වෘත්තය
From Wikipedia, the free encyclopedia
යුක්ලීඩියානු ජ්‍යාමිතියට අනුව වෘත්තයක් යනු දෙන ලද ලක්ෂ්‍යයක් වටා (අරය නමින් හඳුන්වන) නියත දුරකින් තලයක් මත පිහිටන සියලු ලක්ෂ්‍යයන් ගෙන් සමන්විත කුලකයයි.
වෘත්තයක්, සරල සංවෘත වක්‍ර හැඩයකි. වෘත්තයක පරිධිය යනු එහි පරිමිතියයි, (වටේ දිග). වෘත්ත චාපයක් යනු වෘත්තයක ඕනෑම අඛණ්ඩ කොටසකි.
වෘත්තයක් යනු නාභි දෙකම එක මත පිහිටන ඉලිප්සයක් ලෙසද හැඳින්විය හැක. සෘජුකෝණී කේතුවක් පාදමට සමාන්තර (හෝ අක්ෂයට ලම්භක) තලයක් ඔස්සේ ඡේදනය කල විට ලැබෙන්නේද වෘත්තයකි.