ශක්තී ධර්මය
From Wikipedia, the free encyclopedia
ශක්ති ධර්මය යනු ආදි පරාශක්ති දේවිය පූර්ණ පරබ්රහ්මන් ලෙසින් පිළිගන්නා හින්දු උප ලබ්ධියයි. පරම දෙවිඳුන් මාතෘත්වයෙන් දැකීම සහ වන්දනා කිරිම මෙහි මූලික සිදු වේ.
නැගෙනහිර ඉන්දියාවේ එනම් බෙංගාලය, ඇසෑමය වැනි ප්‍රදේශ වල ශක්ති වාදය බහුලව පවති. ආදි ශක්තිය නැතහොත් පරා ශක්තිය විශ්වයේ සියලූ යාම් ඊම් වල ගැබ්වන අභ්‍යන්තර ශක්තිය ලෙසින් ශක්තිවාදි හින්දූන් විශ්වාස කරයි. පරා ශක්තියේ ප්‍රධාන ස්වරූපයන් ලෙස භුවනේශ්වරී සහ සරස්වතී, ලක්ෂ්මී,දුර්ගා,රාධා සහ සාවිත්‍රී යන දෙවඟනන් දැක්වේ. දේවි භාගවත පුරාණයට අනුකූලව ත්‍රිමූර්තිය එනම් බ්‍රහ්ම,විෂ්ණු සහ ශිව දෙවියන්ගේ මාතාවද ආදි ශක්තිය යි.