍රතිනිර්මාණය විය.[4]
වික්‍රමර්කුඩු | |
---|---|
අධ්‍යක්ෂණය | එස්. එස්. රාජමෞලි |
රචනය |
|
නිශ්පාදනය | එම්. එල්. කුමාර් චෞධරි |
රංගන ශිල්පීන් |
|
සිනෙමාරූපණය | සර්වේශ් මුරාරි |
සංස්කරණය | කෝටගිරි වෙන්කටේස්වරා රාඕ |
සංගීතය | එම්. එම්. කීරවානි |
බෙදාහැරීම | ශ්‍රී කීර්ති ක්‍රියේෂන්ස් |
නිකුත්වූ දිනය | 2006 ජූනි 23 |
තිර කාලය | මිනිත්තු 161 |
රට | ඉන්දියාව |
භාෂාව | තෙලිඟු |
පිරිවැය | මිලියන 110[1] |
හයිදරාබාදයේ ආධුනික සොරකු වන ආතිලි සති බාබු (රවී තේජා) භයානක දෑ සිදුකිරීමට ප්‍රියතාවක් දක්වයි. ඔහු විවාහ මංගලෝත්සවයකට සහභාගී වීමට හයිදරාබාදයට පැමිණ සිටින නීරාජා (අනුෂ්කා ෂෙට්ටි) හට පෙම් කරයි. ඇගේ හදවත කෙසේ හෝ ඩැහැගන්නා සති බාබු ඇය ද ඔහු කෙරෙහි පෙම් කිරීමට පොළඹවයි. තමන් සොරකු බව පවසන සති බාබු, සදහටම අපරාධ කටයුතු අත්හරින බවට ඇයට පොරොන්දු වේ. නමුත් එයට පෙර අවසන් වතාවට පුද්ගලයකු රවටා විශාල මුදලක් වංචා කිරීමට ඔහු තීරණය කරන්නේ සිය මිතුරු දුව්වා (බ්‍රහ්මානන්දම්) සමගිනි. බස් නැවතුමක සිටින කාන්තාවක දකින් ඔහු ඇගේ ට්‍රන්ක පෙට්ටිය පැහැරගෙන පළා යයි. නමුත් එම ට්‍රන්ක පෙට්ටිය තුළ මුදල් වෙනුවට සිටිනුයේ නේහා (බේබි නේහා) නම් කුඩා දැරියකි. එම දැරිය සිතන්නේ සති බාබු ඇගේ පියා කියා ය. සිදුවන දෙය පිළිබඳ කලබල වන ඔහුට නේහා තමන් අසලම තබාගැනීමට සිදුවන්නේ පොලිස් නිලධාරී ඉන්ස්පෙක්ටර් මහාන්ති (රජීව් කණකාලා) ඔහු දෙස ඇස ගසා සිටින බැවිනි.
ඔහු නේහාව නීරාජාගෙන් සඟවා තබාගැනීමට තැත් කළ ද, නීරාජා මේ පිළිබඳ දැනගනියි. කෝපයට පත් නීරාජා සති බාබුව හැරයන්නේ ඔහුව පීඩාවට පත් කරමිනි. මඳ වේලාවකින් නාඳුනන මැර පිරිසක් ඔහුට පහර දී ඇත්තේ ඔහු සහකාර පොලිස් කොමසාරිස් වික්‍රම් සිං රථෝද් (රවී තේජා විසින්ම) හෙවත් නේහාගේ සැබෑ පියා යැයි සිතායි. රථෝද්ගේ පෙනුම සති බාබුට බෙහෙවින්ම සමාන බැවින් සියලු දෙනා විමතියට පත්වේ. නේහා ද රැගෙන ආරක්ෂිතව පලායන්නට නාඳුනන බොහෝ දෙනකුගේ සහාය සති බාබුට ලැබේ. නමුත් ඔහුව මැරයන් විසින් වටකරනු ලබයි. කෙසේ හෝ එතැනට පැමිණෙන රථෝද් එම මැරයන් සියලු දෙනාම මරාදමා ඔවුන්ව බේරාගන්නා නමුත්, තුවාල හේතුවෙන් ඔහු ද මියයයි.
සහකාර පොලිස් පරීක්ෂකගේ සහායක පොලිස් නිලධාරීහු මෙම සම්පූර්ණ සසිදුවීම සති බාබුට හෙළිකරති. මධ්‍ය ප්‍රදේශ්හි, දේව්ගාර්හි චම්බාල් ගම්මානයේ දූෂිත M. L. A. බාවුජී (විනීත් කුමාර්) සිය අපරාධවලින් නගරය ගිලගනියි. දූෂිත දේශපාලනය, නීතිවිරෝධී ක්‍රියා, අපරාධ, ස්ත්‍රී දූෂණ සහ මුදල් ශෝධනය හේතුවෙන් නගරය පරිහානියට පත්වේ. ඔහුගේ පුත් මුන්නා (අමිත් කුමාර් තිවාරි) ස්ත්රීන්ට අතවර කරන අතර, ඔහු පොලිස් නිලධාරීන්ගේ භාර්යාවන්ව ද දූෂණය කළේ ය. රථෝද් ක්ෂණිකව ඔහුව සිරගත කොට ඔහුට මානසික විකෘතියක් ඇතැයි පවසයි. නිලධාරීන්ගේ ඇඳුම් ගලවමින් මුන්නා පොලීසියට අපහාස කරයි. නමුත් රථෝද් නින්දාවට පත් නිලධාරියකුගේ ඉණ පටියක් ගෙන ඉන් ගසක එල්ලා මුන්නාව මරාදමයි. බාවුජීගේ සොහොයුරා වන ටිට්ලා (අජයි) දුස්සේරාහි දී රථෝද්ට පහර දෙයි. ඔහු රථෝද්ට පිහියෙන් ඇන හිසට වෙඩි තබන්නේ කුඩා රදුවකුව බේරාගැනීමට තැත්කරන විටදී ය. ඔහු මියගියේ යැයි ඔවුහු සිතති. නමුත් ඔහු ජීවත්වන අතර මොළයට හානි වී ඇත. මොළයට හානිවීමේ අතුරු ආබාධ ක්‍රමයෙන් පහව යයි.
අනතුරුව සති බාබු නේහාව හදාවඩා ගනියි. නේහා සිය පියා මියගිය බැව් නොදනියි. අනුතරුව සති බාබු දේව්ගාර් වෙත පැමිණෙන්නේ බාවුජි සමග ගනුදෙනුව විසඳා ගැනීමටයි. දුව්වා නීරාජාට සත්‍යය හෙළිකරන අතර, ඇය සති බාබුට සමාව දෙයි. මැරයකු වන සති බාබු සිය උපායයන් මගින් බාවුජිව රවටයි. MLAගේ මත්පැන් කර්මාන්ත ශාලාව ගිනිතබන ඔහු, ආහාර ගබඩාව කොල්ලකෑමට ගම්වැසියන්ව පොළඹවයි. එහි දී සටනක් ඇතිවන අතර, ඔහු බාවුජීගේ සියලු මිනිසුන්ව පරාජය කරයි. අවසානයේ, වැල් පාලමක් මත දී ඔහු ටිට්ලා සමග සටන් කරයි. සති බාබු ලණුව කපාදමන අතර, ඉන් ඇදවැටෙන ටිට්ලා මරණයට පත්වේ. සිත බාබු නීරාජා සමග විවාහ වන අතර, ඔවුහු නේහා සහ දුව්වා සමග නව දිවියක් අරඹති.
මෙහි රූගත කිරීම්වලට ගල් වළක සේවක පිරිසකගෙන් බාධා වූයේ ඔවුන් චිත්‍රපට කණ්ඩායමට ගල්වලින් පහර දී උපකරණ බොහෝමයට හානි කිරීම නිසායි. මෙහි දී අධ්‍යක්ෂක රාජමෞලි ඇතුළු ඇතැම් සාමාජිකයින්ට තුවාල ද සිදු විය. ගල් වළේ කළමනාකරු විසින් මෙහි ඇතැම් දර්ශන රූගත කිරීම සඳහා එහි සේවකයිනට සිය වැඩ කටයුතු නවත්වා එම ප්‍රදේශයෙන් ඉවත්ව යන ලෙස දන්වා තිබිණි. මේ හේතුවෙන් සේවකයින් සහ කළමනාකරු අතර ගැටුමක් ඇතිවූ අතර, එහි ප්‍රතිඵලය වූයේ චිත්‍රපට කණ්ඩායමට සේවකයින් විසින් ගල්වලින් දමා ගැසීමයි. මේ නිසා චිත්‍රපට කණ්ඩායම පවා සිය වාහනවල නැගී ප්‍රදේශයෙන් ඉවත්ව ගියහ. තුවාල වූ සාමාජිකයන්ව ඇපලෝ රෝහල වෙත ඇතුළත් කෙරිණි. අධ්යක්ෂ රාජමෞලිගේ අතෙහි සුළු බිඳීම් ඇති විය. ගල් වළේ සේවකයිනට සහ එහි හිමිකරුට එරෙහිව චෝදනාව්ක ගොනු කෙරිණි.[5][6]
විචාරකයන් වෙතින් මෙය යහපත් ප්‍රතිචාර ලැබී ය. අයිඩ්ල්බ්රේන් රචනා කොට තිබුණේ: "සමස්තයක් ලෙස, වික්‍රමර්කුඩු යනු රාජමෞලිගේ ඉස්තාලයේ තවත් පෙරදක්නා බ්ලොක්බස්ටරයකි ".[7] ටෝටල්ටොලිවුඩ් රචනා කොට තිබුණේ: "චිත්‍රපටයේ පළමු අර්ධය පූර්ණ විනෝදාස්වාද ස්වරූපයෙන් යයි. දෙවන අර්ධය ක්‍රියාදාම කොටස්වලින් යුතු වුව ද, විනෝදාස්වාදය එලෙසම රඳවාගෙන ඇත."[8] සයිෆි රචනාකොට ඇත්තේ: "සමස්තයක් ලෙස, වික්‍රමර්කුඩු යනු මසාලා විනෝදාස්වාදකයකි".[9] නව්රනිං රචනා කොට ඇත්තේ: "වික්‍රමර්කුඩු නරඹීම මඟ අයිනේ අත් කරත්තයක හිඳ මීර්දි භාජ්ජි පිඟානක් ආහාරයට ගන්නවා වැනි ය".[10] Fullhyd රචනා කොට තිබුණේ: "වික්‍රමර්කුඩු පිසීමේ දී සුවඳ නැගෙන නමුත්, අවසානයේ දී එලෙසම රස නොදැනෙන ආහාර බඳුනක් වැනි ය. මෙම චිත්‍රපටය අප්‍රමාදීව කථාව එහි උච්චස්ථානය වෙත ගොඩනංවන්නේ ඔබගේ ඇඩ්රිනලින් පොම්ප කරමිනි. නමුත් එතැන් සිට එය කෙසේ මෙහෙයවිය යුතුදැයි නොදන්නා බැව් පෙනේ".[11] Cinegoer රචනා කොට ඇත්තේ: "එක් දෙයක් නම් වික්‍රමර්කුඩු කිසිදින ඔබව කම්මැලිකමට පත් නොකරයි. එය ඔබව ගම් ගා තිරයට අලවා තබා ගනියි. හැමවිටම සිදුවීම් ගණනාවක් සිදුවන අතර, කථාව ද ක්ෂණිකව ගලා යයි".[12]
මෙම චිත්‍රපටය සහ එහි විවිධ හඬකැවූ ප්‍රභේද මිලියන 260ක සමස්ත ආදායමක් උපයාගත්තේ ය.[13] එය මධ්‍යස්ථාන 54ක දින 100 සම්පූර්ණ කළේ ය.[14]
මෙම චිත්‍රපටය මලයාලම්, හින්දි, සහ භෝජ්පූරි භාෂාවලින් හඬකවා පිළිවෙලින් වික්රමාතිත්යා, ප්රතිඝත්, සහ වික්‍රම් සිං රථෝද් IPS ලෙස ප්‍රදර්ශනය කෙරිණි. මෙය බංග්ලා බසින් උල්තා පල්තා 69 ලෙසත්, කන්නඩ බසින් වීර මදාකාරි සහ දෙමළ බසින් සිරුතෛ ලෙසත් ප්‍රතිනිර්මාණය විය. ප්‍රභූ දේවා විසින් නිෂ්පාදනය කළ මෙහි හින්දි ප්‍රතිනිර්මාණය වූ රෞඩි රතෝර් සාර්ථක ලෙසින් තිරගත වූ අතර, එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ අක්ෂේ කුමාර් සහ සොනාක්ෂි සිංහා විසිනි. මෙය බෙංගාලි බසින් බික්රම් සිංහා: ද ලයන් ඊස් බැක්[15] ලෙස ප්‍රතිනිර්මාණය වූ අතර, එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ ප්රොසේන්ජිත් චැටර්ජී සහ රිචා ගංගෝපාධ්‍යායි විසිනි.[16][17] 2015දී ධලිවුඩ් අධ්‍යක්ෂක ඉෆ්තකාර් චෞධරි මෙම චිත්‍රපටයේ කාන්තා ප්‍රභේදයක් ඇක්ෂන් ජැස්මින් ලෙසින් නිර්මාණය කිරීමෙහි යෙදුණේ බොබී සහ සයිමොන් සාදික් ප්‍රධාන චරිත ලෙස යොදාගෙනයි.
වික්‍රමර්කුඩු (2006) (තෙලිඟු) | උල්තා පල්තා 69 (2007) (බෙංගාලි) | වීර මදාකාරි (2009) (කන්නඩ) | සිරුතෛ (2011) (දෙමළ) | බික්රම් සිංහා (2012) (බෙංගාලි) | රෞඩි රතෝර් (2012) (හින්දි) | ඇක්ෂන් ජැස්මින් (2015) (බෙංගාලි) | ඔෆිසර් විලායත් TBA (උර්දු භාෂාව) |
රවී තේජා | මන්නා | සුදීප් | කාර්ති | පොසේන්ජිත් චැටර්ජී | අක්ෂේ කුමාර් | බොබී | විලායත් හුසේන් |
අනුෂ්කා ෂෙට්ටි | පූර්ණිමා | රාගිනී ද්වීවේදි | තමන්නා | රිචා ගංගෝපාධ්‍යායි | සොනාක්ෂි සිංහා | මහ්රුඛ් සුබයිර් | |
ජ්‍යෝතිකා | එරින් | දිව්‍යා ස්පන්දනා | භූමිකා චෞලා | ඕෂ්මි | පූජා රාවල් | සයිමොන් සාදික් |
Untitled |
---|
වික්රමර්කුඩුහි ධ්වනිය මැයි 31 රාත්‍රියේ හයිටෙක් සිටි අසල ගොඩනැගූ පසුතලයක විශේෂ උත්සවයක දී මුදාහැරිණි. කේ. රාඝවේන්ද්‍ර රාඕ විසින් ධ්වනිය දියත් කළ අතර, පළමු ඒකකය යූ. වී. එස්. චෞධරිට ලබාදෙන ලදී. රමේශ් ප්‍රසාද්, බී. ගෝපාල් සම ගුණ්නාම් ගංගරාජු මෙහි දී ආරාධිත අමුත්තන් ලෙස සහභාගී වූහ. මෙහි දී සහභාගී වූ කණ්ඩායම් සාමාජිකයන් අතරට එම්. එල්. කුමාර් චෞධරි, රවී තේජා, රාජමෞලි, අනුෂ්කා, කීරවානි, විජයේන්ද්‍ර ප්‍රසාද්, බ්‍රහ්මානන්දම්, පද රචක දනයියා, රජීවී කණකාලා, අජයි, රාමා රාජමෞලි, රවීන්ද්‍ර, සර්වේශ් මුරාරි, රාම් ලක්ෂ්මණ්, එම්. රත්නම්, කෝටගිරි වෙන්කටේස්වරා රාඕ සහ සුරේෂ් බුජ්ජි ඇතුළත් විය. සුමා විසින් මෙම උත්සවය මෙහෙයවූ අතර, ආදිත්‍යා මියුසික් විසින් ශ්‍රව්‍ය අයිතීන් මිලදී ගන්නා ලදී.[18]
මෙහි ධ්වනිපථය මහජනයා මෙන්ම විචාරකයන් වෙතින් ද ඉතා යහපත් ප්‍රතිචාර හිමි කරගත්තේ ය. මෙහි එන "කොලේජ් පපාලා" (චින්ටා ටා චිටා චිටා ලෙස වඩාත් ප්‍රකට ය) ගීතය සජීඩ්-වජීඩ් විසින් මෙහි හින්දි ප්‍රතිනිර්මාණය වූ රෞඩි රතෝර් සඳහා භාවිතයට ගන්නා ලදී.
පථ ලැයිස්තුව
අංකය. | ගීතය | ගී පදවැල | ගායක(යින්) | කාලය |
---|---|---|---|---|
1. | "ඩමරේ ඩම්මා" | චන්ද්‍රබෝස් | ටිප්පු, කේ. එස්. චිත්‍රා, විජ්ජි | |
2. | "ජුම් ජුම් මායා" | එම්. එම්. කීරවානි | එම්. එම්. කීරවානි සහ සුනීතා | |
3. | "කොලේජ් පාපලා" | රාමජෝගයියා සාස්ත්‍රි | ජැසී ගිෆ්ට්, කේ. එස්. චිත්‍රා | 5.06 |
4. | "වාස්තවා වාස්තවා" | චන්ද්‍රබෝස් | අනුරාධා ශ්‍රීරාම් | |
5. | "දූරංගා" | එම්. එම්. කීරවානි | එම්. එම්. කීරවානි, ගංගා | |
6. | "ජෝ ලාලි" | එම්. එම්. කීරවානි | මාලවිකා |
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.